සොරකම් කිරීම, කප්පම් ගැනීම ආදී චෝදනාවන්ට ආවා කල්ලියේ යැයි කියමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැපිරීවීමට හවුල් බවට සාධාරණ සැකයක් නැතිව එම පනත යටතේ ත්‍රස්ත මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් පැමිණිලි 11ක් පමණ ලැබී ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.
මොවුන් ත්‍රස්තවාදයකට සම්බන්ධ නැති බව නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි ද, එසේනම් ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි සොයා බලන ලෙස ද පැමිණිලිකරුවන් කොමිසමෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරේ කාර්යාලයය සහ කොළඹ ප්‍රධාන කාර්යාලයය මගින් එම විමර්ශන පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේ ගැන කියන්න කිසිම දෙයක් නැහැ (නි)
යුද්ධය කාලේදී දකුණේ බෝම්බ පුපුරනකොට , කොටි බෝම්බ පිපිරවීම හරිද කියා කවුරුත් හොයාබැලුවේ නැහැ. මොන ආණ්ඩුව ආවත් මේ වගේ කල්ලි වලට නම් ඉඩ නොතැබිය යුතුය (නි)
හිතාගන්න බැහැ මොනවා කරන්නද කියලා මේ ප්‍රශ්න වලට (නි)
බෝම්බ වලින් අහිංසක මිනිස්සු බුරුතු පිටින් මැරෙද්දී අපිට එදා කවුරුත් හිටියෙ නැහැ (නි)
වගකිවයුත්තන් නිදාගෙනද ඉන්නේ? ජනතාව නම් අවදියෙන්! (නි)
ඒ ගමන ආයෙත් මානව හිමිකම්...? (නි)
නිශ්ශබ්දව සිටීම නුවණට හුරු බව මටත් සිතේ (නි)
රටක් අස්ථාවර නැත්නම් මානව හිමිකම් ආයතන වලටත් රස්සා නැහැනේ. බාහිරින් වන අතගැසීම් වැඩියි. පොඩ්ඩ පොඩ්ඩ සුද්ද කරලා දෙනමෙන් ඉල්ලා සිටිමි. බටහිරට ආවඩන යුද්ධයක් නම් අායෙත් එපා. (නි)
මේකත් හරියට රනිල් අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොඳ කියන්න ගිහිල්ලා ඉල්ලන් කෑවා වගේ වැඩක්. එක බොරුවක් වහන්න තව බොරුවක් කියලා දැන් ගලේ පහරපු බළලුන් වගේ වහගන්න බැරිව දඟලනවා. මානව අයිතිවාසිකම්කාරයොත් සර්පයෝ වගේ හුඹස් වලින් එළියට ඇදෙනවා. (නි)