(නිමල් ජයරත්න)
වාලච්චේන උත්තුචෙනයි කනිෂ්ඨ විද්‍යාලයේ සිසුනට ලබාදුන් ආහාර විෂ වී එම විද්‍යාලයේ සිසුන් 64 දෙනකු අසාධ්‍ය තත්වයෙන් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය කියයි.
සිද්ධිය වූ අද දින විද්‍යාලයේ සිසුන් හැට හතර දෙනකු පාසල් පැමිණ ඇති අතර ඔවුන් සඳහා දහවල් ආහාරය ලෙස ලබාදී ඇත්තේ බත් සමග සෝයාමීට් බවත්, ඉන්පසු එම සිසුන්ට වමනය කලන්තය රෝග ලක්ෂණ මතු වීමත් සමග එම සිසුන් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව විදුහල්පති රාජ් කුමාර මහතා අප කළ විමසීමකදී පැවසීය.
එම විද්‍යාලයේ 1 වසරේ සිට 11 වසර දක්වා 65 දෙනකු සිසුන් අධ්‍යාපනය ලබන අතර ආහාර විෂ වීමෙන් සිසුන් සියලු දෙනා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා අප කළ විමසීමකදි පැවසීය
රෝහලට ඇතුලත් කරන ලද සිසුන්ගේ තත්ත්වය සාමාන්‍ය බවත් එක් සිසුවකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් සෙසු සිසුන් වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආහාර විෂ වී වැලිකන්දේ පාසලක සිසුන් රෝහලට