උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අද (11) පැවැති උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ රැස්වීමේ දී ගුරුවරුන් ඉදිරිපත් කළ තර්ක හමුවේ ආර්ථික විද්‍යා ප්‍රශ්න දෙකකට ලකුණු ලබා දීමට තීරණය වූ බව විභාග දෙපාර්තමේන්තු ආරංචි කියයි.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පැවසුවේ එලෙස ලකුණු දෙකක් ලබා දීමට තීරණය වූ බවට තමාට ද නිල නොවන ලෙස දැනගන්නට ලැබුණු බවයි.
ප්‍රශ්න පත්‍ර සකස් කළ විද්වතුන් එය නිවැරදියැයි කොතෙකුත් කීවත් ගුරුවරුන්ගේ තර්ක විතර්ක හමුවේ ඇතැම් දොස් පිළිගැනීමට සිදුවන බවත්, විභාග දෙපාර්තමේන්තුවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය එය බවත්, ළමයින්ට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් ඔහු කීවේය.
රාජගිරිය ජනාධිපති විද්‍යාලයයේ පැවැති එම රැස්වීමට ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර ඇගයීම් කරන ගුරුවරු 1061දෙනෙක් කැදවනු ලැබ සිටියහ.
ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටළු ඇති බව කියන තැන් කිහිපයක් සම්බන්ධයෙන් ගුරුවරු තර්ක විතර්ක කළහ. ගුරුවරුන්ගෙන් පිරිසක් එතැනින් පිටව යෑමට ද සැරසුණු බව ගුරුවරු කිහිප දෙනෙක් කීහ.
මේ අතර ප්‍රශ්න පත්‍රයේ ඇතැයි කියන දෝෂ නිසා සිසුනට ලකුණු 15ක් ලබා දිය යුතු බව කියමින් ආචාර්ය මහාචාර්යවරු දස දෙනෙක් ජනපතිට පිටපතක් සහිතව ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර ඇගයීමේ ප්‍රධාන පාලක පරීක්ෂකට ලිපියක් යැවූහ.
ප්‍රශ්න පත්‍ර දෙකෙහි පාඩම් ඒකක අතර බර තැබීමේ දෝෂ ඇති බවත්, බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 25 සහ 33 ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දෙක බැගින් ඇති බවත්, බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 8 සහ 23 ප්‍රශ්නවල දී ඇති වරණ අතර නිවැරදි පිළිතුරක් නැති බවත්, 38 වැනි ප්‍රශ්නයේ ද්වි භාෂා ගැටළුවක් ඇති බවත් එම ලිපියේ සඳහන්ය.
දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ද දෝෂ කිහිපයක් ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ආර්ථික ප්‍රශ්න පත්තරේ ලෙඩේට විද්වතුන්ගෙන් බේත්
සෙලන්සියස් Thursday, 11 September 2014 06:25 PM
මේ වගේ වැඩවලදී මොන ප්‍රජාතන්ත්‍රවාදයද ? උදාහරණයකට වැඩි දෙනෙක් කිව්ව පලියට වැරදි උත්තරයක් හරි කියල පිළිගන්න පුළුවන් ද ? (නදී)
උපාලි Friday, 12 September 2014 12:21 AM
මොනවා වුනත් ඔය හදන ප්‍රශ්න පත්‍ර වෙනත් උගතුන් පිරිසක් විසින් 'මොඩරේට්' කරනවා කියල එකක් කරනවා නේද? කව්රු හැදුවත් ඒ ගොල්ලන්ටවත් මේවා අහුවුනේ නැද්ද? සඳුනි කියනවා වගේ මේ වැඩේට හොඳ ක්‍රම වේදයක් ඉක්මනටම නොහැදුවොත් ළමයිනුත් අමාරුවේ. දෙපාර්තමේන්තුවත් හෑල්ලුවේ. (නදී)
ධම්මික Friday, 12 September 2014 01:09 AM
එතකොට කෝ අර කිසිම වැරැද්දක් නැහැ කියපු අය. සමහර අය ඉල්ලා අස්වෙනවා කිව්වා නේද?දැන් ඒවාට වෙලාව කරලා පෙන්නන්න. (නදී)
චාමික Friday, 12 September 2014 01:28 AM
වැරදි සහ පැටලිලි සහගත ප්‍රශ්න වෙනුවෙන් ලකුණු 200 න් ලකුණු 15ක් ලබා දිය යුතු බව තදින් විශ්වාස කරන බවයි මේ ආචාර්ය මහාචාර්යවරු දස දෙනෙක් කියන්නේ. ඒ විතරක් නොවෙයි පසුගිය ලන්ඩන් විභාගයේ ප්‍රශ්න පිටපත් කර එලෙසින්ම ඇතුලත් කිරීම නිසා විභාගය අවිශ්වාසයට හා හැල්ලුවට ලක්වුණා. අචාර්ය උපාධියක් ලැබුණු පමණින් අත්දැකීම් අඩු පිරිසකට ජාතික විභාග ප්‍රශ්න පත්‍රයක් සැදීමට වගකීම් පැවරු අය මෙයට වගකිවයුතුයි. උසස් පෙළ දරුවන්ට පියෙකු සේ උපදෙස් ලබාදෙමින්, වසර 10 ත් වැඩි කාලයක් දොසින් තොර භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයක් ලබාදුන් මහාචර්ය එස්. ආර්. ඩී. රෝසා ගුරු පියාණන් මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරනවා. ප්‍රශ්ණ පත්‍ර සෑදිය යුත්තේ අන්න ඒවගේ ගුරු වරු. (නදී)
කුෂාන් චාමර Friday, 12 September 2014 01:28 AM
වැඩේ හැටි කියන්නේ අපේ ඇමතිත් ආර්ථික ගුරෙක්නේ (නදී)
චින්තක Friday, 12 September 2014 02:19 AM
මේ ලකුණු සියල්ලන්ටම ලබාදෙනවා නම් අවසාන විභාග ප්‍රතිඵලයට එහි කිසිම බලපෑමක් නැති බව තේරෙන්නේ නැද්ද? ලකුණු ලබා දියයුත්තේ මේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට උත්සාහ කළ සිසුන්ටයි. (නි)
නිපුන Friday, 12 September 2014 03:13 AM
බන්දුල මහත්තයා දැන් වත් ඉල්ලා අස්වේවි නේද ? (නදී)
මංජු Friday, 12 September 2014 03:29 AM
ජනතාව මේ වැඩ ගැන ඉස්සරහට බලාගනීවි (නි)
කුමාර රාජකරුණා Friday, 12 September 2014 04:41 AM
ඇමති සීඅයිඩී එකට ගිහින් දාපු පැමිණිල්ල දැන් එයාට විරුද්ධව උපෙ සිසුන්ට දාන්න තියෙන්නේ. මේ සෙල්ලම් කරන්නේ ළමයින්ගෙ අනාගතේ එක්ක. දැන් මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරනවා. (නදී)
සෑම් Friday, 12 September 2014 05:02 AM
වැඩ බැරි ළමයින්ට මේකෙන් පාඩුවක් නැහැ. නමුත් හොඳට දැනුම තියන ළමයෙකුට නිවැරදි උත්තර දෙකක් දැක්කාම කොතරම් වෙලාවක් ඒ ප්‍රශ්නය වෙනුවෙන් නාස්ති කරන්න වෙනවද? ඒවාට කව්ද සහනයක් දෙන්නේ? මේ යන්නේ නිදහස් අධ්‍යාපනයේ අඳුරුම කාලයයි. (නදී)
සේනාරත්න Friday, 12 September 2014 04:59 AM
ඔය ප්‍රශ්න පත්‍ර හදන්නේ එම විෂය පිලිබඳ විසේශඥයෝ නෙවෙයිද ? හරිම ලැජ්ජා සහගතයි.මේවා කුමන්ත්‍රන ලෙසත් සලකන්න පුළුවන්. විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය හා ගුරු සංගමයේ හැසිරීම් රටා වෙන්ම එ්ක පේනවා. රටේ අනාගත පරපුර විනාශ කරන්න එපා. රට ගැන හිතා අවංකව වැඩ කරන්න. පිට රට සල්ලිවලට යටවීම උගත්කමේ ලක්ෂණයක්ද ? (නදී)
ගුණසේකර Friday, 12 September 2014 05:56 AM
ආර්ථික විද්‍යාව නිවැරදිව ඉගැන්නුවොත් රටේ යථාර්ථය හෙළිවේවි. (නි)
අජිත් Friday, 12 September 2014 05:56 AM
මේ වැරදි ප්‍රශ්න නිසා නිවැරදි ප්‍රශ්න ලියන්න තිබුණ කාලය නාස්ති වුණා. අනෙක්අතට ළමයින්ගේ මානසික මට්ටම පහළට ගියා. (නි)
චාමික Friday, 12 September 2014 07:14 AM
සේනාරත්න, විෂය පිලිබඳ විසේශඥයෝ හැදුව නම් එහෙම වෙන්නේ නැහැනේ. පිටරට සල්ලි වලට යට වෙලා තිබෙනවා නම් ඒ ලන්ඩන් විභාගයෙන් ප්‍රශ්න පිටපත් කර එලෙසින්ම උසස් පෙළ විභාගයට ඇතුලත් කිරීම කල අයද ? එහෙමත් නැත්තම් එ්කේ වැරැද්ද පෙන්නලා දෙන අයද ? චින්තක, අවසාන විභාග ප්‍රතිඵලය කියන්නේ දිස්ත්‍රක් හෝ දිවයිනේ කුසලතාව පමණක් නොවෙයි. උසස්පෙළ විභාගයේ පළමු අරමුණ විශ් විද්යාලට ඇතුල් කරගැනීම උනත් එකම අරමුණ එය පමණක් නොවෙයි. ලැබෙන සමාර්ථය සමත් අසමත් බව රැකියාවකට ඉල්ලුම් කිරීමේදී සහ වෙනත් අවස්ථාවලදී වැදගත් වෙනවා. මෙවැනි සංවේදී කාරණාවන් ගැන ටිකක් සංයමයෙන් සහ සිහියෙන් කටයුතු කල යුතුවෙනවා. (නදී)
සඳුනි Thursday, 11 September 2014 04:11 PM
විභාග දෙපාර්තුමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය නම් වටිනවා සර්. නමුත් දිගින් දිගටම මෙවැනි වැරදි ගැටළු පැන නැගීම සමස්ත විභාග ක්ෂේත්‍රයම හැල්ලු වීමක් ලෙසයි අපිට නම් පෙනෙන්නේ. (නදී)