ආලියා භාත් සහ ඇගේ නැගණිය ශහීන් මෑතක දී ජුහු වල අලූත් අපාර්ට්මන්ට් නිවසක පදිංචියට ගියහ. අලූත් නිදහස ඔවුන් භුක්ති වින්දේ මිතුරු මිතුරියන් වෙනුවෙන් සාදයක් පවත්වමිනි. බොලිවුඞ් සුපිරි තරුව ෂාරුක් ඛාන් සහ ආලියාගේ පෙම්වතා සිද්ධාර්ත් මල්හෝත‍්‍රා ද මෙහි දක්නට ලැබිණි.
ආලියා භාත්ගේ මෑත දී ප‍්‍රදර්ශනය ඇරඹූ ඩියර් සින්දගී චිත‍්‍රපටියේ ප‍්‍රධාන නළුවා ෂාරුක්ය. තමාගේ වයසට වඩා අඩක්ම වයසින් අඩු නිළියක සමග රඟපෑම පිළිබඳව විවිධ අපහාස උපහාසවලට ලක් වෙන්නට ෂාරුක්ට සිදු වූවත් ඉන් චිත‍්‍රපටියේ ජනප‍්‍රිය භාවයට නම් හානියක් සිදු වූයේ නැත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd