ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අද (16) සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන 07 වැනි ආසියානු පාසල් කේවල චෙස් ශූරතා තරගාවලිය සඳහා 9 න් පහළ වයස් කාණ්ඩයේ නිල කී‍්‍රඩිකාව ලෙස මීගමුව ආවේමරියා බාලිකා විදුහලේ (කන්‍යාරාමය) රොසෙල් නතාෂා සහභාගිවීමට නියමිතය.
ඇය මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මෙහෙයවූ දිස්ති‍්‍රක් හා සමස්ත ලංකා චෙස් ශූරතාවක් ලබා ගැනීමෙන් පසුවයි. නතාෂා 2009 වසරේදී 7 න් පහළ ආසියානු පාසල් චෙස් තරගාවලි දෙකකට සහභාගිවී අනුශූරතාව හා කණ්ඩායම් රන් පදක්කමද 2010 වසරේදී හයවැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී කණ්ඩායම් ලෝකඩ පදක්කමද හිමිකරගෙන තිබේ.
ඊට අමතරව ඇස්කි මෙරට පැවති චෙස් තරගමාලා රැසකට සහභාගිවී රන්, රිදී හා ලෝකඩ පදක්කම් රැසක්ද දිනාගෙන ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට ලෝකයේ බබලවන්නට ඔබට ශක්තිය ලැබේවා..