(නිමල කොඩිතුවක්කු)
මහමැතිවරණයෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා මුදල් කමිටුවේ සභාපති ධුරය ආණ්ඩුවට ලබාදීමට කටයුතු කළ කතානායකවරයා සහ සභානායකවරයා රටට සිදුවූ විනාශයේ හවුල්කරුවන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී අද (15)පැවසීය.
2020 වසරේ මහ මැතිවරණයෙන් පසු ස්ථාවර නියෝග අනුව මුදල් කමිටුවේ සභාපති ධුරය විපක්ෂ සඳහා ලබා දිය යුතු වුවත් ස්ථාවර නියෝග කඩ කරමින් එම කමිටුවේ සභාපති ධුරය ආණ්ඩුව ට ලබා දීමෙන් රට මෙතරම් වයසනයකට පත්වීමට හේතු වූ බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
එවක මුදල් කමිටුවේ සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබා දුන්නේ නම් රට පත්ව ඇති ආර්ථික අර්බුදය පිළිබඳ සැබෑ තතු ජනතාවට මීට වසර දෙකකට පෙර දැන ගැනීමට ඉඩ තිබූ බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එසේනම් කල් ඇතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රට සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉඩ තිබූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රජයට අවශ්‍ය තරම් මුදල් ඇති බව පවසමින් ජනතාව නොමග යවමින් අත්තනෝමතික ලෙස රජයේ කටයුතු කිරීමේ ප්‍රතිවිපාක අද ජනතාවට භුක්ති විඳීමට සිදුව ඇති බවත් හෙතෙම තවදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
447
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආර්ථික අර්බුදයට කතානායකවරයාත් වගකිව යුතුයි
චන්දන Monday, 15 August 2022 03:32 PM
නිකං අත හෝදගන්න ලෑස්ති වෙන්න එපා. අවුරුදු ගණනාවක් රට පාලනය කළ තමුන් නැහැලා මේවාට කතානායකට වඩා වග කියන්න ඕනෑ. ඊළඟ ඡන්දෙදී බලාගමුකෝ...
දහ අට වංගුව Monday, 15 August 2022 04:04 PM
දහ අට වංගුව හදනකොට දෝණියැන්දගේ මාර්ග සංවර්ධන කටයුතුවලට එදා ආර්ථිකය බලපෑවේ නැද්ද .?
fairoos Monday, 15 August 2022 04:43 PM
69 ලක්ෂයේ අයට සහ වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.
podimalli Monday, 15 August 2022 08:09 PM
යහපාලනය කාලේ මහ බැංකුව කොල්ල කෑමට, වැට් වැඩි කිරීම, හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීම. මේවට හිටපු කථානායක වගකියන්න ඕනෙද? තනතුරු විපක්ෂයට දුන්නහම ඩොලර් වහිනවද? ගොන් කතා
Perera Tuesday, 16 August 2022 12:22 AM
අඩු වැඩි වශයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න 225යි, ජනාධිපති ගොල්ලොයි, ඒ අයව පාර්ලිමේන්තු ඇරපු බලයට පත්කරපු, බලයට පත් කරපු, අමනෝඤ මෝඩ ජනතාවයි රටේ වත්මන් තත්වයට වගකියන්න ඕනේ...!