ජාත්‍යන්තර වෙසක් දිනය නිමිත්තෙන් පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී විශේෂ දහම් වැඩ සටහන් ඇතුළත් වෙසක් උත්සවයක් හා වියට්නාමය, මොංගෝලියාව, චීනය, බංගලිදේශය, ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, තායිලන්තය හා ශ්‍රී ලංකාවේ ජාතික සංස්කෘතිය සංදර්ශනයක් පැරිසියේ දී පැවැත්විණි.
එක් එක් ජාතීන්ට ආවේනික නර්තන හා ගායන වැඩසටහන් එදින සංදර්ශනය ආලෝකමත් කළේය.
ශිරන්ති රාජපක්ෂ ජනාධිපති ආර්යාව, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති හඟවත්ත උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝ වූහ.
තායිලන්තයේ වැඩ වසන බෝදාගම චන්දිම හිමියන්ගේ අනුශාසනාව මත සංවිධානය වූ එම වෙසක් උත්සවය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ලේකම් ජෝර්ජ් කුක් මහතාගේ වේදිකා පරිපාලනයෙන් සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහළ ප්‍රවෘත්තියක තිබෙනවා ගංවතුරේ මාළු අල්ලපු විස්තරයක්... හැබැයි මට එහෙම දේවල් හිතෙන්නේ නැහැ කොහොමටවත්. මම හිතන්නේ සතුන් මරණ එක පවු කියලා (නි)
වෙසක් තෙමගුලට සංස්කෘතික නැටුම් ගැලපෙන්නේ නැහැ. භක්ති ගීත කිව්වා නම් මිට වැඩිය හොඳයි.(නදී)
ඕවා අපට ගැලපෙන්නේ නෑ (නදී)
මෙහෙම වෙසක් සමරනවා ද ? බුදුදහම වනසනවාද? මට වැටහෙන්නේ නැහැ මගේ බුදුහාමුරුවනේ (නදී)
හරිම අගෙයි (නි)
කෝ බුදු තෙමගුල ගැන අසිරිය..? (නදී)
හරි හරි ඔය කියන්නේ ජිම්නාස්ටික් කල තරුණියට ඔසරියක් ඇඳගෙන ඔය වැඩේ කරන්න කියලනේ තේරුනා (නදී)
මටත් පේන්නේ මෙය සංස්කෘතික සංදර්ශනයක් උනානම් වඩාත් හොදයි කියලා (නදී)
මෙය ආසියානු සංස්කෘතික උත්සවයක් කිව්වා නම් වඩාත් අගෙයි. ඉතා හොද ඉහල මට්ටමේ දර්ශන තියෙන්නේ. අඩු ගානේ පසුබිම් තිරයේ වෙසක් කුඩුවක්වත් තිබුනානම් හිතාගන්න තිබුනා. මම ඉන්නේ පර්ත්වල. මෙහෙනම් වෙසක් එකට කැරකෙන කුඩු, සාමාන්‍ය කුඩු, දන්සල, භක්ති ගීත එහෙම තිබුනා. මේ වැනි සංදර්ශන තියෙනවා අවුරුද්දට. එළියේ ක්‍රීඩා තරග තියෙනවා. හාමුදුරු නමක් හිටි පලියට වෙසක් උත්සවයක් වෙන්නේ නැහැ. (නදී)
හරිම ලස්සනයි (නි)
ඇත්තටම වෙසක් සමරන්නේ මෙහෙමද? (නදී)
කුමාරිට බැනපු අය දැන් මොකද කියන්නේ? විජිතගේ විස්තරය බලන්න. (නි)
කිමාරි, මේකට අපි වෙනත් ජාතක කතා නමක් දාමු ? (ස)
අනෙක් රටවල් වල වෙසක් සැමරීම ගැන කියන්න බැහැ. නමුත් අපේ රටේ වෙසක් වලට අපි කරන එකම පින්කමක් හෝ, ශ්‍රද්ධාව ඇතිවෙන භක්ති ගීතයක් වත් එතන කියෙව්වේ නැද්ද? (ස)
බොහොම ස්තුතියි විජිත මහත්තයෝ! (නදී)
මේක සංස්කෘතික උත්සවයක්. මේ වගේ දේවල් වෙසක් වෙනුවෙන් ගැලපෙන්නේ නෑ. (නදී)
මේක මහා විකාරයක් ,,,,, මේකට වෙසක් කියන නම දාගත්ත එක ලොකු වැරැද්දක්, බැලු බැල්මට පෙනෙන්නේ චීන සර්කස් පෙන්නනවා වගෙයි, නිර්මල බුදු දහමේ තෙමගුල ගැන බටහිර රටවලට දෙන පණිවිඩය මේක නම් ,,,,,,, සම්බුද්ද ශාසනයට දෙවියන්ගේම පිහිටයි ,,, අපරාදේ මේකට තව හිප් හොප් , රැප්, කැබරේ එහෙමත් එකතු කරන්න තිබුණා, යුනෙස්කෝ එකත් ඉඳල හිටලා මේ වගේ වැඩ කරනවා. (ස)
හුඟක් අයට වෙසක් සමරන විට බුදු හමුදුරුවන් සහ වෙසක් යනු කුමක්ද අමතක වෙනවා.... ලංකාවෙත් එහෙමයි... දන්සල් ලඟ ඔලු බක්කෝ නැටීමත් .... මේ උත්සවයත් දෙකම එකයි.... නමුත් මේකට වෙසක් කියන නම ගාව ගන්නේ නැතුව සංස්කෘතික සංදර්ශනයක් කිව්වා නම්.. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. (ස)
කුමාරි.... නච්ච ගීත වාදිත විසුක දස්සන මාල ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභුසනට්ටනා වේරමනී සික්ඛා පදම් සමාදියාමි... කියල සාදු කියන්න....(ස)
මෙතන කිසියම් අඩු පාඩුවක් දකිනවා කියන්නේ හැම දෙයකම වැරදි හොයනවා කියන එක නොවෙයි. ශ්‍රී ලාංකියින් හැටියට වසරක් සමරා පුරුද්දක් ඇති අපට මෙය වෙසක් උත්සවයකට වඩා ආසියානු කලාපීය සංස්කෘතික සංදර්ශනයක් ලෙස පෙනීමේ වැරැද්දක් නැහැ.(නදී)
මමත් මේකට සහභාගී වුනා. මේ පින්තුර දෙවෙනි දවසේ අන්තිම වැඩසටහනේ ඒවා. වැඩසටහන මක්දගාමී ලෙස තමා පැවැත්වුනේ. ඒ වගේම අපේ ශ්‍රී ලංකා එම්බසිය වෙනදා වගේම ඔවුන්ගේ අකාර්යක්ෂම සේවයට දොස් අසා ගන්න සිදු උනා. තවද, කොටි ගැටයන් කිහිප දෙනෙක් ඇවිත් වැඩේට විරුද්ධත්වය ප්‍රකාශ කළා. වගකීමෙන් කියන්න ඕනේ ඒ අය අපේ හැම දේකටම මේ වගේ එනවා. (නදී)
කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු. මම මේ අන්ද මන්ද වෙලා හිටියේ අන්‍ය ජාතිකයෝ පිරිසක් වෙසක් සමරලද කියලා. හොඳ වෙලාවට විජිතගේ පැහැදිලි කිරීම දැක්කේ. (නදී)
ඉතාමත් වටිනා කාර්යයක් (නි)
මෙම පුවත අසම්පූර්ණ බැවින් මෙසේ සටහනක් තැබීමට සිතුවෙමි. දින දෙක තුළ මම එහි සිටි බැවින් මෙය සඳහන් කිරීම සියලු දෙනාට නියම පුවත දැන ගැනීමට උපකාර වනු ඇතැයි සිතමි. මෙම උත්සවය පැවතියේ මැයි මස 21සහ22යන දෙදින තුළ පැරිසියේ යුනෙස්කො කාර්යාලයේ අංක1 ශාලාවේය. මෙහි ඇති ඡායාරූප සියල්ල දෙවැනි දින අවසානයේ පැවති සංස්කෘතික උළෙලට අදාල ඒවා පමණි. මෙම සංස්කෘතික උළෙල විවිධ රටවල් නියෝජනය කරමින් ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳ විවේචන අවශ්‍ය නැතැයි සිතමි. මෙම වැඩසටහන තායිවානයේ ප්‍රධාන සංඝ නායක බෝදාගම චන්දිම නාහිමියන්ගේ මග පෙන්වීම හා අනුශාසනා මත ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලදි. ප්‍රධාන ආරාධිතයින් ලෙස ජනාධිපති ආර්යාවත් ජනාධිපති ලේකම් තුමා සහ එම මැතිනියත් සහභාගී වූහ. උත්සවය ආරම්භයේදී ඒ ඒ රටවල් නියොජනය කරමින් ස්වාමීන් වහන්සෙලා පිරිත් සජ්ජායනා කළහ. ශාලාව වටා බෞද්ධ ධජ හා වෙසක් කූඩු එල්ලා අලංකාර කර තිබුණි. (එහෙත් ඒවා ඡායාරූප ගත වී නැත.) මීට අමතරව මහා සංඝරත්නය වෙත දන් පිළිගැන්වීම ද සිදුවිය. ප්‍රධාන ආරාධිත දේශන සඳහා සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති අතිගරු කුඹුරුගමුවේ වජිර නාහිමියෝ ද අතිගරු මැල්කම් රංජිත් කාදිනල් තුමා, හසන් මවුලානා මවුලවි තුමා සහ හින්දු ප්‍රජාව නියෝජනය කරමින් කුරුක්කල් තුමෙක්(නම අමතක වීම පිලිබඳ කනගාටු වෙමි ) සහභාගී වූහ. ඔවුන්ගේ දේශන ඉතා හරවත් විය. ගත යුතු හරයක් ඒවා තුළ විය. මීට අමතරව විවිධ රටවලින් පැමිනි මහාචාර්ය වරු ඉතා හරවත් දේශන පැවැත්වූහ. චීනයෙන් පැමිනි ව්‍යාපාරික මහත්මයෙක් තම ව්‍යාපාරයේ දියුනුව සඳහා බුදුදහම උපයෝගී කරගත් අයුරු මැනවින් විස්තර කළ අතර එය කාගේත් පැසසුමට ලක් වූ දේශනයක් විය. පුවතින් අඩක් පලවීම පාඨකයාට කරන සම්පූර්ණ හානියක් බව මම සිතමි. (ස)
තමන්ට ඕනෑම ජාතකයක නමක් දාගන්ට පුළුවන්. රටවල් කීපයක් එකමුතු වෙලා මේවගේ දෙයක් කරන එක අගය කලයුතුයි. සංස්කෘතික ජාතකය කීවට වරදක් නැහැ.ප්‍රංශය කියන්නේ සියලුම ජාතින් සහජීවනයෙන් ඉන්න පුළුවන් රටක්. ශිරන්ති මහත්මිය සහභාගී වීමත් වැදගත් . (ස)
අපේ සමහර බෞද්දයෝ සමරන වෙසක් වලට වඩානම් මේක ගොඩක් හොඳයි. (ස)
වෙසක් සමරන්නේ මෙහෙමද අනේ ලොකු නෝනත් කළු ඇඳගෙන ඉන්න හැටි , සෝම හාමුදුරුවෝ හිටියනම් .....(ස)
සමාවෙන්න පින්තුර ටික දැක්කම මට මෙහෙම අහන්න හිතුනා. වෙසක් වෙනුවෙන් මේ සමරලා තියෙන ජාතක කතාවේ නම මොකක්ද? (නදි)
කුමාරි, ඒකතමයි කියන්නේ අඩු කළය සෙළවෙනවා කියලා (නි)
කුමාරි,වෙසක් සමරන්න ජාතක කතාම ඕනෙද? සංකෘතික අංග විදහා පාන්න බැරිද ? (නදී)
කුමාරි,ජාතකය කියලා දෙන්න පුළුවන් ලග හිටියා නම්. ජාතකයක්ම ඕනෙද වෙසක් සමරන්න. මෙයාලගේ තියන්නේ ඉතින් ඇද හොයන එකම තමයි. ලංකාවෙන් බැහැරව ඉඳගෙන මේවා කරන්න විදින දුක දන්නේ කරපු අයම තමා. සාදු සාදු සාදු (නදී)