
අංජුල මහික වීරරත්න)
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයෙන් මෙම විෂ සහිත සැමන් තොගය හමුවී තිබේ.
මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමට පරිසර, වනජීවී, වනසම්පත්, ජලසම්පාදන. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී. ආර්. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද දින එම ගබඩා සංකීර්ණයට පැමිණියේය.
අදාළ සැමන් තොගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලේකම්වරයා පවසා සිටියේ එම විෂ සහිත සැමන් තොගය ශ්‍රී ලංකාවේදී විනාශ කිරීමට ඉඩ නොතබා එය නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දී විනාශ නොකර ආපසු යැවීම හොඳ තීරණයක්. ඒ වගේම ගෙනාපු අයට දුන් දඬුවම මොකක්ද?
ඔය ටින් මාළු වර්ගයේ නම මොකක්ද? ආපසු යැව්වයි කියන ටින් මාළු පිටිපස්ස දොරෙන් වෙළඳපළට පිටවෙන්න ඉඩතිබෙනවා.
මෙච්චර මේ රට වටේ මාළු පිරිච්ච මුහුදක් තියාගෙන ඩොලර් වියදම් කරගෙන කොහෙන්ද ගෙන්නන ජරාවල් කන්නේ අපිට රටට මොන කරුමයක් වෙලාද?