විරුසර වරප්‍රසාද කාඩ්පත හඳුන්වාදීම වෙනුවෙන් පැවැති උත්සවයට ලොකුම තැන්වලින් ආරාධිතයන් ආවාලු. හමුදා, පොලිස් හැම පැත්තකම ලොක්කෝ එහි සිටියාලු.
ඒ ලොක්කන් වෙනුවෙන් ඉදිරිපෙළ අසුන් වෙන්කර තිබුණාලු. හමුදාවේ ලොක්කන් වාඩිවී සිටි තැන ලොක්කකුට වෙන් කළ අසුනක මවක් සිටියාලු. ඇය එතැනින් සෙලවෙන්නේවත් නැතිලු. ඇයට වෙන් කළ අසුනක් සේ සිතා සුව පහසුව සිටියාලු. බැරිම තැන ජනපති ආරක්ෂක අංශයේ සෙබළියන් පැමිණ පැමිණ ඇය වෙනත් ස්ථානයකට යැවීමට දැඩි පරිශ්‍රමයක් දැරුවාලු.
බලෙන් ඔසවා ගෙන යන්න හැදුවත් ඇය නැවත එම ආසනයේම වාඩි වුණාලු. ආරක්ෂක අංශය බොහෝ වෙහෙසක් දරා අවසානයේ ඇය එතැනින් ඉවත් කළාලු. මේ දුටු කවුරුත් කීවේ මව ලොකු තැනක කෙනෙක් හෝ ලොකු තැනක උෂ්ණය වැදුණු කෙනෙක් වෙන්නත් පුළුවන් කියලාලු.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටබැද්දර ජයා කියන ශ්‍රී ලාංකික වෙසින් පෙනී සිටින නිහීනයාගේ සැබෑ නිරුවත ඔබට දිල්ශාන් නැමැත්තාගේ කොමෙන්ටුව නිරීක්ෂණය කිරීමෙන් දැකබලාගත හැකිය. වෙනත් නම්වලින් පෙනී සිට තමන්ගේ අදහස් තමා විසින්ම සනාථ කරගන්නා ජාතියේ මානසික රෝගියෙකු වන මෙම පුද්ගලයාගේ ඉලක්ක සහ අරමුණු සම්බන්ධයෙන් මෙහි සිටින සියල්ලන්ම දැනුවත්ව සහ අවධානයෙන් සිටිය යුතු ය. (බ)
මුවන් පලේස්සේ ආරච්චි නොනාවත්ද?(කෞ)
මනුස්සකමට වඩා නිල ඇඳුමට තැන දුන්නම මෙවැනි අවාසනාවන්ත සිදුවීම වැළක්විය නොහැක. (ර)
මොනවා උනත් මවක් නිසා ඉන්න දුන්න කියල; වරදක් වෙනවද ? මෙතන ඉන්න හැමෝම මවු කුසකින් බිහිඋන දරුවෝ නේද ? මනුස්සකමට වඩා නිල ඇඳුමට තැන දුන්නම මෙවැනි අවාසනාවන්ත සිදුවීම වැළක්විය නොහැක (රේ)
අපි කාටවත් වඩා ලොකු නැත කව්රුත් අපිට වඩා ලොකුත් නැත කියන අදහසින් ජීවත් වෙමු නේද. අපිට කවුද බය අපි කාටද බය? ලොකුයි කියා ගන්න අය ළඟට පැමිණි විට පුටුවෙන් නැගිටින නිහීන ක්‍රියාවෙන් අපේ ළමයි බේරා ගමු. (බ)
තම දරුවෝ රට වෙනුවෙන් දායාද කළ සියලුම මෑණිවරුන්ට හිමි විය යුතු අසුනේ තමා ඇය වාඩිවී සිටින්නේ. (බ)
නාකි කමටද වැඩ, වයසට ගියාට ලොකු පුටුවලට තියන තන්හාව තවම නැති වෙලා නැහැ. (බ)
අමල් මහත්මයා, ඔබ නිවැරදියි. වරද ඇස් දෙකට පෙනී පෙනී, එය වරදක් නොවන බව හැඟවීමට විවිධ අර්ථ කථන සැපයීම නිහීන ගතියක් බව තමයි මගේත් හැඟීම. වයසට යද්දී උද්දච්ච හා මහන්තත්තකම හේතුකොට ගෙන, මානසික රෝගීන් වී සමාජයට ප්‍රදර්ශනය වීම නිසා, සමහර වැඩිහිටියන්, ඔවුන්ගේ ගරුත්වය ඔවුන් විසින්ම කෙළසා ගන්න අවස්ථා ඕනා තරම් ශ්‍රී ලාංකික සමාජය තුල බහුලව දැකිය හැකියි. (බ)
මට බයේ බැහැ ශ්‍රී ලන්කන් ප්ලෛන් එකක යන්න වයසක අම්ම කියල පයිලට් සීට් එකේ ඉඳගන්න දුන්නොත් ඉවරයි තමා අන්න ඒ වගේ තමයි මේකත් (ම)
අශෝකට සහ පත්මෙට කියන්න තියෙන්නේ උත්සවයක සහ ගුවන් ගමනක වෙනස මොකක්ද කියල තේරුම් ගන්න තරම් ඔලුවක් නැතිවීම ගැන කනගාටුයි කියල විතරයි. ....අම්ම ලොකු තැනක හෝ පොඩි තැනක වුණත් ආඩම්බර වුණත් මව්පදවිය හැල්ලු කරන්න ඉඩදිය නොහැකියි මවකට ආඩම්බර විය හැක්කේ මවක් තම දරුවන් රටට වැරදි විදියට හැදුවොත් පමණි....අම්ම කෙනෙක් කියන්නේ පිදුම් ලැබිය යුතු කෙනෙක්..ඔය කියන ආසනය අම්මට දුන්න කියල ඔය රැස්වීමට සිද්ධවෙන අගතිය හෝ අවදානම කුමක්ද කියල ඔය කාට හරි කියන්න පුලුවන්නම් ...? (බ)
අම්ම පයිලට් සීට් එකේ ඉන්දන්නේ නෑ නේ .. ගෞරවය තිබ්බ කියල (අ)
මෙතන ඉන්න හැමෝම මවු කුසකින් බිහි වූ දරුවන් නේද ? මනුස්සකමට වඩා නිල ඇඳුමට තැන දුන්නම මෙවැනි අවාසනාවන්ත සිදුවීම වැළක්විය නොහැක (අ)
සරත් මහත්තයෝ, රටේ දුෂණය නැතිකරන්න , කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න ඔබේ සේවය අවශ්‍යයි. (නි)
මවක් කියලා මෙහෙම කරන්න දුන්නොත් මෙතන ඉන්න ඔක්කොම් අම්මලා මෙතනින් වැඩිවෙන්න හදයි. එහෙම වුණොත් කිසිම දෙයක් කරන්න බැරිවෙයෙි. ඕනෑම දෙයකට විනයක් තියෙන්න ඕනෑ. (නි)
ජනපති ආරක්ෂක සෙබලියන් සිටීමෙන් පෙනී යන්නේ මේ අසුන ජනාධිපති වෙනුවෙන් තිබුණු එක බව. මැය එන්න ඇත්තේ ආරාධනයකට අනුව. එහෙම නැත්නම් මේ ස්ථානයට ඇතුළු වීමට ඉඩ ලැබෙන්නේ නැහැ. ආරාධිතයන් පිළිගෙන නියමිත අසුන් වෙත කැඳවාගෙන යාම මෙවන් උත්සව වලදී කෙරෙන්නක්. එහෙම මෙතන එහෙම වෙලා නැහැ. මෙය ජනාධිපති ආරක්ෂවෙත් දුර්වල කමක්. අර වයසක මවට කල හිරිහැරයක්.(හේ)
අනුන්ගේ පුටු හා තනතුරු බලෙන් අත්පත් කරගන්න හැටි බාල පරම්පරාවට පාඩමක් උගන්වන්න හදලා වෙන්න ඇති. සමහරවිට යුනිෆෝම් මේනියාවක් තියන කෙනෙක් වෙන්න පුළුවන්. (බ)
අම්ම දෙවෙනි වෙන්නේ තුන් ලෝකාග්‍ර බුදු කෙනෙකුට පමණයි , බෞද්ධයෝ හැටියට ඒ අපේ විස්වාසයයි . එහෙමනම් මේ අම්මට ඔතන ඉඩක හදල දුන්නනම් මොකද වෙන්නේ ? (කෞ)
මේක කළමනාකරණයේ තිබුන අඩුපාඩුවක් නේද ? මේ වගේ උත්සව වලදී කටයුතු කරන්න පළපුරුදු අය දන්නා ඕන ,එහෙම නැත්නම් ඒ අය පුහුණු කරන්න ඕන. කරුණාකරලා ඒ මවට දොස් කියන එක නවත්වන්න. අපි වයසට ගරු කරමු. ඔය අය බටහිර රටකට ගිහින් බලන්න ඒ අයට සලකන හැටි. ස්තුතියි. (බ)
එළවලා දාන්නයි තිබුණේ (බ)
අපේ අම්මා එහෙම ඔතන වාඩිවෙලා හිටියා නම් අද ඇප නැතුව රිමාන්ඩ් කරලා. මැය සමහරවිට යම්කිසි රෝගී තත්වයක් ඇති කෙනෙක් වෙන්න පුළුවන්. (නි)
බොහොම දුක සිතෙන දසුනක්. ඇයගේ හඬා වැටෙන හදවත කවුරුවත් තේරුම් අරගෙන නැති එක ගැන කණගාටුයි.. එයිටත් වඩා දුක හිතෙන දෙය තමයි ඇයට එම අසුනේම ඉන්ට දෙන්ට තරම් නිහතමානිවූ සහ කාරුනිකවූ හදවතක් එතන නොතිබීම. (ම)
සමහරක් දාල තියෙන අදහස් දැක්කාම මට හිතුනේ එයාල මව් කුසකින් ආව අය නෙවෙයි කියල..(බ)
කාගේ කවුරු වුණත් ඇය කිසියම් මානසික ගැටළුවකට ලක්වූ මවක් විය යුතුයි (ම)
ප්‍රියාන් දාල තියන අදහස බැලුවාම අපිට හිතා ගන්න පුළුවන් ප්‍රියාන් ආව මව් කුසේ ස්වභාවය. අනිත් කෙනාව පැත්තකට තල්ලු කරලා හරි කමක් නැහැ. ඒ තැන උදුරා ගනින් කියල අවවාද දුන්නු මව් වරුන්ගේ දරුවන්ගෙන් එක අතකට ඔයිට වඩා වැඩි වැදගත් අදහසක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.(කෞ)
ඕක මොකක්ද? අපේ ගෙවල් ළඟ වයසක කාන්තාවක් එයාලගේ ගේ ඉස්සරහා වයසක මවක් සමඟ එකමුතුවෙන් හොඳට හිටපු පවුලක් කොටවලා තරහා කරලා දැන් වයසක අම්මා විතරයි ඒ ගෙදර ඉන්නේ. දැන් අර වයසක අම්මාව රවට්ටලා නඩු කියලා ඉඩම අයිති කරගන්න පොළඹවාගෙන. වෙන මොකටවත් නෙමෙයි, අර වයසක අම්මගේ දරුවෝ දුක්මහන්සි වෙලා හදාගත් ගේ දොර මේ කාන්තාවගේ දරුවන්ට අයිති කරලා දෙන්න. පුදුමේ කියන්නේ මේ කාන්තාව විශ්‍රාමික ගුරුවරියක්. වයස්ගත වෙලත් සමහරු කරන වැඩ ඔහොම නම්, තරුණ කාලේ කොහොම ඉන්න ඇද්ද? (නි)
සමහරවිට මේ වයසක කාන්තාව අයගේ මියගිය සැමියාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත්වෙන කෙනෙක් වෙන්න ඇති. ඔවුන්ට බුද්ධිය නොතිබුනාට තියෙන්නේ අයිතිවාසිකම විතරයි. සමහරවිට දරුවෝ නැතුව ඇති. ඒකයි ඔහොම වෙලා තියෙන්නේ. (නි)