(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක සතුටු දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ආසියාවේ අඩුවෙන්ම සතුටින් සිටින රට ශ්‍රී ලංකාවේ පසුගිය ශ්‍රේණිගත කිරීමේ 133 වැනි ස්ථානය හිමි කරගෙන සිටි ශ්‍රී ලංකාව මෙවර ශ්‍රේණිගත කිරීමේදී ස්ථානයක් පහළට ගමන් කරමින් 134 වැනි ස්ථානය හිමි කරගෙන ඇත.
ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු සංඛ්‍යාව 10න් 4කි.
ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට ස්ථානයක් ඉහළින් සැමීබියාව සිටින අතර ස්ථානයක් පහළින් ඉතියෝපියාව සිටි.
එහිදී මියන්මාරයට 129, බංගලාදේශයට 127, ඉන්දියාවට 116, පාකිස්තානයට 104, නේපාලයට 99 සහ ජපානය ට 61 වැනි ස්ථානය හිමිව ඇත.
ආසියාවේ සතුටින්ම සිටින රට තායිවානය වන අතර තායිවානයට ශ්‍රේණිගත කිරීමේ 26 වෙනි ස්ථානය හිමිව තිබේ.
ලොව සතුටින්ම සිටින රට ෆින්ලන්තය වන අතර ශ්‍රේණිගත කිරීමේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් අයිස්ලන්තයට සහ ඩෙන්මාර්කයට හිමිව ඇත.
කරුණු හයක් මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරන අතර එම කරුණු අතර ඒක පුද්ගල ආදායම, ආයු අපේක්ෂාව, නිදහස, දූෂණයෙන් තොර බව සහ ත්‍යාගශීලී බව තිබේ.
රටවල් එකසිය හතලිස් හතක් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත්වන අතර අද(20) ට යෙදී තිබෙන ලෝක සතුටු දිනය වෙනුවෙන් සෑම වසරකම නිකුත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා, අනුරයියා ආවාම සතුට අඩුම රටවෙලා. ලැබූ ජය සාමකාමීව සමරමු...!
මේ ගෞරවය 76 වසරක දිගු ගමනක්. මෙහෙම විශාල දියුණුවක් වසරකින් දෙකකින් ලබන්න බෑ. කලින් හිටපු අය හැමෝම කැපවෙලා වැඩකෙරුවා.
සතුටින් ඉන්නේ කොහොමද ගම්මන්පිල /වීරවංශ වගේ අය ඉන්නකන්...
හරියටම හරි... ඔය ගානට හරි සතුටින් ඉන්න එක ලොකු දෙයක්. මොකද අපේ සතුට අපි විසින්ම විනාශ කරගෙන... අල්ලපු ගෙදරට වොෂින් මැෂින් එකක්, කාර්, බයික්, ටීවී, බෙලෙන්ඩර්, බල්ලෙක් , පාටියක්, මොනවා කරත් අනිත් ගෙවල්වල අයත් ණයවෙලා හරි අරගන්නවා. ඊට වැඩිය ඉහළ දෙයක් කරනවා. හොදට හොයලා බලන්න අන්තිමට ගෙදර ස්වාමියාට සුපර්, ප්‍රෂර්, අන්තිමට හාර්ට්ඇටෑක් බිරිඳගේ පදෙට නටලා අන්තිමට ගෑනි මිනිහා ළගට එන්නේ නෑ නිදාගන්න. අන්තිමට නවතින්නේ ප්‍රයිවට් චැනල් කාරයෝ ළගයි දෙවියෝ ළගයි...
ආසියාවේ ආස්චර්ය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලයට ආපු දූෂිත දේශපාලුවෝ ඔවුන්ගේ උන්ව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා, ජනතාවගේ රිරී මාන්ස හූරාගෙන කාලා සුවසේ සැපසේ ජීවත් වෙනවා. ජනතාවට සතුටක් තියෙයිද?
සතුට බදු මාරයා ගිලගෙන.... වැඩ කරන ජනතාව ගිනිගොඩේ. නිකමුන් සැණකෙළියේ...