ශ්රී ලංකා වැසියන්ට තමිල්නාඩුවේදී මෑතදී වූ සිද්ධි ගැන ඉන්දියා රජයේ දැඩි අවධානය යොමු වී ඇතැයි ද, ඉන්දියාවට යන එන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ පරිස්‍සම ආරක්ෂාව හා සුඛවිහරණය තහවුරු කිරීම පිණිස සියලු පියවර ගෙන ඇතැයි ද එවැනි පියවර ඉදිරියේත් ගනු ඇතැයි ද, මෑතදී වූ නීතී විරෝධී සිද්ධිවලට වගකිය යුතු සියලු දෙනාට නඩු පැවරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉක්මණින් පියවර ගනු ඇතැයි ද කොළඹ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම නිවේදනය මෙසේ ද කියයි.
‘ඉඳහිට ඇති වන සිද්ධී වලින් ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් ජනතාව අතර පවත්නා සමීප ඓතිහාසික, සංස්කෘතික සහ ශිෂ්ටාචාරමය සබදකම්වල අත්‍යවශ්‍යය අංගයක් වන ශක්තිමක් බැදීම් පිළිබිඹු නොවේ. මෙම යුග ගණන් පැරණි බැදීම් සහ නෑකම් අපගේ සබදතාවල ඇති ශක්තීන් ලෙස දෙරටම සලකයි. ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන ප්‍රධාන මූලාශ්‍ර ය ලෙස පවතින්නේ ඉන්දියාවයි. එමෙන්ම පසුගිය වසරේ ශ්‍රී ලාංකිකයන් 250000කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට පැමිණියේය. මෙවැනි කාරණාවලදී අප විසින් ගනු ලැබන ක්‍රියාමාර්ග සඳහා මග පෙන්වනු ලබන්නේ මෙම සුවිශේෂී ආකල්පයයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පේනවනේ. යන්න නම් එපා එක්කෙනෙක්වත්. මේවට අපි අපිම තමයි වග කියන්න ඕනෑ. (නි)
අපි දන්නවා ගත්ත පියවර මොකද්ද කියන්න (දී)
නිහාල් ප්‍රියංකර සහ ජෝයි දක්වා ඇති අදහස් අගය කරමි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සම්බන්ධය ශක්තිමත්ව දිගින් දිගටම පවත්වාගෙන යායුතුයි. සමගිය බලය වේ. බාදක නැති දෙයක් මේ ලෝකයේ නැත. එක වහලය යට ජීවත්වත අඹු සැමියන් අතර පවා ඉඳහිට ප්‍රශ්න ඇතිවන්නේ නැද්ද? (නි)
ඔය අය කියන ඒවා විශ්වාස කරන්න බැහැ. අාප් මිනිස්සුන්ට වෙනත් මාර්ගයකින් යන්න ක්‍රමයක් සොයා ගන්න වෙයි. ඉන්දියාවට යනවා නම් අපිට තියෙන්නේ දඹදිව පමනයි (නි)
මොන වගේ පියවරද අරන් තියෙන්නේ (දී)
මෙම සිද්ධිය ඉතා බරපතලයි. අපේ රජය වහා මීට මැදිහත් වියයුතුයි. (නි)
සිංහලයින්ව වහකදුරු වගේ පෙනෙද්දී ඒ අය කොහොමද ආරක්ෂාව දෙන්නේ? (නි)
ආසියාවේ බලවතාව කැබලි කිරීම තමිල්නාඩුවේ අරමුණයි. ශ්‍රී ලංකාවට ප්‍රශ්න එන්නේ ස්වාධීනව නැගීසිටීමට උත්සාහ කරන නිසාය. බටහිරත් ඇමරිකාවෙත් ආර්ථිකය දැනටමත් කඩාවැටෙමින් පවතී. ඔවුන් අපටත් බලපෑම් එල්ල කරන්නේ අප රටවල් අවනත කර ගැනීමටය. ආසියාතික රටවල් එකමුතුවෙන් කටයුතු කළොත් අපට එම බලවේග වලට මූණදිය හැක. (නි)
සැමදා මෙවන් ආරක්ෂාවක් අවශ්‍යයි (දී)
කරලා තියෙන්නේ මොනවාද කියලා අපිට කියන්න (දී)
හරිම ෂෝක්. (නි)
කොහොමද විශ්වාස කරන්නේ? (දී)
ඉන්දියාවේ සියළුම ජනයා ඔය දඟලන අය ඉන්න පැත්තේ මෝඩ ජනයාට කැමැති නැහැ. දන්න නිසයි කියන්නේ, හරියටම කියනවා නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළට ඉන්දියාවේ අයටත් මේ පැත්තේ අය කරදරයක්. ඉන්දියාවේ අනෙක් ප්‍රාන්ත වල අය ආශ්‍රය කළා නම් තේරෙයි. දේශපාලනය වෙනම දෙයක්. (නි)
කතාව විතරක් නම් මදි. (නි)
ඉන්දියාවේ තමිල්නාඩුවට නොයා යන්න රාජස්ථානයට, කේරලයට... (නි)
ඉතිං ඇයි එහෙනම් මෙයාලා අපේ හාමුදුරුවන්ට ගහනකම් බලාගෙන හිටියේ..!(නු)
අපොයි! ඒ ගැන මොනවා කියනවද? (නි)