(සුජිත් හේවාජුලිගේ)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කතානායකවරයාට බාර දෙනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව නීතිමය ගැටලුවක් හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි වන පසුබිමක් නිර්මාණයවී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේ හෙයින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ නෛතික හැකියාව සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු විමසා බැලීමට නීතිපතිවරයාට යොමු කර ඇති බව රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
එසේම මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් නොකරන ලෙසට කතානායකවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මෙම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඊයේ ඇතුළත් කිරීමට නියමිතව තිබිණ.
අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාට ගැසට් නිවේදනයකින් විෂය පැවරීමක් කර නැති හෙයින් යම් වගකීමක් නිල වශයෙන් නොපැවරී ඇති අවස්ථාවක එවැන්නකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ නෛතිකමය හැකියාවක් නොමැති බව ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමතිවරු පෙන්වා දෙති.
එවැන්නෙකුට විරුද්ධව යෝජනාවක් ගෙන එන්නේ නම් ගෙන ආ හැක්කේ දෝෂාරෝපණය කිරීමේ යෝජනාවක් පමණක් බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.
එසේ හෙයින් නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ හැකියාවක් නැති බව කියන එම මැති ඇමතිවරු ලංකා ඉතිහාසයේ කිසි දිනක නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි ද ප්‍රකාශ කළහ.
මෙම යෝජනාව ගෙන ඒමට මූලික වී කටයුතු කළ සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගෙන් අප මේ පිළිබඳව කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයා විදේශගතව සිටි සෑම අවස්ථාවකම ඔහුගේ ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ ආවරණය කරනු ලැබුවේ අරුණ ජයසේකර මහතා බවයි.
එසේම ඔහු නිතර ආරක්ෂක හමුදා කඳවුරු වලට පවා යමින් විවිධ නියෝග ලබාදුන් බවත් එවැනි තත්ත්වයක් යටතේ ඔහු එම අමාත්‍ය ධූරයේ සිටියදී පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමෙන් ඒ පරීක්ෂණවලට අගතියක් සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට ගෙනා විශ්වාසභංගය විසිවෙයි?
ප්රිටන් පෙරේරා Saturday, 16 August 2025 09:36 AM
නීතිපති තීන්දුව අපක්ෂපාතී විය යුතුයි. ඔහු පත්කලේ හිටපු ජනපති බැවින් ඒ තීන්දුව කිසිසේත් මේ ආණ්ඩුවට පක්ෂපාතී යැයි කිසිවෙකුට කිව නොහැකියි. එබැවින් බොරුවට තර්ක නොකර ඒ තීන්දුව එනකල් ඉඳිමු...
MD Saturday, 16 August 2025 10:18 AM
හතරබිහිරි කථාවක්නේ. ජනාධිපති නැති වෙලාවට වැඩ බලන අයට විෂය පථයක් නැත්නම් පුදුම වැඩක්නේ? ඵයාට ඕන ඕන දේවල් කරලා වගවීමක් හෝ වගකීමක් නැතිව ඉන්න පුළුවන්ද? එතකොට හරියට ද්විත්ව පුරවැසියෙක් වගේ මාරුවෙලා යයි නේ? මොකක්ද ඵ් නීතිය...?
අන්_ර Saturday, 16 August 2025 10:22 AM
දැන් මේක ඇහුණාම කියන දේ කරන්නේ නෑ කියලා අරයට මළ පනිනවා. ඊළඟ ඡන්දෙදී විරුද්ධව ඡන්දේ දෙන්න කියලා එයාගේ බැටළුවන්ට කියයිද දන්නේ නෑ.
කව්ද බෝයි Saturday, 16 August 2025 10:52 AM
සුළු හොරකමකට අදාල නඩුවක්වත් උසාවියේ කතාකරන එක නීති විශාරදයෙක්වත් විපක්ෂයේ ඉන්නවද? නමට නීතිඥ... ඉතිං කොහේද මුං රටක් කරන්නේ...
සෙනෙවිරත්න Saturday, 16 August 2025 11:39 AM
අනේ මෙන්න අත්දැකීම් බහුල අයගේ වැඩ, ආයතනයක වැඩ බලන කෙනෙකුගේ නියෝග අත්සන් වලංගුද කියලා මෙතුමාට පැහැදිලි කරන්න, මොකුත්ම දන්නේ නැති බබා, අරුණ ජයසේකර නැගෙනහිර වැඩ කළේ තමුන්නැහැලාගේ ආණ්ඩුව කාලේ නේද? ඇයි දැන් මේ නින්දෙන් ඇහැරිලා වගේ. වෙන කරන්නම දෙයක් නැති වුණාම කවුරුත් කරනවා වැඩක් නැති වැඩ...