හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි ව මෙතෙක් කිසිදු චෝදනාවක් රජය විසින් ගොනු කර නැති බවත්, සිදු කෙරෙන පරීක්ෂණ ප්‍රාථමික මට්ටමෙන් පැවැත්වෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
රටේ සිදු වු මුල්‍ය දුෂණ වංචා දැන්වත් අවසන් කළ යුතු හෙයින් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් ප්‍රතිපත්තිමය තීරණය මත මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය පිහිට වු බව ද එම කොට්ඨාශය සඳහා පොලිස්පතිවරයාට පුර්ණ බලය පවතින බවද ඔහු කීවේය.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලු අවස්ථාවේ අතිරේක සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැක්විය.
රටේ යම් පුද්ගලයකු අත් අඩංගුවට ගන්නේ නෑ. අදාළ විමර්ශන නිලධාරින්ගේ නීතිමය නිර්දේශ මත මිස කැබිනට් මණ්ඩලයෙන් මැදිහත් විමකින් නොවන බව ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය මහතා අනිසි බියකින් පසුවෙනවා වගේ. තීන්දුව, අධිකරණ පද්ධතිය ශිලාචාර රජයක් යටතේ බොහොම ස්වාධීනව හැසිරෙන බවට හොඳම නිදසුනක්. ඔහු නිතිය උල්ලංඝනය කර වැරදි කරුවෙකු යයි ඔප්පු වුනොතින් අනිවාර්යයෙන් ඔහු දඬුවම් ලැබිය යුතුයි. ප්‍රශ්න කිරීම් වලට කැඳවනු ලැබුවහොත් උත්තර දීමට යාමට ඔහු නීතියෙන් බැඳී සිටි. නිතිය ඉදිරියේ අපි කවුරුත් එක සමානය. (බ)
වෙන මිනිස්සු නැත්නම් හොඳයි (බ)
පිනා ආණ්ඩුවේ පලා බබෙක් නිසා කමක් නැහැ ඔහේ නැගපුදෙන්. අඩු ගානේ වැටිලා කොන්ද වත් කඩාගන්න වාසනාව ලැබෙයි. (බ)
" චානක ලොස් ඇන්ජලිස් " ?? ඔබලා ඉතින් කොහොමටත් මොලය සහ සිංහලකම "ලොස් " කරගත්තු උන් නේන්නම් ... ඔය කියන වරප්ප්‍රසාද අරගෙන රනිල් මොකක්ද කළේ 2002 කියල උඹට අමතකද? ගෝඨා එහෙම කළේ නැහැනේ' දැන් ඉතින් මට කියපන් කඩේ යනවා කියල (බ)
නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ .(අ)
මේකට කියන්නේ හොරට කලින් කෙසෙල් කැන වැට පනිනවා කියල .(අ)
අපේ රටේ හොදම සේවය වංචාව (බ)
කෙසේහෝ හිටපු ලේකම් ඔහුගේ පෙත්සම මගින් ඔහුව අත්අඩංගුවට නොගේනීමේ තීන්දු ප්‍රකාශය ලබා ගත්තා...ඔවුන්ගේ පාලනයේදී මේ වගේ සාදාරණයක් තිබුනාද ? බොන්න පිරිසිඳු වතුර ටිකක් ඉල්ලපු ජනතාවට උත්තර දුන්නේ තුවක්කුවෙන් ...) මතකද ?(කේ)
අබේරත්න ටෝකියෝ මුළු රටම දැන් යහපාලනෙට ඕනේ හැටියට නේ . (කේ)
වැරදි කරලා නෙතිනම් බය වෙන්නේ කාටද (කේ)
කාගේ කාගේත් කිල්ලෝට වල හුණු පොඩ්ඩක් හරි ඉතුරුවෙලා තිබෙන්න පුළුවන් (නි)
එහෙම කියන්නේ නඩුත් බඩුත් අධිකරණයත් ඇතුළත්වද සියාතු? (නි)
අනේ චානක, අනිච්චේ දුක්ඛේ! (නි)
ගෝඨා කියන්නේ සැමගේ සිත්ගත් තැනැත්තෙක් (නි)
ගෝඨාභය කියන්නේ රටට සම්පතක් (නි)
සරත් බණ්ඩාර, තමන්ගේ අණ නොතකා කොටි පැරදවීම බරපතල ලෙස දඬුවම් කළ යුතු වරදක්ය කියා රටට සතුරු බලව්ග හිතද්දී, එකී සතුරු බලවේග වල මනදොළ සැපිරීම තම යුතුකම හැටියට කවුරුන් හෝ සිතනවා නම් රට වෙනුවෙන් කොටි වැනසීමට නායකත්වය දුන් දේශප්‍රේමින් අනතුරක ඉන්නා බව ඔබට නොවැටහීම පුදුමයකි. (නි)
අපි කරලම පෙන්වමු නේද? (නි)
මෙච්චර බය ඇයි? යුද්ධය දිනු වීරයානේ. (නි)
මෙතුමා නොමැතිව කොළඹ නගරයට දැන් අපමණ අගයක් ලැබිලා තියෙන්නේ. රටේ බිහිවුණු හොඳම පරිපාලන නිලධාරියෙක් (නි)
හිටපු ආරක්ෂක ලේකම්තුමනි,රට නිදහස් කරගැනීමට අභීත සෙන්පතියෙක් වූ ඔබතුමා මේ අවමන් ඉදිරියේ නොසැළී සිටිනු දැක්ම අපිට ආඩම්බරයක්.ඔබතුමාට ජයවේවා! (නි)
සියාතුලා කැමති රටේ ධනය වංචාකර තම පවුල් හිතවතුන් පමණක් අතරේ බෙදාගනිමින් ජනතාව සතු අයිතීන් ඉල්ලනකොට ඔවුන්ට අවනීතියෙන් උත්තරදෙන පාලකයන් රටේ රජකරවන්නයි .... (නි)
බණ්ඩාරට මොනවද වෙනවා වගේ ඇත්ත කියනකොට ......එ්කනේ ශිෂ්ට භාෂාව පාවිච්චි කර තිබෙන්නේ (බ)
දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න (නි)
සමහරුන් වලිගෙ පාගාගෙන ඔහේ කියවනවා.ජනතාව ඔවුන්ව පත්කර ඇරියේ රටේ ප්‍රශ්න විසඳන්න තමයි. එය ඔවුන්ගේ රාජකාරිය හා වගකීම.වරප්‍රසාද රාශියක් භුක්ති විඳිනවා නම් රටට සේවය කළයුතුයි නේද?නමුත් තමන් කරන්නා වූ වගකීම ඇපයකට තියාගෙන රට තමන්ගේ බුදලයක් ලෙස යටත් කරගෙන එහි සාරය උරාගෙන බොන්න කිසිම දේශපාලකයෙකුට අයිතියකුත් නැහැ නේද? (නි)
මේ මනුස්සයට හොරා හොරා කියන මිනිස්සුන්ගේ හත් මුතු පරම පරාවට හෙන හත ගහනවා , ගහනවා සත්තයි. (බ)
දැන් හෙළිවෙන කරුණු සත්‍ය නම් යුද්ධය දිනවීමට දේශපාලන නායකත්වය දුන්නට, කෙරිලා තියන ඉතිරි හරිය නම් හරි නැහැ. නමුත් යුද්ධය වෙලාවේ නියම සිංහයන් ලෙස සිටිය. නමුත් දැන් සිදුවෙන දේවල දෙස බැලුවහම ,ජනපති තුමා කෙසේ වෙතත් ඉතිරි කෙරුවාව නම් යහපත් බවම පෙනෙනවා. හොඳම නිදසුන තනි සිංහ කොඩිය වැනුවාට නීතිමය පියවර, නන්දිකඩාල්හි මිය ගිය කොටි සැමරුවාට මේ වනතුරු පියවරක් නැහැ. හිටපු මහා යුද සෙනෙවිය මේ ගැන මොකද කියන්නේ.(බ)