උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අද (11) පැවැති උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ රැස්වීමේ දී ගුරුවරුන් ඉදිරිපත් කළ තර්ක හමුවේ ආර්ථික විද්‍යා ප්‍රශ්න දෙකකට ලකුණු ලබා දීමට තීරණය වූ බව විභාග දෙපාර්තමේන්තු ආරංචි කියයි.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පැවසුවේ එලෙස ලකුණු දෙකක් ලබා දීමට තීරණය වූ බවට තමාට ද නිල නොවන ලෙස දැනගන්නට ලැබුණු බවයි.
ප්‍රශ්න පත්‍ර සකස් කළ විද්වතුන් එය නිවැරදියැයි කොතෙකුත් කීවත් ගුරුවරුන්ගේ තර්ක විතර්ක හමුවේ ඇතැම් දොස් පිළිගැනීමට සිදුවන බවත්, විභාග දෙපාර්තමේන්තුවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය එය බවත්, ළමයින්ට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් ඔහු කීවේය.
රාජගිරිය ජනාධිපති විද්‍යාලයයේ පැවැති එම රැස්වීමට ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර ඇගයීම් කරන ගුරුවරු 1061දෙනෙක් කැදවනු ලැබ සිටියහ.
ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටළු ඇති බව කියන තැන් කිහිපයක් සම්බන්ධයෙන් ගුරුවරු තර්ක විතර්ක කළහ. ගුරුවරුන්ගෙන් පිරිසක් එතැනින් පිටව යෑමට ද සැරසුණු බව ගුරුවරු කිහිප දෙනෙක් කීහ.
මේ අතර ප්‍රශ්න පත්‍රයේ ඇතැයි කියන දෝෂ නිසා සිසුනට ලකුණු 15ක් ලබා දිය යුතු බව කියමින් ආචාර්ය මහාචාර්යවරු දස දෙනෙක් ජනපතිට පිටපතක් සහිතව ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර ඇගයීමේ ප්‍රධාන පාලක පරීක්ෂකට ලිපියක් යැවූහ.
ප්‍රශ්න පත්‍ර දෙකෙහි පාඩම් ඒකක අතර බර තැබීමේ දෝෂ ඇති බවත්, බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 25 සහ 33 ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දෙක බැගින් ඇති බවත්, බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 8 සහ 23 ප්‍රශ්නවල දී ඇති වරණ අතර නිවැරදි පිළිතුරක් නැති බවත්, 38 වැනි ප්‍රශ්නයේ ද්වි භාෂා ගැටළුවක් ඇති බවත් එම ලිපියේ සඳහන්ය.
දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ද දෝෂ කිහිපයක් ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩවලදී මොන ප්‍රජාතන්ත්‍රවාදයද ? උදාහරණයකට වැඩි දෙනෙක් කිව්ව පලියට වැරදි උත්තරයක් හරි කියල පිළිගන්න පුළුවන් ද ? (නදී)
මොනවා වුනත් ඔය හදන ප්‍රශ්න පත්‍ර වෙනත් උගතුන් පිරිසක් විසින් 'මොඩරේට්' කරනවා කියල එකක් කරනවා නේද? කව්රු හැදුවත් ඒ ගොල්ලන්ටවත් මේවා අහුවුනේ නැද්ද? සඳුනි කියනවා වගේ මේ වැඩේට හොඳ ක්‍රම වේදයක් ඉක්මනටම නොහැදුවොත් ළමයිනුත් අමාරුවේ. දෙපාර්තමේන්තුවත් හෑල්ලුවේ. (නදී)
එතකොට කෝ අර කිසිම වැරැද්දක් නැහැ කියපු අය. සමහර අය ඉල්ලා අස්වෙනවා කිව්වා නේද?දැන් ඒවාට වෙලාව කරලා පෙන්නන්න. (නදී)
වැරදි සහ පැටලිලි සහගත ප්‍රශ්න වෙනුවෙන් ලකුණු 200 න් ලකුණු 15ක් ලබා දිය යුතු බව තදින් විශ්වාස කරන බවයි මේ ආචාර්ය මහාචාර්යවරු දස දෙනෙක් කියන්නේ. ඒ විතරක් නොවෙයි පසුගිය ලන්ඩන් විභාගයේ ප්‍රශ්න පිටපත් කර එලෙසින්ම ඇතුලත් කිරීම නිසා විභාගය අවිශ්වාසයට හා හැල්ලුවට ලක්වුණා. අචාර්ය උපාධියක් ලැබුණු පමණින් අත්දැකීම් අඩු පිරිසකට ජාතික විභාග ප්‍රශ්න පත්‍රයක් සැදීමට වගකීම් පැවරු අය මෙයට වගකිවයුතුයි. උසස් පෙළ දරුවන්ට පියෙකු සේ උපදෙස් ලබාදෙමින්, වසර 10 ත් වැඩි කාලයක් දොසින් තොර භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයක් ලබාදුන් මහාචර්ය එස්. ආර්. ඩී. රෝසා ගුරු පියාණන් මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරනවා. ප්‍රශ්ණ පත්‍ර සෑදිය යුත්තේ අන්න ඒවගේ ගුරු වරු. (නදී)
වැඩේ හැටි කියන්නේ අපේ ඇමතිත් ආර්ථික ගුරෙක්නේ (නදී)
මේ ලකුණු සියල්ලන්ටම ලබාදෙනවා නම් අවසාන විභාග ප්‍රතිඵලයට එහි කිසිම බලපෑමක් නැති බව තේරෙන්නේ නැද්ද? ලකුණු ලබා දියයුත්තේ මේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට උත්සාහ කළ සිසුන්ටයි. (නි)
බන්දුල මහත්තයා දැන් වත් ඉල්ලා අස්වේවි නේද ? (නදී)
ජනතාව මේ වැඩ ගැන ඉස්සරහට බලාගනීවි (නි)
ඇමති සීඅයිඩී එකට ගිහින් දාපු පැමිණිල්ල දැන් එයාට විරුද්ධව උපෙ සිසුන්ට දාන්න තියෙන්නේ. මේ සෙල්ලම් කරන්නේ ළමයින්ගෙ අනාගතේ එක්ක. දැන් මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරනවා. (නදී)
වැඩ බැරි ළමයින්ට මේකෙන් පාඩුවක් නැහැ. නමුත් හොඳට දැනුම තියන ළමයෙකුට නිවැරදි උත්තර දෙකක් දැක්කාම කොතරම් වෙලාවක් ඒ ප්‍රශ්නය වෙනුවෙන් නාස්ති කරන්න වෙනවද? ඒවාට කව්ද සහනයක් දෙන්නේ? මේ යන්නේ නිදහස් අධ්‍යාපනයේ අඳුරුම කාලයයි. (නදී)
ඔය ප්‍රශ්න පත්‍ර හදන්නේ එම විෂය පිලිබඳ විසේශඥයෝ නෙවෙයිද ? හරිම ලැජ්ජා සහගතයි.මේවා කුමන්ත්‍රන ලෙසත් සලකන්න පුළුවන්. විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය හා ගුරු සංගමයේ හැසිරීම් රටා වෙන්ම එ්ක පේනවා. රටේ අනාගත පරපුර විනාශ කරන්න එපා. රට ගැන හිතා අවංකව වැඩ කරන්න. පිට රට සල්ලිවලට යටවීම උගත්කමේ ලක්ෂණයක්ද ? (නදී)
ආර්ථික විද්‍යාව නිවැරදිව ඉගැන්නුවොත් රටේ යථාර්ථය හෙළිවේවි. (නි)
මේ වැරදි ප්‍රශ්න නිසා නිවැරදි ප්‍රශ්න ලියන්න තිබුණ කාලය නාස්ති වුණා. අනෙක්අතට ළමයින්ගේ මානසික මට්ටම පහළට ගියා. (නි)
සේනාරත්න, විෂය පිලිබඳ විසේශඥයෝ හැදුව නම් එහෙම වෙන්නේ නැහැනේ. පිටරට සල්ලි වලට යට වෙලා තිබෙනවා නම් ඒ ලන්ඩන් විභාගයෙන් ප්‍රශ්න පිටපත් කර එලෙසින්ම උසස් පෙළ විභාගයට ඇතුලත් කිරීම කල අයද ? එහෙමත් නැත්තම් එ්කේ වැරැද්ද පෙන්නලා දෙන අයද ? චින්තක, අවසාන විභාග ප්‍රතිඵලය කියන්නේ දිස්ත්‍රක් හෝ දිවයිනේ කුසලතාව පමණක් නොවෙයි. උසස්පෙළ විභාගයේ පළමු අරමුණ විශ් විද්යාලට ඇතුල් කරගැනීම උනත් එකම අරමුණ එය පමණක් නොවෙයි. ලැබෙන සමාර්ථය සමත් අසමත් බව රැකියාවකට ඉල්ලුම් කිරීමේදී සහ වෙනත් අවස්ථාවලදී වැදගත් වෙනවා. මෙවැනි සංවේදී කාරණාවන් ගැන ටිකක් සංයමයෙන් සහ සිහියෙන් කටයුතු කල යුතුවෙනවා. (නදී)
විභාග දෙපාර්තුමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය නම් වටිනවා සර්. නමුත් දිගින් දිගටම මෙවැනි වැරදි ගැටළු පැන නැගීම සමස්ත විභාග ක්ෂේත්‍රයම හැල්ලු වීමක් ලෙසයි අපිට නම් පෙනෙන්නේ. (නදී)