
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවට අද (04) ඉදිරිපත් කළේය.
මෙම පනත් කෙටුම්පත ඉදිරි දිනවල විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය.
දෙදහස් නවයේ (2009) අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික පනත ඉවත් කිරීම සඳහාද ඒ හා අනුශාංගික කාරණාවලට විධිවිධාන සැලැස්වීම සඳහාද පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණ.
මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය දැරීම අවසන් කරනු ලැබිය යුතු වන අතර එම ධූරය දරන තැනැත්තා අදාළ සන්නද්ධ හමුදාවල ඔහු අයත් සේවයට අනියුක්ත කිරීම කෙරෙනු ඇත.
එසේම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සියලු චංචල සහ නිශ්චල දේපළ ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යංශය වෙත පැවරීම කළ යුතු බවද පනත් කෙටුම්පතේ සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd