රටවල් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩාංගයේදී හෙට (31) ආරම්භ වේ. තරගාවලිය අපේ‍්‍රල් මස 6 වැනිදා අවසන් වීමට නියමිතය.
තරගාවලිය ආරම්භ කරමින් කසකස්තානය සහ තායිලන්තය අතර තරගය හෙට පස්වරු 2.00 ට අරම්භ වේ. සත්කාරක ශ්‍රී ලංකා පිල සහ චීන තායිපේ පිල අතර තරගය හෙට (31) පස්වරු 4.00 සිට හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
යෝෂිත රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමින් සිටියි. තායිලන්ත සහ චීන තායිපේ යන කණ්ඩායම් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ පුහුණුවීම් ආරම්භ කර ඇති අතර කසකස්තාන් පිල ඊයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටියේය.
නොමිලයේ තරග නැරඹීම සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය ප‍්‍රවේශපත් මේ වන විටත් පාසල්වලට යොමු කර ඇති බවත් ප‍්‍රවේශපත් නොලැබුණු පාසල් සිසුන්ට ක‍්‍රීඩාංගණයට පැමිණිමෙන් එය ලබාගත හැකි බවත් තරගාවලියේ උපදේශක ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා පැවසීය.
මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන අන්තර්ජාතික රග්බි සම්මේලනයේ III කොටසේ පුහුණුකරු සහ විනිසුරු වැඩසහන් මේ වන විට ආරම්භ වී තිබේ.
පාසල් ක‍්‍රීඩකයන් 6200 ක් පුහුණු කිරීමේ වැඩසටහන අද (30) පානදුරේදී ආරම්භ වේ. එය කළුතර, කොළඹ, ගාල්ල, ත‍්‍රිකුණාමලය, යාපනය, අනුරාධපුරය, රුවන්වැල්ල, ඇඹිලිපිටිය, නාවලපිටිය සහ ගම්පහ යන ප‍්‍රාදේශ කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
35
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය හෙට සිට කොළඹදී
සිල්වා Saturday, 30 March 2013 02:57 PM
සැපපහසුව කෑකෝ ගහලා ක්‍රීඩාවක් නරඹන්න ඕනෑ නම් තරග තියන්න ඕනෑ කොළඹ (නි)