IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්

(බී. ජී. චතුරංග)

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට  ගොවිජන සංවර්ධන පනත උල්ලංඝනය කරමින් බව උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ සභාපති පී බී දිසානායක මහතා පැවසීය.

එම ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් ඉදි කරන බව ද  චෝදනා කරයි. 

ගොවි ජන සංවර්ධන පනතේ අංක 46 නැවත 2011 සංශෝධිත අංක 46 පනත මගින් කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සඳහා ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට ලබා දිය හැක්කේ ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ සහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ අනුමැතිය මත බව පැහැදිලිව සඳහන්ව ඇතැයි දිසානායක මහතා පෙන්වා දෙයි.

එවැනි පසුබිමක තමන්ම තහනම් කරන ලද මේ භූමිය හිටපු ගොවි ජන සේවා කොමසාරි ජනරාල් වරයා  විශ්‍රාම යෑමට දින ගණනකට පෙර නැවත අවසර ලබාදීම තුළින් යම් වරදානයක් ලබා ඇති බවට විශ්වාස කළ හැකි බවද වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.

එහෙයින් විශ්‍රාම යන ලද ගොවි ජන සේවා කොමසාරිස් ජනරාල්වරයා නැවත කැඳවා පරීක්ෂණයක් කළ යුතු බවත් මේ සිදු කර ඇති අකටයුත්ත සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප පවා අහෝසි කළ යුතු බවත් පී බී දිසානායක මහතා සඳහන් කරයි.

මේ ඉඩමේ ඉදි කිරීමක් කිරීම සම්බන්ධව මීට පෙර හිටපු උතුරු මැද පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂවරයා ස්ථාන මාරුවීමට පෙර කළ විමසීම් වලදී සඳහන් කළේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර දී නොමැති බවය.

එහෙත් මේ වන වන විට තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවතින අතර ඒ සම්බන්ධව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධ්‍යනයක් කළ යුතු බවත් ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය

 



අදහස් (1)

ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්

ජිල්බු Tuesday, 01 April 2025 10:49 PM

මේක හදන කෙනාගෙ සම්බන්ධකම් හොයලා පොහොට්ටුවට සම්බන්ධ නෑ කියල ඔප්පු උනොත් මම මේ පාර අලුත් අවුරුද්දට නැන්දම්මට පොල් ගෙඩියක්ම තෑගි දෙනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 653 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 538 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site