
(විමුක්ති එස් රුද්‍රිගු)
‘‘දිට්වා‘‘ සුළි කුණාටුවෙන් පීඩාවට පත් මෙරට ජනතාවට අවශ්‍ය සහාය ලබාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් ප්‍රදානය කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
එසේම තායිලන්තයට ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් සහ වියට්නාමය ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව ප්‍රදානය කරන බව ඔහු පැවැසුවේය.
ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය එරට ඇතිවූ ආපදාවන්ට සහාය වන ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම මුදල් නිදහස් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
ආපදාවන්ට ලක්වූවන්ගේ ජීවිත බේරාගැනීමට සහ ප්‍රජාවන් නැවත ගොඩ නැගීමට ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය හිමිවන බව සභාපතිවරයා පැවැසුවේය.
ආසියා පැසිෆික් ආපදා ප්‍රතිචාර අරමුදලෙන් මෙම මුදල් නිදහස් කෙරෙනු ඇති බවත් ආපදාවන්ට ලක්වූවන්ට අවශ්‍ය හදිසි සහාය සැපයීමට මෙම මූල්‍ය සහාය උපකාරී වනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 21
328
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
356
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1293
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන තුනක්