වැඩවර්ජන, උද්ඝෝෂණ හා විවිධ තර්ජන කරමින් ආර්ථිකය කඩාකප්පල් කිරීමට විරුද්ධවාදීන් දරණ උත්සාහය පරාජය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද (29) පැවැසීය.
අනුරාධපුර දිස්ත්‍රික් එජාප ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සඳහා යෞවුන් නිකේතන ශාලාවේ රැස්වීමක් අමතමින් අගමැතිවරයා එසේ පැවසීය.
“අපි බාර ගත්තේ ආර්ථිකය කඩා කප්පල් කළ රටක්. 2015 ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නට අප ක්‍රියා කළා. ආර්ථිකය පිරිහුණ රට ගොඩ නැගීමට රටේ ප්‍රශ්න විසඳීමට වැඩකරගෙන යන විට අන්තවාදීන් ප්‍රශ්න ඇති කරනවා. ඒ අන්තවාදීන්ට ඔලුව උස්සන්න බැරිවෙන විදියට අපේ ව්‍යාපාරය ගෙනි යනවා”
“අපට ඕනේ බලය පෙන්වන්නයි. අපේ ගමන කඩා කප්පල් කරන්න දෙන්න බෑ. 2015 ඡන්දයෙන් පසුව අප නිවාඩුවක් ගත්තා දැන් එක්සත් ජාතික පක්ෂය යළි සංවිධානය කර වැඩ පටන් ගන්නවා” යැයිද අගමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට සහ චීනෙට දැනටමත් විකුණලානේ. අනේ දෙවියනේ, මගේ රට ගැන බලන්න (නි)
හොඳට තිබුන ආර්ථිකය කඩාකප්පල් කළේ කවුද කියල නොකිවුවට ජනතාව හොඳට දන්නවා. වීවේකගෙන /නිදාගෙන උන්න නිසා තමයි පිටරටින් හාල් ගෙන්නන්න වුණෙත්. ඔය භාෂාව ජනතාව දන්නවා හුඟක් ඉස්සර ඉඳලා. (නි)
කට කට! මේ වනතුරු කරපු දෙයක් නැහැ නේද? ආර්ථිකයට අත තියලා එය විනාශ කළේත් ඔබතුමාලගේම ආණ්ඩුවයි. (නි)
චානක ලොස් ඇන්ජලිස්, අනේ මේ රටට ඇවිල්ලා බලන්න. ලොකුම හොරා කරපුවා නිසා තමා තාම කාලා ඇඳලා ඉන්නේ. (නි)
බටලන්ද කාලය මතකයිනේ කාට කාටත්? (නි)
1977-1989 කාලය ගැන තොරතුරු සොයා බලන්න. (නි)
වර්ජන කරලා බණ්ඩාරනායක අගමැතිතුමාගේ රජය විඩාවට පත්කළ පක්ෂ, අද ඔය විරුද්ධ පක්ෂය සමඟ අත්වැල් බැඳගෙන රට අායෙත් කන්නද හදන්නේ. (නි)
සුපිරි මොළයක්නේ බලනකොට මෙතුමාට තියෙන්නේ (නි)
අපිද ආර්ථිකයට අතතිබ්බේ අර බැඳුම්කර මගඩියෙන්? (නි)
දකුණු ආසියාවේ ලොකුම ජෝකෙර් පහළ වී ඇති හැටියි (ම)
ඔහොම ගියොත් නම් වැඩ වරදියි මහත්තයෝ (නි)
රටේ ආර්ථිකය විනාශකළේ අපිද එතකොට? (නි)
අන්න නියමයි! (නි)
රුපියල් 25000 දඩ වැනි තවත් යෝජනා ගෙනඑන්න. එතකොට ඔබතුමාගේ නිවාඩුව තවත් අවුරුදු කිහිපයකින් දිගු කරගන්න පුළුවන්. ඔබතුමාලා ඡන්දෙට පෙර පොරොන්දු වුණ පරිදි හොරු ටික අල්ලන්න. හොරුන්ව බොරුවට සති දෙක තුන රිමාන්ඩ් කළාට මදි (නි)
මෙතුමාලා රාජ්‍ය කාලයෙන් බාගයක්ම නිවාඩු අරගෙන. අපට හුස්ම ගන්න නිවාඩුවක් නැහැ. (නි)
මේවා ප්‍රසිද්ධ විහිළු මහත්තයෝ (නි)
ඔහොම තමා ඉන්න ඕනෑ. (නි)
ප්රජාතන්ත්රවාදී අයිතිය දෙනවා කියලනේ ආවේ ඉතින්. යහපාලනය කියන්නේ උද්ඝෝෂණ වලට ඉඩ සහ ඇහුම්කන්දීම. (නි)
ආර්ථිකය කඩාකප්පල් කරපු මෙතුමාගේ අර යාලුවා නම් තවම නිදැල්ලේ. ජනතාව උද්ඝෝෂණ කරද්දී ඒවා නම් කඩාකප්පල්. (නි)
ගරු අගමැතිතුමනි, ඉවසීම අතින් ඔබතුමා ඉතාමත් ඉදිරියෙන් සිටින නායකතුමෙක්. 2021 වැඩි ඈතක නෙමෙයි. ඉවසීමෙන්, කල්පනාවෙන්, බුද්ධිමත්ව සිංහල කතාවේදී මහජනතාවගේ හදගැස්මට සංවේදීව පරිස්සමින් කතාකරන්නේ නම් ඔබතුමාගේ අරමුණ කරා 2021 දී බාධාවකින් තොරව ළඟාවිය හැකිය. ඒ පෙරමඟ ලකුණු පහළවෙමින් පවතිනවා. (නි)
රට විකුණලද ආර්ථිකය හදන්නේ යන්නේ? (නි)
මේ වෙනකන් නිවාඩු ගත්ත බව පෙනෙනවා ආර්ථිකය දිහා බැලුවම. 2015දි තිබුණු ආර්ථිකය දැන් කඩාවැටෙන බව අපිට පැහැදිලියි. දැන් කිසිම සංවර්ධන වැඩක් කෙරෙන්නේ නැහැ, කෘෂිකර්මාන්තයත් වැටිලා, තව මොනවා වෙන්නද? කෝ කියපු වැඩ කළාද? (නි)
ලොකුම විහිළු කියන්නේ මේවට තමා (නි)
නීතිගරුක ජනතාවට ගරු අගමැතිතුමාට කියන්න තියෙන්නෙත් මේකමයි. මෙතුමා බාරගත් කඩාවැටුන ආර්ථිකයේ, මහ දවල් මහ බැංකුව මංකොල්ලකෑමට ඉඩතියන්න එපා. හිටපු අය කොමිස් වෙනුවෙන් රට උකස් කළා වගේ ඔබලා කොමිස් වෙනුවෙන් ආර්ථිකය විකිණීමට ඉඩතියන්න එපා. රටේ ආර්ථිකයට අත තියන්නේ ඩුබායි බැංකු ගිණුම් හිමි දේශපාලන ව්‍යාපාරිකයන් මිස කුලියට හෝ උද්ඝෝෂණවල යෙදෙන අය නම් නොවේ. (නි)
බැඳුම්කරයේ පාඩුවෙන් ආර්ථිකයට හෙණයක් වැදුනේ කවුරු නිසාද මහත්තයෝ. තවත් මොන කතාද..? (නි)
ඔව් ඔව්, වැඩවර්ජන, උද්ඝෝෂණ හා විවිධ තර්ජන කරමින් ආර්ථිකය කඩාකප්පල් කිරීමට විරුද්ධවාදීන් දරන උත්සාහය පරාජය කරන්න ඕනෑ. එතකොට මහබැංකු බැඳුම්කර වලින් කට්ටිය දුන්න ගේම් එකෙන් ආර්ථිකය ශක්තිමත් වෙනවද? (නි)
අනේ මහත්තයෝ, අන්තවාදීන්ට කෙසේවෙතත් දැන් මහජනතාවට නම් ඔලුව උස්සගන්න බැරි සයිස් එකක් වෙලා තියෙන්නේ. (නි)
කතාවට නම් හරිම හිනා! මේ එක නෙමෙයි. "ආර්ථිකයට අත තිබ්බොත් බලාගෙන" කිවුවේ අපටද නැත්නම් ඔබතුමාටම කියාගත්තද? මොකද අර්ථිකය හසුරවන්නේ අපි නොවේනේ. අපි දැන් දුන් දේ කාලා වෙන දේ බලා ඉන්නවා (නි)
අනේ මෙයාලගේ චුයිංගම් බ්‍රේස්ලට් ආර්ථිකය! (නි)
2015 දී 7% ට කිට්ටු ආර්ථික වර්ධන වේගයක් සමඟයි රට භාරගත්තේ. දැන් 5% මට්ටමට ඇවිත්. මෙයට ප්‍රධාන හේතුව මහබැංකු බැඳුම්කර වංචාව. (නි)
සුභාෂණ මේ යන විදියට ගියොත් ඉදිරියක් තියා 2021 වෙනකොට පස්සත් ඉතිරි වෙන්නේ නැහැ. ජනතාවට කියන්න තියෙන්නේ වෙන කවුරු හරි මහා බැංකුවට අත තිබ්බොත් බලාගෙනයි කියලයි. (බ)
අනේ නිකන් ඉන්න අගමැතිතුමා.... බැංකුවේ මහා හොරාව ආරක්ෂා කරගන්න ගමන් මෙතන එනවා ලොකු ටෝක් දෙන්න ,,,,,ඔයාත් මිට පස්සේ මිස්ටර් ක්ලින් නොවන වග මුළු රටේම ඉන්න පොඩි එකා පවා දන්නවා ,හොරෙක්ව බේරා ගන්න දගලන කෙනා ඊටත් වැඩිය ලොකු හොරෙක් කියලයි අපිට අපේ මුතුන් මිත්තෝ කියල දීලා තියෙන්නේ ,,(අ)
අපි නෙමෙයි ඔයාලමනේ තියලා තියෙන්නේ අත. ඇයි බැඳුම්කරය? (නි)
1980 දී සිදුවූ දේවල් මතකයි. ඉතිහාසය නැවත නැවත සිදුවෙන හැඩයි (නි)
නිවාඩුවෙන් පස්සේ නැගිටලා වගෙයි! (නි)
අර හොරු රැල මානබලන්නේ රට අරාජික කරලා බලයට රිංගන්න. ඔය කඩාකප්පල්කාරී ක්‍රියා මෙහෙයවන්න අනුබල දෙන මහා හොරාව පළමුව අත්අඩංගුවට ගන්න (නි)