IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආසියානු තරගාවලියට යන්න නිලූකට කාලය මදිවෙයි

ආසියානු තරගාවලියට යන්න නිලූකට කාලය මදිවෙයි චීනයේදී අද (17) ආරම්භවන ආසියානු බැඞ්මින්ටන් ශූරතාවලියට සහභාගි වීමට අවශ්‍ය තරම් කාලය නොමැති වීම නිසා නිලූක කරුණාරත්න එම තරගාවලියට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. නිලූක සහ තිළිණි ජයසිංහ මෙම තරගාවලියට සහභාගිවීමට සිටියහ. ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට මේ වන විටත් සුදුසුකම් ලබා සිටින නිලූක, නෙදර්ලන්ත තරග සංචාරය නිමවා අද (17 වැනිදා) යළිත් දිවයිනට පැමිණීමට නියමිත බැවින් ආසියානු කුසලන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ම`ගහැරී යයි. ඔලිම්පික් පරිසාධන මට්ටම අනුව ඉදිරියෙන්ම සිටින කී‍්‍රඩකයන් 38 දෙනා ඔලිම්පික් තරගාවලියට තෝරා ගන්නා අතර නිලූක මේ වන විට පරිසාධන මට්ටම පසුකළ කී‍්‍රඩකයන් අතරේ 25 වැනි ස්ථානය ලබා සිටී. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විට 51 වැනි ස්ථානයේ සිටින නිලූකට ඉදිරියේදී සිය ශ්‍රේණිගත ස්ථානය තවත් ඉදිරියට ගෙනයා හැකිවනු ඇතැයි වාර්තා වේ. බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ ක‍්‍රීඩිකාවන් අතර 107 වැනි ස්ථානයේ පසුවන ජාතික බැඞ්මින්ටන් ශූරියක වන තිළිණි ජයසිංහට ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ තවත් අවස්ථාවක් ලෙස ආසියානු තරගාවලිය හැඳින්විය හැකිය. තිළිණි සමග නදීෂා ගයන්ති ආසියානු තරගාවලියට සහභාගිවෙති.   ආසියානු බැඞ්මින්ටන් ශූරතාවලිය අද (17) සිට 22 වැනිදා දක්වා චීනයේ කුයින්ඩෝ ගෘහස්ථ ක‍්‍රීඩා සංකිර්ණයේදී පැවැත්වේ. සත්කාරක චීනය, මැලේසියාව, ජපානය ඇතුළු ආසියානු රටවල් බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් පසුවන නිසා බැඞ්මින්ටන් ක‍්‍රීඩාවේ ප‍්‍රධානතම තරගාවලියක් ලෙස මෙය සැලකේ.



අදහස් (0)

ආසියානු තරගාවලියට යන්න නිලූකට කාලය මදිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site