හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා විසින් රචිත බලය සහ බලය දෙවැනි අදියර ලෙස ‘ආලාපාළු ආර්ථිකය‘ ග්‍රන්ථය අද (15) එළි දක්වයි.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ආරාධිතයාය. රජයේ ඇතැම් අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට අවශ්‍ය පරිදි පසුගිය කාලයේ සිදු කැරුණු රටට අහිතකර ගනුදෙනු සහ ආර්ථික ඝාතන පිළිබඳවත් ඒ හරහා ගොඩ නැගුණු කැසිනෝ හල්, වරාය, ගුවන්තොටුපොළ හා වෙනත් ආර්ථික සංවර්ධනය මුලාවෙන් රටේ සිදුවූ ආලාපාළු ආර්ථිකය පිළිබඳවත් මෙගා ඩීල් සම්බන්ධයෙනුත් නම් ගම් සහිතව හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකින් රටට බිහි උන සිංහලයන්ට සහ රටට ආදරය කරන උගත් මහත්මයෙක් තමයි චම්පික රණවක කියන්නේ. ඔබ තුමාට ජයෙන් ජය. (නදී)
ඔබගේ වීරෝධාර ක්‍රියාවට සුබ පැතුම්! ජයවේවා! (නි)
ගයාන්, අන්න බබෝ බිල්ලා කිය කියා හැමදාම රවට්ටන්න හදන්න එපා. පුළුවන් නම් ඉදිරිපත් කර තිබෙන විවේචන වලට උත්තර දෙන්න. (නි)
ඉතාම හොඳ වැඩක් මේ රටේ අහිංසක මිනිසුන්ගෙන් අසාධාරණ ලෙස හොරා කාපු සියළු සම්පත් හොරුන්ගෙන් අරගෙන රටේ වැඩ වලටම යොදා ගතහොත් මේ රට ඉක්මනටම ගොඩගන්න පුළුවන්. (හේ)
සංජීව,ඔබ 100% නිවැරදියි. (නි)
වෛරය කවදාවත් හොඳ අවසානයක් ගේන්නෙ නැහැ (නි)
නියම නම (දී)
මේවා ඇත්තද බොරුද කියලා කොහොමද දන්නේ (දී)
නියම නමක්නේ දාලා තියෙන්නේ.... කවදාවත් අහලා නැති නමක්, මම නම් (නි)
මේ ඉදිරිපත් කිරීම් මඩ නොවේ. බුද්ධිමත් විවේචනයක්. ඕනෑම රජයකට යහපත් විවේචන අවශ්‍යවේ. නමුත් අපේ පාලකයන් මේවා අහන්න තරම් නිහතමානී නොවීම රටේ අභාග්‍යක්. අපේ රටේ සෞභාග්‍ය උදා කරන්න අතට ලැබුනු අවස්ථාව පාලකයන් ඉවත දා ගත්තා. දැන් රටම අනතුරක හෙලමින් සැඩ පහරේ ඔරු පදින්න යනවා. කවුද වරද්ද ගත්තේ ජනතාවද? පාලකයන්ද.? චම්පික රණවක වගේ බුද්ධිමත් අය මෙ රජයේ ඉන්න ඕනේ. නමුත් ඒ තැන්වල අද ඉන්නේ කවුද? අපි දෙපෙත්තට වෙලා ඇන කොටා ගත්තම රටමයි විනාස වෙන්නේ. මේවා ජනතාව පාඩමට අරන් බුද්ධිමත් තීරණයක් ගත්තොත් අපේ රටේ අනාගතය සුභවෙයි.(හේ)
මැතිඳුනි, වවුලගේ මගුලට ගියානම් එල්ලිලා ඉන්න ඕන කියලා කියමනක් තියෙනවා හැමදාම මගුල් නෑනේ , එකේ විස්තරේ දන්නේ එකට ගිය අය විතරයි නේ. ඉතිරි ටිකත් එලියට පැනලා කියයි, දැනට ඒ අය සංග්‍රහ ලබමින් ඉන්නේ, තෑගි මුදල් නොලැබුනොත් පැනලා කියයි කෝ ඉතින් එළියට එනවා කිව්වා අය ආවේ නෑ නේද?.(හේ)
තව කට්ටියක් ආවත් ඔය ක්‍රමය වෙනස් වෙයි කියල අපි විශ්වාස කරන්නේ කොහොමද ?(හේ)
චම්පික කියන්නේ දක්ෂ ඉංජිනේරුවෙක්. දේශපාලනය නොකළත් ඉහළ රැකියාවක් කරන්න පුළුවන් කෙනෙක්. රට ගැන කැක්කුමෙන් කතා කරන්නේ.මෙවැනි අය අපේ රටට අනගි සම්පතක්. (නි)
චෞර රැජින පොතෙනුත් එළිදැක්වුණේ ඔවැනිම දෙයක් නේද? (හේ)
චම්පික මන්ත්‍රීතුමා, මම මුස්ලිම්. නමුත් මම ඔබතුමාට ගරුකරනවා. මොකද ඔබ හොරෙක් නෙමෙයි. රට ගැන හිතා කටයුතු කරන කෙනෙක්. (නි)
අපිත් බලාගෙන ඉන්නේ මේවා හෙලිකරනකන් දැනටත් පරක්කු වැඩියි.(හේ)
අපි බලමු ඒ පොතත්, මොකද අපිට පොත් පෙරලන එකමයි දේශපාලනඥයන්ගේ එකම ක්‍රියා දාමය. (නදී)
ඔබගේ ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කවරදාකවත් කිසිවෙක් නොලැබූ විජයග්‍රහණයක් වනු නියතයි. (නි)
අපි පහුගිය කාලයේත් දේශපාලනය සම්බන්ධ පොතක් කියෙවුවා (නි)
නැවත නැවතත් පිල් මාරුකරන්නන් ගැන හෙළිකරන ග්‍රන්ථයක් ලියන්නේ නම් කවුරුත් අගය කරනවා ඇත. (නි)
චම්පිකලා රටට ආදරය කරන මිනිස්සු. පිටරට ගිහින් හොඳට හම්බ කරන්නේ නැතුව, රට වෙනුවෙන් ජීවිත් පරිත්‍යාගයෙන් වැඩ කරනවා. පවිත්‍රා දේවි හොඳට ඇන ගත්තා චම්පිකට ගල් අගුරු ඩීල් දාලා (බ)
ඇත්තටම කියවනම් මේ රටට ඕනේ චම්පිකලා වගේ දේශපාලකයෝ, (හේ)
මේ වගේ ගිනි අරන්ද දෙවියෝ මෙච්චරකල් හිටියේ? (නි)
චම්පික, ඔබ වැනි කිහිප දෙනෙකුවත් නොසිටින්නට අපේ රට ආගාධයේ පතුලටම ගිහින් ඉවරයි. හැමදාමත් රට ගැන කැක්කුමක් තියෙන කිහිප දෙනෙක් රටේ හිටියා. ඒත් එයාලගේ හඩට සවන් දෙන්නේ සුලුතරයයි. බහුතරය හැමදාමත් බොරු බේගල් වලට රැවටෙනවා. ඔබට අපේ ආචාරය! (නි)
මේ පොත ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න හැදුවොත් ඒකට දාන්න මේ නම කොහොමද පරිවර්තනය කරන්නේ? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. (නි)
රටේ සිදුවන මහජන මුදල් විනාශය, දූෂණය, වංචාවට නිසි පිළිතුර ජනතාව නිසැකවම ලබා දේවි. චම්පික, අපි ඔබ සමඟයි (නි)
මේක නම් හොඳ පොතක් වගෙයි. කොහොමහරි සොයාගෙන බලන්න ඕනෑ (නි)
චම්පික ඔබ වැනි පුතෙකු දහසක් හාල්පාරුවන්ට වඩා අගනේය (නදී)
මේවා මේ රටට අලුත් දේවල් නොවෙයි අනුර කුමාර දිසානායකලා, හර්ෂ ද සිල්වාලා, සුනිල් හදුන්නේත්තිලා කාලයක් තිස්සේ රටට හෙලිකලා හැබැයි එතකොට චම්පික රණවක ඇමතිතුමාලත් ආණ්ඩුව ඇතුලේ ඉදගෙන මේ ආණ්ඩුව රකින්න උත්සහ කළා. කොහොම හරි අන්තිමට එතුමන්ලාට පහුවෙලා හරි ආණ්ඩුවේ වැරදි අඩුපාඩු අවබෝධ කරගෙන එලියට ඇවිල්ලා අද කරන මේ වැඩපිළිවෙල අපි අගේ කරන අතර තමන්ට තිබෙන ජිවිත අනතුරු ගැන පවා නොතකමින් රට වෙනුවෙන් කරන මෙම මෙහෙවරට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි (නදී)
ප්‍රමාද වී හෝ, මේවා හෙළි කරන එක ඉතාම හොඳයි. විශේෂයෙන්ම අවංක දේශපාලකයන්ට මේවා ඉතා වැදගත්. එහෙත් සොරුන් සමග එකට සිටීමේ වරදට සමාවක් නම් ලැබෙන්නේ නැහැ. (නදී)
ලංකාවේ නුතන ආර්ථිකයට පදනම මෙයයි. මෙය කවුරුත් පිළිගත යුතු සත්‍යයක් (නි)
ඔබ වැනි එඩිතර නියම සිංහලයින් රටටම අාදර්ශයකි (නදී)
චම්පික පසුගිය කාලයේ කියපු දේවල් අපට මතකයි. දැන් ඔබ කියපු ඩයස්පෝරාව, බටහිරයන් කොහෙද ? චන්ද්‍රිකා, ෆොන්සේකා ගනේෂන් කොහෙද ? දේශපාලනයෙන් ඉවත් වෙන්න, ආත්මයක් තිබේ නම් (නදී)