(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජනා ඇතුළත් මාර්ග සිතියමක් (Road map) පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටෙි වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වන ලද සාකච්ඡාවකදී මේ පිළිබඳ අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා කීවෙි මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
සමගි ජනබලවේගය ඇතුළු පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ලංකාවෙි වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.
රටේ ආර්ථික ව්‍යසනය අවම කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර දීලා ගොවි ජනතාව ශක්තිමත් කරන්න. වගා කරලා පුලුවන් මේ රට දියුණු කරන්න. සුර්ය පැනල් වලින්, සුළං බලාගාර, ටර්බයින් බලාගාර වලට යොමු වෙන්න. රටේ හදන ඉලෙක්ට්‍රික් වාහන වලට මුල් තැන දෙන්න. සෝලා පවර් වාහන වලට රාජ්‍ය අනුග්‍රහය දෙන්න. මේ රට දියුණු කරන්න පුලුවන්.
අපිට ඉන්නව ගැසට් ජනපති කෙනෙකුයි, සාකච්චා අගමැති කෙනෙකුයි. රට ඉතින් වලපල්ලටම තමයි. රනිල් එනකොට මොනවද කිව්වෙ. ගෑස්, ඉන්ධන ගෙදර තියෙනව වගෙ කයිය ගැහුවෙ. ජනතාව ගොනට අන්දල ආවෙ.
කබ්‍රාල්ගේ රෝඩ් මැප් එක මතක් වුණා මට.. ලංකාවට ඩොලර් ගලාගෙන එයි කියල කිව්වා
බහුතර මන්ත්‍රීලගෙ අදහස් අනුවතමා රටට කෙලවී තිබෙන්නේ. උගත් බුද්ධිමත් කිහිපදෙනෙකුගේ අදහස් ගත්තම හොඳටම ඇති. අර එකදවසක මහබැංකු අධිපති ඊළඟ දවසේ පාර්ලිමේන්තුවේ හිටිය ඉගෙනගත් දෙයටත් ගැරහු ගොබ්රාල් වගේ උන්ගෙන් බලාපොරොත්තුවන්නේ කුමක්ද ? ගොබ්රාල් වගේ කබරයන් තවත් ඉන්නවා. අම්මෝ හරි පරෙස්සමෙන්.
මේ රටේ අනාගතය සම්බන්ධ මාර්ග සිතියම ඇමරිකාව ඇඳලා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න තමයි ගෝඨා-රනිල් ඇවිත් ඉන්නේ
මට හිනායනවා රනිල් මන්ත්‍රීවරුන්ගේ අදහස් අරගෙන රෝඩ් මැප් එක දෙනවා කිව්වාම. ඔතන බාගෙකට වඩා අයට ඕලෙවල්වත් නෑ. මම කොහොමද ආර්ථික උපාය මාර්ග හදන්නේ? රට වලපල්ලට ගියේ ඔය වගේ අය හින්දා. ගෝඨාභයගේ මෝඩ තීරණ ඒක වේගවත් වුණා. දැන් කරන්න තියෙන එකම තීරණය ඩොලර් පා කරන්න. ලබන ඩොලර් වලින් ඉන්ධන, ගෑස්, ඖෂධ හිඟය නැති කරන්න. ඩොලර් ගලාගෙන එනකොට එක්ස්චේන්ජ් රේට් එක ඩොලර් වලට වඩා අඩුවෙනවා.
දැන්ද මාර්ග සිතියම අඳින්න හිතුණේ..? කෝ තුන් වේල කතා දැන් නේ...!
ඒ සිතියම හදන්න කමිටුවක් පත්කරන්නේ නැතිද?
තාමත් සිතියම් අඳිනවාද ? අපි සිතියම් ඇන්ද කාලේ පහුවෙලා බොහොම කල්.
ඔයකියන සිතියම් 2015-2020 කලේ තිබුනේ නැද්ද? සිතියම් බල බල ඇඳ ඇඳ ඉන්න එපා කෙටි මාර්ග සොයාගන්න.