(අංජුල මහික වීරරත්න)
ආර්මේනියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව දෙරටේම ජනතාවගේ ප්‍රයෝජනය සදහා තවදුරත් ශක්තිමත් කර ගැනීමට කැපවන බව ආර්මේනියා ජනාධිපති වහග්න් ඛචතුරියන් මහතා (Vahagn Khachaturyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත.
ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පිරිනමා ඇති ආර්මේනියා ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ඇගයීමට ලක් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාවට යහපත් සෞඛ්‍ය, සාර්ථකත්වය සහ සාමය ප්‍රාර්ථනා කරන බව ද ආර්මේනියානු ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවුඩයේ තවදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් එක සුවාසි ලන්තයට ගියා වගෙ තමා
කොහෙද අනේ මෙ රටවල් තියෙන්නෙ ?
ඇයි තවමත් ප්‍රමාද උගන්ඩාවෙ අප්පචිචි ගෙ සුබ පැතුම් . අපේ රටේ මුදල් බගෙට බාගයක් තියෙන්නෙ. එහෙනේ. ගෝටා ඇයි අරක්ශාව පතලා ඒ රටට යන්නෙ නැත්තෙ අපරදේ මුදල් හැන්ගුවේ. උවමනා වෙලාවට නැතිනම් වැඩක් තියෙනවද. ගියානම් ගෝටා ඒ රටට. මේ වෙලාව වෙනකොට පන්සකුලෙ දිලත් ඉවරයි.
අනේ ඔය දෑත නිකන් දික් කරන්න එපා. ඩොලර් කීයක්හරි තියලා දෙන්න. ඒ තරමට අපි ලෝකෙට හිගන්නු වුනා.
ආර්මේනියාව කියන්නේ ඒ තරම් බලවත් රටක් නොවෙයි. අනේ දෙවියනේ මේ මිනිස්සු ලංකාවට උදව් කරන එකෙනුත් ගහයිද මන්දා?