(ටී.කේ.ජී.කපිල )

මැලේසියාවේ පැවති 02 ආසියානූ පැරා ත්‍රෝබෝල් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම , එහි අනූශූරතාවය දිනා ගෙන පෙර දින රාත්‍රී දිවයිනට පැමිණියහ .

මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල් 06 ක සහභාගීත්වයෙන්  මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පවත්විණි .

මෙම ශ්‍රී ලංකා පැරා ත්‍රෝබෝල් කණ්ඩායම වසර එකහමාරක කාළය තුළ ලබා ගත් දෙවන ජාත්‍යාන්තර ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයකි .