IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආර්ථික පරිවර්තන පනත ඉතා භයානකයි

(ආරියරත්න රණබාහු)

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන පනතක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වන විට පවතින්නේ ජනවරමක් රහිත පාර්ලිමේන්තුවක් බැවින් එමගින් මෙවැනි පනතක් සම්මත කර ගැනීම ඉතා භයානක බවද මහාචාර්යවරයා කීය. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ රජය ලාභ ලබන ආයතන ලහි ලහියේ විකුණා දැමීමට අවශ්‍යය පිඹුරුපත් කඩිනමින් සකස් කරන බව දැනගන්නට ලැබී ඇති බවය

ජනතා ගැටලු විසඳීම සඳහා අභිනව පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය  වර්තමාන සමාජය තුළින් පිළිබිඹු වන බව කී ඒ මහතා තරුණ පරපුර ඇමතීම සියලු පක්ෂ නායකයින්ගේ යුතුකම බවත් අනාගතයේ ජීවනාලිය  ඔවුන් බවඅමතක නොකළ යුතු යයිද සඳහන් කළේය

වත්මන් ආණ්ඩුව  මැතිවරණවලට දක්වන බිය සුළු බව හේතුවෙන් මුදල් නොමැති යැයි පවසා මැතිවරණ කල් දැමීමට අර  අඳිමින් සිටින බව පැවසූ මහාචාර්යවරයා ඒ සඳහා නොයෙකුත් උපක්‍රම යොදමින් සිටින බවද පැවසීය

පළමුව පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපතිවරණයද යන්න ගැන ජනතාව කිසියම් කුතුහලයකින් පෙළෙන බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව සඳහන් කළේය



අදහස් (6)

ආර්ථික පරිවර්තන පනත ඉතා භයානකයි

චතුර Monday, 27 May 2024 06:09 PM

එතකොට කෝ මේ පනත ගැන මොකුත් කිවේ නැද්ද මේ යකා...... මාතෘකාව එකක් කරුණු වෙන මොනවද එකක්... අනේ මන්ද එක්කෝ මේ මහචාරියට පිස්සු නැත්නම් මේ ලිපිය ලියපු එකාට පිස්සු

:       2       11

ජයනාත් Monday, 27 May 2024 06:17 PM

ඒ වුණාට ඡන්දෙ ලැබෙිවි 135ක්. මේ රෝත්ත ගෙදර යවන්න කලින් සේරම විනාශ කරලා යන්නේ

:       9       7

subra Tuesday, 28 May 2024 01:23 AM

මෙන්න මේ මොලේ කොලොප්පන් වයසක මිනිහවත් ආයේ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ වද්දගන්න නුසුදුසු එකෙක් . දශක 3 ක් විතර පාර්ලිමේන්තුවේ හිටිය . සට්ටඹි කම් කර කර හිටිය මිසක අඩුම තරමේ බෝක්කුවක්වත් හදපු මිනිහෙක් නෙවෙයි , මෙදාපාර සජිත්ගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න තමයි මේකාගේ ප්ලැන .

:       0       2

නිලවීරTuesday, 28 May 2024 11:19 AM

මාත් සජිත්ට දෙන්න හිතාගෙන හිටියා .ඒත් මේ මහාචාරියා ගත්තු නිසා ( මුන්දැට පිස්සු නැත්නම් ශෝක්) අහක බලන්න වෙනවා මොකද මුන්දැ චන්ද්‍රිකා ආණ්ඩුවේ හෝ මහින්ද ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා හැටියට ඉදිරිපත් කල අයවැයක් මගින් රජයේ සේවකයින් සදහා වැටුප් වැඩිවීමක් දෙනවා කිව්වා .ඒකට තවමත් චක්‍රලේඛ නැහැ ඒ නිසාම වැටුප් වැඩිවුනෙත් නැහැ

:       0       0

Vithana Tuesday, 28 May 2024 06:01 AM

හරියට මෙයාට ඡන්ද දිනන්න පුළුවන් වගේ කතාව. හැමදාම ඇමැතිකමක් බලාගෙන දිනනවා යැයි එයා හිතන එක්කෙනෙක්ගේ වලිගේ එල්ලිලා ගියා මිසක් මෙයාට තියෙනවද ස්වාධීන දේශපාලන මතවාදයක්? මහාචාර්යකම තියෙන්නේ දේශපාලනයෙන් නොවන නිසා ඒ පට්ටම පාවිච්චි කිරීම සදාචාර විරෝධියි. මෙයාගේ දේශපාලන හැසිරීම් ඒ මහාචාර්ය පට්ටමට නින්දාවක්

:       0       5

තර්ස්ත මාර්ෂල් Tuesday, 28 May 2024 08:09 AM

අවරුදු ගණන් බලයේ රැදී ඉදලා , රට බංකොලොත් වෙන ආර්ථික පරිවර්තනයක් කරන්න උදව් උපකාර කරලා, දැන් ලජ්ජා නැතුව වැරදි හොයනවා .

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site