ආවා නමින් කණ්ඩායමක් නිර්මාණය කර උතුරු පළාතේ විවිධ නීති විරෝධී කටයුතු වල යෙදුණු බව කියමින් රිමාන්ඩ් කරනු ලැබ සිටි 11 දෙනකු අද (30) ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරි විනිසුරුවරිය ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කළාය. සෑම මසකම දෙවැනි ඉරිදා යාපනය රහස් පොලිස් මූලස්ථානයේ පෙනී සිටින ලෙසද ඔවුන්ට නියම කැරිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන්ට නඩු නොපවරන බවත් මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ත ක්‍රියා සඳහා මුදල් සංසරණය යන චෝදනා ගොනු කරන බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ආවා නමැති අයකුගේ මූලිකත්වයෙන් යාපනයේ තරුණ පිරිසක් සම්බන්ධ කරගනිමින් ආවා කල්ලිය නිර්මාණය කරගෙන තිබූ අතර ඔවුහු පසුගිය දිනවල උතුරු පළාතේ විවිධ මංකොල්ලකෑම් හා පහරදීම්වලට සම්බන්ධවූ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි කල්ලි තහනම් කිරීම සඳහා රජයේ අවධානය යොමු වනවා නම් ගොඩාක් හොඳයි. (බ)
ආවා ගියා (බ)
සෙට් එකම එකට අතෑරියේ, ආපහු නවත්තපු තැනින් පටන්ගන්නද..? (බ)
රණවිරුවෝ ඇතුලේ කොටි එළියේ (බ)
රටේ නීතිය විහිළුවක් වෙලා. (බ)
තව පාරක් හික්ස් (බ)
දීපාල් රණවිරුවන්ට ඇතුලට වෙලා ඉන්න සිදුවෙලා තියෙන්නේ මාධ්‍යවේදීන් අතුරුදහන් කරලා එහෙම නැතිනම් නීති විරෝධී වැඩ කරලා .එහෙම නැතුව රට බේරගන්න සටන් කරලා නෙමෙයි .රණවිරු නාමයට මුවා වෙලා නීති විරෝධී වැඩ කරන්න , මිනීමරන්න පුලුවන්ද ?අනික පෙනෙන විදියට මේවට අණ දීල තියෙන අයට ඇග බේරගන්න බැහැ නේද ? (බ)
මංකොල්ල කන, කප්පම් ගන්න, කඩු කිනිසි වලින් මිනිස්සුව කපන එවුන්ට සතියෙන් ශරීර ඇප. රට බේරා ගත්ත රණ විරුවන්ට, රජයේ වාහනේ 1 ලක්ෂ 40 දාහක් දුවල පාඩු කළාට ලක්ෂ 15 ඇප. විදේශ ගමන් තහනම් සැම සතියකම පොලිසියේ පෙනී සිටින්න. මෙන්න නිතිය නමන හැටි. කවද මේ නිතිය කෙලින් කරන්න පුළුවන් වෙයිද.? (බ)