මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයුම් මහතා දෙදින නිල සංචාරයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් දිවයිනට පැමිණියේය.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකින් මෙහි පැමිණි මාල දිවයින් ජනාධිපතිවරයාව ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ රතු පලස මතදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා විසින් ඔහු පිළිගත්තේය.
ආසියානු රටවල දේශපාලන පක්ෂ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා මාල දිවයින් ජනාධිපතිවරයා මෙහි පැමිණ ඇත.
හෙට කොළඹ නෙළුම් පොකුණේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වීම සඳහා රටවල් 32 ක දේශපාලන පක්ෂ සාමාජිකයෝ මෙරටට පැමිණීමට නියමිතය. සමුළුව සැප්තැම්බර් 20 වෙනිදා තෙක් පැවැත්වේ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලදිවයිනේ සිට මත්තලින් පැමිණීම පහසු නැද්ද? (නි)
මාලදිවයිනේ ඔක්කොම වගේ කට්ටිය නැවතිලා ඉන්නේ කොළඹ නිසා බලන්නත් එක්ක එන්න ඇති (නි)