උතුරේ සිදුකරන ලද අපරාධ සම්බන්ධ ‘ආවා‘ කල්ලියේ සාමාජිකයින් යැයි කියමින් අත්අඩංගුවට ගත් සැකරුවන් ඔවුන් අත්අඩංගුවට ගත් ප‍්‍රදේශයන්ගෙන් පිට පළාත්වල පිහිටි අධිකරණවලට ඉදිරිපත් කිරීම අධිකරණය අපහාසයට ලක්කරන ක‍්‍රියාවක් බව යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා කියයි.
පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් ආවා කල්ලියේ යැයි කියමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනයේ අධිකරණයට ඉදිරිපත් නොකරමින් කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීම මෙරට නීතියටත් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියටත් සිවිල් නීතියටත් පටහැනි ක‍්‍රියාවක් බවද ඔහු කීය.
2002 වසරේදී පැවති දෙමළ ජාතික සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක රැුළියකට පැන පහරදී එම සන්ධානයේ ආධාරකරුවන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා මේ බව සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටත් ලංකාවේ නීතිය සදාරනම් නඩුව කොහේ ඇසුවාම මොකෝ. යාපනයෙන් පිට නඩුව ඇසුවොත් ආවා කල්ලියට අසාදාරනයක් වෙවී කියා සිතනවා නම් යාපනයේ ඇසීමෙන් ආවා කල්ලියට වාසී වීමට ඉඩ තිබෙනවානේ එය නඩුව පැවරු පොලිස්සියට අසාදාරනයක් (හේ)
එයාට කාගෙන් හරි බලපෑමක් වෙලා වගේ පේන්නේ එ්කයි නඩුව අතට ගන්න හදන්නේ අළු යට ගිනි තවම තියනවා කියන එක දැන්නම් හොදට වැටහෙනවා (බ)
එක විනිසුරුවරයෙක් දැන් ජාතිවාදීව ඇමතිවරයෙක්ව කියන කථාත් ඇසුවාම ඔබලාට මොනවද හිතෙන්නේ.නඩුවක් විභාග කිරීමේ බලය රට තුල ඇති ඕනෑම උසාවියකින් කළ හැකි නේද? නඩුපාර්ෂාවකරුවන්ගේ පහසුව ගැන හෝ වෙනත් අවශ්‍යතාවයක් ගැන සිතා නඩුපාර්ශවකරුවන්ගේ කැමැත්ත අනුව සිදු වුවත්, මෙය රජයේ අවශ්‍යතාව රජයේ රහස් රැකීම නිසා සිදුවූ දෙයක් නිසා වන්නට බැරිද?මුන්ට පිස්සු. ඔය ඔක්කොම නඩුත් උන්ගේ බඩුත් උන්ගේ. (බ)