මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඇතැයි කියන අඩු පාඩු සම්බන්ධයෙන් විභාග අපේක්ෂකයන්ට සාධාරණයක් කරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමය අද (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලින් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු 10 දෙනෙක් එහි වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.
මෙවර ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු කිහිපයක් ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් විභාග කොමසාරිස්ට ලිඛිතව දන්වා ඇති බව ද, උත්තර පත්තර ඇගයීමේ දී ඒ අඩුපාඩු සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නැති බව ද , ඒ නිසා සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වන බව ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
මානව හිමිකම් කොමිසම අසළ දී මාධ්‍යයට අදහස් දක්වමින් ස්ටාලින් මහතා මෙසේ ද කීවේය.
‘මෙවර ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු ඇති බව ප්‍රශ්න පත්‍රය ලබා දුන් දිනයේ සිටම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පෙන්වා දුන්නා. මේ අඩුපාඩු නිසා ළමයින්ට ලකුණු 15ක් පමණ අහිමි වන බව කියමින් ආචාර්යවරුන් විභාග කොමසාරිස්ට ලිපියක් යැව්වා.
උත්තර පත්තර පරීක්ෂකයන්ගේ රැස්වීමේ දී ඒවා හරි ආකාරයට සාකච්ඡාවට බඳුන් වුණේ නෑ. දැන් ආර්ථික විද්‍යාව ඇගයීම් ඇරැඹිලා. ඇගයීම් අවසන් වන්නට මෙය විභාග කර දරුවන්ට සාධාරණයක් ඉටු කරන ලෙස අපි මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලනවා. ‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන ඇමති තුමා හැමදාම අනා ගන්නවා ඕකට තියෙන හොදම විසඳුම නියෝජ්‍ය ඇමතිට වැඩේ බාර දෙන එක ගරු ජනාධිපති තුමනි මේ ගැන කාරුණිකව සලකා බලන්න රටේ අනාගතයට ලොකු අසාදාරනයක් වෙන්නේ. රජයත් අපහසුතාවලට ලක්වෙනවා මෙවැනි ඇමතිවරු රජය සමග සිටීමෙන් වහාම තීරණයක් ගන්න !!!! (අ)
මම නම් මේ දකින්නේ කළ දුටු කල වල ඉහ ගැනීමේ ක්‍රියාවක් මිසක වෙන යහපත් අදහසකින් කරන ක්‍රියාවක් හැටියට නෙමෙයි.ලකුණු අඩුවීමක් වෙනවනම් එ්ක පොදුවේ සියලු සිසුන්ට බලපාන දෙයක්..මෙතන තියෙන්නෙත් මෙදා පාර ප්‍රශ්න පත්‍රය හදපු අය පිළිබදව ඉරිසියාව කුහක කම මිසක් වෙන දෙයක් නෙමෙයි..මෙදා ප්‍රශ්න පත්‍රය හැදුවෙත් ගියවර හැදුවෙත් ඔය කියන මහාචාර්ය වරුම තමයි..ගියපාර කෙනා අයින් කරපු එක නිසා තමයි මේ විදියේ ගැටළුවක් කට්ටියට ඇති වුනේ..ගියපාර හදපු කෙනාගේ කෙරුවාව සති අන්ත පුවත් පතක් මනාව හෙළි කරලා තිබුන.ඒක අනුව ගියවර සහ ඊට පෙර විභාග හරිනම් අවලංගු කරන්න ඕන..මේ කට්ටියගේ ඇනකොටා ගැනීම අස්සේ ගුරු සංගමේ බොර දියේ මාළු බාන්න හදනව....තමන්ගේ වෘත්තිය අයතිවාසිකම් දිනාගන්න පඩිපත වැඩිකරගන්න උසස්පෙළ සිසුන්ගේ පිළිතුරුපත් ඇගයීම ඇපේට ගත්තු ඒකෙන් නින්දිත පහත් අශික්ෂිත විදියට ඉල්ලීම් දිනාගන්න උත්සහ ගත්තු ගුරු සංගමේ මේ කිඹුල් කදුළු උසස්පෙළ සිසුන් වෙනුවෙන්ද? කවදාවත් නැහැ.. යන්තම් දුමක් දැක්කනම් පැට්‍රල් දාල වටේම ගිනි තියන්න කට්ටිය හරි දක්ෂයි...අපි නොදන්නා ස්ටර්ලින්.. (අ)
අනේ මගේ රටට ගිය කලක් (දී)
ලෝකේ හිනස්සන වැඩ මේවා (දී)
ඔන්න රටකට ගිය කල (දී)