IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය සිකුරාදා න්‍යාය පුස්තකයට?

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බාර දෙනු ලැබූ විශ්වාස භංග යෝජනාව බොහෝ දුරට මේ සතියේ සිකුරාදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

සභා ලේඛන කාර්යාලය එම යෝජනාවේ පරිවර්තන කටයුතු කරගෙන යන බවද එම ආරංචි මාර්ග පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකුගේ අත්සනින් යුතු එම යෝජනාව කතානායකවරයාට ඊයේ භාරදෙනු ලැබීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ  අරුණ ජයසේකර මහතා නැගෙනහිර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ හෙයින් එම පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක් ඇතිවීම වැළැක්වීම සඳහා ඔහු එම තනතුරින් ඉවත් විය යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කර සිටිති.



අදහස් (2)

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය සිකුරාදා න්‍යාය පුස්තකයට?

කපුරුහාමි Wednesday, 13 August 2025 02:20 PM

ආණ්ඩුවට වැඩ කරන්ඩ වෙලා තියෙන්නේ විපක්ෂයේ උන්දැලා කියන විදියටද? බාල බෙහෙත් ගෙනැල්ලා, ලෙඩ්ඩු මැරෙන කොට ඇස් අන්ධ වෙන කොට... සෞඛ්‍ය ඇමැතියාට විරුද්ධව විශ්වාස භන්ගයක් ගේනකොටකොහොද දන්නේ නැහැ මේ උන්දැලා හිටියේ?

:       0       1

ගුණරත්න Wednesday, 13 August 2025 05:40 PM

කපුරුහාමිලාට අමතක වුණාට විපක්ෂයේ කාර්යභාරය මේක තමයි. ඒත් උන්දැලා විපක්ෂයේ හිටිකාලේ මීටත් වඩා දුරගිහින් ආර්ථිකයට හානිදායක දීර්ඝ වර්ජන දේපල හානි කළා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 794 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site