නව රජය තමන්ගේ ආරක්ෂාව,වාහන හා ඉන්ධන අඩු කර ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බණ්ඩාරගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේදී අද (30) සවස ප්‍රකාශ කළේය.
එම විහාරස්ථානයේ ජය සිරිත් පිංකමකට සහභාගීවීම සඳහා ඔහු පැමිණ සිටියේය.
නව රජය තමන්ගේ ආරක්ෂාව,වාහන හා ඉන්ධන අඩු කර ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බණ්ඩාරගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේදී අද (30) සවස ප්‍රකාශ කළේය.
එම විහාරස්ථානයේ ජය සිරිත් පිංකමකට සහභාගීවීම සඳහා ඔහු පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ඉන්නේ ඔබගේ පැත්තේ නැතිනම් ඔබගේ සාක්කුවේ කියල මහ ලොකුවට ඔබත් අර උඩුබුරන උදවියත් උලුප්පල පෙන්වන්න හදනවා නම් ඔබට මොටද ආරක්ෂාවක් මං අහන්නේ ? ජනතාව මදෑ !! (ස)
ඔබ නියම බෞද්ධයෙක් නම්, ලද දෙයින් සතුටු වන්න. පන්සල් ගානෙ අපරාධකාරයන්ගේ මළගෙවල් ගානෙ ගිහින් සමාජයට ඔබ දෙන පණිවිඩය කුමක්ද ? ජේ ආර් හා විජේතුංග වැනි නායකයන් අවසන් සැන්දෑ කාලයේ ගෙවුන සරල ජීවිතය කොතරම්ද කියා වටහා ගන්න. සමාජයේ ඔබට හිමි තැන කාලය වෙන්කරාවී. (ස)
හිරේ යන්න එතකොට ආරක්ෂාව දේවි. (ස)
වාහන 100ක් ඕනද ? (ස)
අදහස් දැක්කම හිතෙනවා අපේ රටේ මිනිස්සු මොනතරම් බලුවෙලාද කියල. රටක් දිනලා නිදහසේ අබිමානයෙන් ඉන්න දීපු ඒ මහත්මයට කියන කතා... (ස)
ආරක්ෂාව මදිනම් ෆොන්සේකාව බිම දිගේ ඇදන් ගිහින් හිරේ දැම්මා වගේ වැලිකඩ ගිහින් නැවැත්තුවා නම් ඔය කරදර නැහැ නේද? (ස)
කාලෙන් කාල ආරක්ෂා කරන්න උනත් ඔය තියෙන ආරක්ෂාව හොඳටම ඇති. (ස)
හොරා කෑම නැති වුනදා බිම පෙරලෙයි වැඳ වැටිලා...මොන හොරාද අහුවෙන්න හොරකම් කරන්නේ. මහින්ද මළාම වේලලවත් තියාගන්න වෙයි නේද නැත්නම් ආයි කොටි එනවනේ. (ස)
කවුරුවත් මෙයාව දැන් ගනන් ගන්නේ නැහැ.මෙයාට මොකටද ආරක්ෂාවක්,මෙයාව මරන්න කවුරුවත් නැහැ.තාමත් බලන්නේම මහාජනතාවගේ මුදල් නැති කරන්න.(බ)
තිලක් ඩුබායි ලංකාවේද ඉන්නේ ? නැහැ නෑ ප්‍රනාන්දු, ඩුබායි තිලක් ඊළගට යන්න ඉන්නේ සයිබීරියාවටනේ. එතකොට අපට කියන්න වෙන්නේ සයිබීරියා තිලක් කියල නේ! (ස)
ඔය තිබෙන තරම හොඳටම ප්‍රමාණවත් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අනේ අපිට නම් ඉතින් ඔය කිසිම ආරක්ෂාවක් නැහැ (නි)
අනේ මෙතුමාට ඉල්ලන තරමක් ආරක්ෂාව දෙන්න ,නැතිනම් මොනවා වෙයිද දන්නේ නෑ (දිල්)
මේකේ ප්‍රතිචාර දක්වන අය හරියට තම්බින්ගේ තොප්පිය වගේ තමයි, ඕන පැත්තකට දාන්න පුළුවන්. යුද්දේ දිනපු කාලේ එතුමාට පණ දෙන්න, හිටපු අය තමයි දැන් මේ විදියට සලකන්නේ (දිල්)
අපියි කියලා මොනවා කරන්නද ඉතින්? (නි)
ඔබ අෂ්ඨලෝක ධර්මයන් ගැන මෙනෙහිකරන්න. අතහැරීමටත් පුරුදුවන්න. ඔබ වටා ඇති සෑම දෙයක්ම ඔබටම අයත් දේවල් නොවේ. එසේ සීතීම මායාවක් විය හැක. (නි)
අපි ඔබ තුමාට අදරෙයි.ගරු කරනවා , බය නැතුව ගමනක් යන්නෙත් ඔබ නිසා (දිල්)
දැන් තේරෙනවා ඇති සාමාන්‍ය අපි විඳින දුක (නි)
ඇති ඇති. ඔය හොඳටම ඇති (නි)
එසැණ පුවත් වල වැඩිම දෙනෙක් නරඹපු වැඩිම දෙනෙක් අදහස් දක්වන ලද පුවත . කව්රු කොතරම් උඩ පැන්නත් එතුමා මේ රටට කළ මිල කළ නොහැකි සේවය අදට වැඩ හෙට වටිනා බව තහවුරු වෙමින් පවතයි. එතුමා සමග වෛරයෙන් සහ ඊර්ෂ්‍යාවෙන් පෙලෙන ඩුබායි තිලක් වැනි අය කොතරම් මඩ ගැහුවත් එතුමා ජන හදවත් තුලින් අතුගා දැමීම කළ නොහැකියි . රනිල්ට , චන්ද්‍රිකාට දේශපාලනය කිරීමේ අයිතිය ඇත්නම් එතුමාටද දේශපාලනය කිරීමේ පූර්ණ අයිතිය ඇත . සම හරක්ට එය දිරවන්නේ නැත් නම් මඩ ගැසීම දිගටම කළ හැක (බ)
ඔන්න ඕවා ගණන් නොගෙන ඉන්න මහත්තයෝ (නි)
අතුල කරුණාකරලා මානසික වෛද්‍යවරයෙක් වහාම හමුවන්න. (බ)
ඒ කාලේ හම්බකළ දේවල් වලින් ටිකක් හරි බැංකු පොතක දාලා තිබුණා නම්, මේ විදියට නාහෙන් අඬන්න ඕනෑවෙන්නේ නැහැ නේද? (නි)
මහත්මයා බලය තියන විටදී පන්සිල් වලින් එකක්වත් රකින්නෑ. පන්සල් ගියේ අපිව රවට්ටන්න (බ)
හිටපු ජනපතිට ඔබ මොකවත් දුන්නද..යහපාලන ආණ්ඩුව ඔබට කොච්චර ආරක්ෂාවක් දීලා තියනවද..නිකං ජනතාව අන්දන්න එපා..දිට්ඨදම්ම වේදීනය කර්මය තමයි ඔබට පල දෙන්නේ..(බ)
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් අාරක්ෂා කරයි. (නි)
වැඩිපුර ආරක්ෂකයෝ ඕනෑනම් සල්ලි වලට ගන්න.මෙහෙම ගියොත් ගිය අයට ආරක්ෂාව දිගෙන ඉන්නවට වඩා වැඩ නැහැ. (බ)
නන්දලාල්, අපේ සමහර අයගේ වත්කම් තවම ගණන් බලන්නත් බැරිලු (නි)
යහපාලනය ගැන අපිට දැන් හොඳට තේරෙනවා මහත්තයෝ (නි)
මේවා බොරු. තිබුන ආරක්ෂාව එහෙමම දීල තියෙනවා වාහනත් එක්කම ලඟදි පී එස් ඩී එකෙන්. (ස)
බණ අහන්න ඉඳගන්නෙත් හාමුදුරුවන්ටත් වඩා උස සැපපහසු පුටුවකද? (නි)
දැන් ඉතින් එයාගෙන් වැඩක් නැහැ. ඔන්න ඔහේ හිටපුදෙන්. එයාගෙන් මැරුම් කාපු එකක් පලිය ගන්න කන්. (ස)
කලින් හිටපු ජනාධිපතිවරුන්ටත් මෙච්චරවත් දේවල් ලැබුනද? වාහන 12ක් තියෙනවා කිව්වා, ආරක්ෂකයෝ 200කට වඩා ඉන්නවා කිව්වා. ඔය මදිද? (නි)
ඕක තමයි කියන්නේ අනුන්ට වලවල් කපන්න හොඳ නැහැ කියලා අපි නම් ඒවා ඉගෙන ගත්තේ පහේ පන්තියේදී වලවල් කැපුවේ තමන් සදාකාලිකයි කියලා හිතාගෙනනේ. මක්කෙයි කොරන්නේ උසාවි නියෝගයට පිටින් යන්න බැහැනේ. උසාවියට අපහාස වෙනවා නීතිය දන්නා ඔබතුමා එය දන්නවානේ. (ස)
ආරක්ෂාවට පොලිසියේ දෙදෙනෙක් දුන්නම හොඳටම ප්‍රමාණවත්. (නි)
මෙච්චර දේවල් කරලා තියෙද්දිත් අපේ මිනිසුන්ට තාම මහින්ද මහත්තය වගේ කෙනෙක් නැහැ වගේ. කරපු විනාසේ අැස් පනාපිටම දකින්න තියෙද්දිත් මොකද අපේ මිනිස්සු තවමත් එයාවම අගමැති කරන හදන්නේ ? මොකද තරුණයෝ හිඟයක් එහෙම තියෙනවද.රටට ආදරේ , රටේ සම්පත් හොරා නොකන කෙනෙක්ව ඉදිරියට ගමු බොලව්. නැතිනම් අපි සේරම් වලේ. (ස)
ඒ වුණත් සමහරු නම් වැදගත් විදිහට ගෙදර ගියා.නැවත බලයට එන්න කෑදරකමක් තිබුනෙම නැහැ. (නි)
ඇයි බණ අහන්න වෙනත් අය වගේ බිම ඉඳගන්න බැරි කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
මොන තරම් බණ ඇහැව්වත්,මොන තරම් මළ ගෙවල් ගානේ ගියත් දැන් වැඩක් වෙන්නේ නැහැ.ජනතාව කුණු බක්කියට දාල ඉවරයි.(බ)
දන්නේ නැද්ද දැන් රටේ තියෙන්නේ යහපාලනයක් ඒ දවස්වල වගේ මුදල් නාස්ති කරන්න බැහැ තණ්හාව ජායති සෝකෝ -තණ්හාව ජායති බයන් ! රට හරිමගට ගන්නනම් උඩ සිට පහළටත් පහළ සිට උඩටත් නාස්තිය පිටු දකින්න ඕනි !(බ)
චන්ද්‍රික හිටිය තත්වෙට වඩා හොඳ තත්වයක් ඔබට තියෙනවා කියල අපි හිතනවා, දෙන්නම හිටපු ජනාධිපති වරුණේ... රට හැර යන්න උනෙත් නෑනේ.. (ස)
නිහාල් මොන අෂ්ඨලෝක ධර්මයන්ද?නැවත බලන්නේ රටේ ධනස්කන්ධය ගසා කන්නයි.එකතු කර ගත්තු ධනස්කන්ධයට අාරක්ෂාව දෙන්නයි. (බ)
ආරක්ෂාවට ෆීල්ඩ් මාෂල් කෙනෙක් ඉන්නවා එවන්නද? (ස)
බන අහන ගමන් මැදමුලනට වෙලා තමන්ගේ චරිතාපදානය ලිව්වනම් අනාගතේදී දේශපාලනයට එන්න ඉන්න යට හොඳ අත්පොතක් තියේවි. (ස)
සියල්ල දැන් ඔබට වැටහෙනු ඇති! (නි)
තවත් ඔයදේවල් පසුපස යන්නේ ඇයි? (නි)
කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)
ලදදෙයින් සතුටුවෙන්න බලන්න (නි)
එංගලන්තේ අගමැතිතුමා දුම්රියේ යනවා සාමාන්‍ය මිනිස්සු වගේ. ඉතාලියේ අගමැති බයිසිකලයේ යන්නේ. උරුගුවේ ජනාධිපති ඉන්නේ පොඩි නිවසක. වගාකරගෙන කන්නේ. ලැබෙන පඩියත් අසරණ මිනිසුන්ට දෙනවා. මේ අපේ අය පන්සල් වල ඉඳගෙන බණත් අසමින් කම්සැප හොයන්නේ ඇයි? මේවා අපි කාට කියන්නද? (නි)
අනේ මන්දා මේවා! (නි)
රටක් නිදහස් කරගත් ජාතික වීරයෙක් හිරගෙදර ජම්පරයක් ඇඳගෙන බෙලෙක් පිඟානේ බත්කාපු හැටිත් මට මතක්වුණා (නි)
සුමුදු හේවා, යම් කිසි කෙනෙක් වැදගත් ජාතික මෙහෙවරක් කල පසු ඒකට ණය ගෙවන්න මුළු රටේම මිනිස්සු පරම්පරා පිටින් තමන්ට සහ පවුලට කම්රන්න ඕන කියල හිතනවා නම් ඒ කල මෙහෙවරේ වැදගත්කම නැති වෙලා යනවා. ඒ නිසා ඔබ කල ගුණ සැලකීමයි කකුල් දෙක ළඟ වැටිලා කඹුරන එකයි අතර වෙනස ඉස්සෙල්ල අඳුනා ගන්න. (ස)
දැන් බැලුවහම මේකේ අදහස් දාන අයනේ කොටි පරාජය කරලා තියෙන්නේ. (නි)
ගොඩක් මිනිසුන්ට තව ටික කලකින් තේරුම්යාවි (නි)
ඔබ අෂ්ඨලෝක ධර්මයන් ගැන මෙනෙහිකරන්න. අතහැරීමටත් පුරුදුවන්න. ඔබ වටා ඇති සෑම දෙයක්ම ඔබටම අයත් දේවල් නොවේ. එසේ සීතීම මායාවක් විය හැක. ඔබ නියම බෞද්ධයෙක් නම්, ලද දෙයින් සතුටු වන්න. පන්සල් ගානෙ අපරාධකාරයන්ගේ මළගෙවල් ගානෙ ගිහින් සමාජයට ඔබ දෙන පණිවිඩය කුමක්ද ? ජේ ආර් හා විජේතුංග වැනි නායකයන් අවසන් සැන්දෑ කාලයේ ගෙවුන සරල ජීවිතය කොතරම්ද කියා වටහා ගන්න. සමාජයේ ඔබට හිමි තැන කාලය වෙන්කරාවී. හිටපු නායිකාවකුත් කියනවා මට ඇහුණා ඒ කාලේ එතුමියගේ ආරක්ෂාව අඩු කළා, වාහන අඩු කළා, විශ්‍රාම වැටුප අඩු කළා කියලා. අනුන්ට කැපු වලේ තමන් වැටුණ කියලා දැන් හිතෙන්නේ නැද්ද මේකට තමා කියන්නේ දිට්ටධම්ම වේධනීය කර්මය කියල. මෛත්‍රී ජනපති වූ නිසා අද ඔහොම ඉන්නව. 2010 පැරදුනානම් අපට 5 වෙනි වාර්ෂික දානයට තමා දැන් සහබාගී වෙන්න වෙන්නේ. දැන්වත් ධර්මයට අනුව කටයුතු කර යන තැනකට පින් රැස් කරගන්න. තණ්හාය ජායතී සෝකෝ කියල බුදු පියාණන් වදාලේ නිකමට නොවේ. (ස)
අර අහවල් මහත්තයා කියනවා වගේ, අපි රැවටෙයි ඕවට. (නි)
පිවිතුරු යහපාලගේ කටේ මසුරන් දාන්න වටිනවා. කොටින්ගෙන් රට බේරාගත් හිටපු ජනපතිතුමාට ජීවිත අවදානමක් තිබෙනවා. එතුමා රැකගැනීම රටේ වගකීමයි. (නි)
අර බුද්ධ පුත්‍රයෝ ටික වැදගෙන ඉන්නේ කාටද? (ස)
ඉන්න ජනාධිපතිටත් වැඩියේ ආරක්ෂාවක් දෙන්න අවශ්‍ය හිටපු ජනාධිපති තුමාට. කිසි කෙනෙකුට මතක නැහැ දැන්, ඒ කාලේ ලංකාව පුරාම බෝම්බ පිපිරිලා මස් කැලි පෙට්ටිවල දාල වලලපු කාලේ. හැංගුන කොටිය බලාගෙන ඉන්නේ අවස්ථාව එනකල් ආයිත් එක බෝම්බයක් කොළඹ පිපුරුණ දවසට තේරෙයි හිටපු ජනාධිපතිගේ වටිනා කම. නැත්නම් දෙමලෙන් ජාතික ගිය ගය ගයා තමයි අපිටත් ඉන්න වෙන්නේ ඉස්සරහට. තිලක් ඩුබායි බන අහන්න බිම නෙමෙයි වාඩිවෙන්න වෙන්නේ පෙට්ටියේ. ප්‍රභාකරන් කියපු කතාව ඇත්ත සිංහලයට ඕනෙම දෙයක් මතක තියෙන්නේ ටික දවසයි. (ස)
අනේ හාමුදුරුවන්ගේ ආරක්ෂාව අඩු කෙරුවද . මම නම් එදා ඉඳන් ඔබ තුමා සමගයි , (ස)
පාලිත, උපුල්, ලලිත් ඇතුළු අයටයි මේ කියන්නේ. එතුමාට පරම්පරා ගාණක් දෙකකුල් ළඟ වැටිලා කඹුරන්න ඕනෑ කියලා මම කිව්වේ නැහැ.ඔයාලා එතුමාගේ පවුලට කඹුරන්න කරදර වෙන්න ඕනෑත් නැහැ. තමන්ගේ දිවි පරදුවට තියලා රට රැකදුන් නායකයාව රැකගැනීම ජාතික යුතුකමක් සේම එය නොතැකීම ගුණමකුකමකි. එපමණයි. (නි)
බුදුහාමුදුරුවන්ගෙන් බන ඇහැව්වා කියල කිව්වත් දැන් රටේ මිනිස්සු රැවටෙන්නේ නැහැ.එක ඉර හඳ වගේ විස්වාසයි. (ස)
තව මොන ආරක්ෂකයෝද මහත්තයෝ.ඔබතුමා වටා ඔය ඉන්න රොත්ත ඔබතුමාට ආරක්ෂාව සපයයිනේ. දැන් කාට කාටත් තේරෙනවා නේද බලයේ ඉන්නකොට කොහොමද බලයේ නැතිකොට කොහොමද රඟේ කියලා. (ස)
අනේ මන්ද දැන් රෑට නින්ද යන්නෙත් නැහැලු. නින්ද ගියත් පෙන්නේ නපුරු හීන. ඒ වෙලාවට පිලට වෙලා කල්පනා කර කර ඉන්නවා. කොපි කෝපයක් බිලා. (ස)
මීට කලින් විශ්‍රාම ගිය ජනාධිපති වරු යුද්ධ කලේ නැති එක සමහරු උලුප්පනවා. එත් මටත් පෙන්නේ කවුදෝ කියපු හැටියට මේක තවමත් මම තමයි පලවෙනි පුරවැසිය කියල ගෙදර ඉඳල පෙන්නන්න ඕන මානසික අවශ්‍යතාවක්. මේ රට සංවර්ධිත රටක් නම් ඔහොම අතට පයට ඉල්ලුවට කමක් නැහැ . දැන් මේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය හිටපු නායකයාට ආරක්ෂාව සපයන එක නම් අපිට පුරවැසියන් ලෙස උදේ ඉඳල වෙන කරන්න දෙයක් මේ රටේ නැහැ. (ස)
අනේ අනේ ලලිත්, රට බේරාගෙන යම්තම් අවුරුදු 5ක් ගෙවෙද්දීම රට රැකදුන් නායකයාට ආරක්ෂාවදීම රටට බරක් කියලා හිතනවාද? ලලිත්ට මතක නැහැ ඒ කාලේ යුද්ධය නිසා දිනකට සෙබළු කීදෙනෙක් නැහුණාද? එක බෝම්බෙට මොහොතකදී කී දෙනෙක් දිවි දුන්නද? දිනකට යුද්ධයේ වියදම කොතෙක්ද? අඩුම තරමින් ඔයා මරබයේ උන් හැටිවත් මතක නැද්ද? පුදුම ගුණමකුකමක් තමයි. (නි)
අපේ රට විනාශ කල විදිහට තව අවරුදු 100 කට ගොඩ ගන්න බැහැ. (ස)
අනේද කියන්නේ. (ස)
මහින්ද යුද්දේ ඉවර කරා කියලා රට කන්න දෙන්න බෑ. මේක තේරුම් ගත්නේ නැති මී හරක් රැලක් තාම රටේ ඉන්නවා. මෛත්‍රිට පාඩුවේ වැඩේ කරන්න ඉඩ දිලා වැදගත් මහත්තයෙක් වගේ පාඩුවේ ඉන්න. ඔයාලට ආදරේට නෙවෙයි ආයිත් එන්නේ මහින්දගේ පරපුර රකින්න. එක තේරුම් ගන්න. මහින්දට කඩේ යන අයට කියන්නේ. මිට වැඩිය කියන්න දෙයක් නෑ. (ස)
අනේ ලාල්, එයා ගැන අදහස් දක්වන්න ඔයා කරදර වෙන්නේ මොකටද? බොරු මොකටද? මහින්ද භීතිකාව ඉතාමත්ම උත්සන්නවෙලා නේද? (නි)
මොකටද ඔතරම් ආරක්ෂාව. ඔබ කොටි ඉවර කළා නේ? ඇයි බය? දැන් කොටි නැහැනේ? ටිකක් කල් ඉවසන්න. මෛත්‍රීට මේක කරන්න ඉඩදෙන්න.අවුල් කරන්න එපා. (ස)
අපිට පාරේ බැහැලා යන්න හැකිකළ මිනිසාට ඔහොම කරන්න හොඳ නැහැ. (ස)
අනේ මන්දා අර ඩුබායි කියලා රටක ඉදන් ඔටුවෙක් කැගහනවා.රටඉදි කාල වතුර නැතුව ගින්න අැවිස්සිලාද කොහෙද . මහින්ද මහත්තයාගේ සාටකේ දැක්කත් මිනිහට මල මුත්‍ර යනවනේ .මට හිතෙන්නේ මිනිහ සිංහල වෙන්න බෑ. කොටියෙක්ද කොහෙද .මොකද කොටි තමයි ඔහොම මහින්ද මහත්තයත් එක්ක තරහ ගහපු ගැහිල්ලට ... (ස)
අනිත් අයට ඉන්න උනේ ජම්පරයක් ඇදගෙන හිරබත් කකා, බිම සිමෙන්ති පොලවේ නිදාගෙන. (ස)
මෙයාට පිරිත් නෙමෙයි වස් කවි කියන්ඩ ඕන. මෙයා කල වංචා වලට. (ස)
එකතු වෙලා කාපු කෑමට අපේ රට මෙහෙමවත් ඉතිරි වෙලා තියෙන්නේ බුදුන්ගේ,දෙවියන්ගේ ඇල්ම බැල්ම නිසයි. (ස)
තවමත් කියන්නේ මමය මාගේය මටය ! ඇත්තට මෙහෙම ඉල්ලීම් කරන්න මේ රට කේතුමතී රාජධානියද ? රට බේරා ගත්තට කලගුණ සැලකීම අපි පරලෝකෙට ගියාට පසුත් බලාපොරොත්තු වෙනවා වගේ. (ස)
රජ කෙනෙක් කියල හිතාගෙන ඉන්න හින්ද වෙන්න ඇති පන්සලට ගියත් සිංහාසනයක් ඕනා වෙන්නේ. අපරාදේ අර කන්ගැට්ට කෞතුකගාරේ තිබුන රාජසිංහ රජතුමාගේ කඩුව හොරකම් නොකළ නම්, එකත් මෙතුමා ලඟින් තියා ගන්න තිබුනා. (ස)
මේ රජය හදන්නේ රට ජාතිය බේරාගත් තුන් සිංහලය එක්සේසත් කල මේ උතුම් නායකයා නැති කරන්න. (ස)
විශ්‍රාම ගිය අය වුනත් ලද දෙයින් සතුටු වෙනවා බුදුදහම අනුව ඔබතුමාට ඒ ගුණය නැද්ද? (ම)
ඔබ තුමාට බුදු සරණයි... (ම)
එහෙම ආරක්ෂාව අඩු කරන්න වර්තමාන නායකයා සහ අගමැති දුර්ජනයන් නෙවෙයි. මෙතුමාගේ වැඩේම දැන් අරක නැහැ මේක මදි කියලා නහයෙන් අඬන එකමනේ ! අපොයි මෙහෙමත් කන් කෙඳිරියක් !! (ස)
මහත්තයෝ ඔයා පිරිත් අහනවාද ? පිරිත් කියනවාද? (ම)
බිම වාඩිවෙලා බන අහන්න බැරි නායකයෝ.. මෙහෙමත් මිනිස්සුන්ටනේ මෝඩයෝ ටික රැවටිලා තියෙන්නේ.. බල තණ්හාවෙන් වියරු වැටිලා. (ස)
පොලීසිය දෙන්නෙක් එක්ක හොඳ බල්ලෙක් දෙන්නම්. විමල් වාසු ඉන්නේ තනියට පැල්කවි කියන්න. මදිනම් ගෝටවත් එකතු කර ගන්න. (ස)
තිලක් -ඩුබායි ඔයාට නම් ගුණේ කියන එක සත පහකට නැහැ. ඔච්චර පහත් තත්වයට වැටෙන්න එපා ලැජ්ඡයි. (ස)
අනගාරික ධර්මපාල තුමා 1926 දී කියලා තියනවා කවදාහරි සුද්දෝ මේ රට දාල යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් බෝ කාලට පස්සේ කියලා. ඔය එහම එකෙක් තමයි ඔය ඩුබායි පැනල තියෙන්නේ . (ස)
දැන් මෙයාගෙ වැඩේ පන්සල් යන එකනෙ.......ඒක තමයි මෙයාගෙ අලුත් උපක්‍රමය.....ඒ නිසා ඔය දීපු ටික හොදටම ඇති. (ස)
අඩුම තරමේ ධර්ම ගෞරවයවත් තියෙනවද? එහෙම නේද අපේ හාමුදුරුවනේ. (ස)
ඔබතුමා චන්ද්‍රිකා නෝනට මොකද කෙළේ, ආරක්ෂක භටයෝ 2 සහ වාහන 2 ට අඩු කලානේ. ඔබතුමාට දැන් කොහොමද තමාට මදි කියල කියන්නේ. (ස)
ගම්මන්පිල කළා වගේ රුපියල් 100 ගානේ 58 ලක්සෙන් එකතු කරලා දුන්න නම් වැඩේ ගොඩ. (ස)
ඕවට කියන්නේ අනුන්ට කැපු වලේ තමන් වැටෙනවා කියල. (ස)
පුදුම ගුණමකු ජාතියක් . ඔව්න් දැන් ජීවත්වන්නේ මෙතුමා නිසා කියල අමතනයි. (ස)
පන්සලෙත් පටු දේශපාලනය! (ස)
උච්ඡාසන, මහාසන, පන්සල් ගියාට පවු ගෙවෙන්නේ නෑ. (ම)
ජය පිරිත් පිංකමට සහභාගී වෙනකොටවත් බිම ඉඳගන්ඩ බැරි තරම් ලොකු කමක්ද? (ම)
ඩුබායි තිලක් ඇස් ඇරලා බලන්න මේ දවස් ටිකට හොරා කාපු ටික තව ආත්ම ගණනකට ඇති. කොටින්ගේ වෛරය තාම සන්සිඳිලා නැහැ. ආරක්ෂාව නොදි මොනවා හරි වුනොත් මේ ආණ්ඩුවට වන්දි ගෙවන්න වෙයි. (ස)
මෙයයි අටලෝ දහම (නි)
හැබැයි මතක තියාගන්න කොටි පරණ ඉලක්ක වලට තාමත් උත්සාහ කරනවා (නි)
අනේ ඉතින් රට යන්නත් බැහැනේ? (නි)
තමන් පැරදුණු හේතුව තාමත් මෙතුමාට හොයාගන්න බැරිවෙලා වගෙයි (නි)
තමන් කළ කී දෑ වලට තමන්ට වන්දි ගෙවන්න වෙනවා (නි)
දිල්ෂාන් මල්ලි, ඔයා හරි (නි)
හම්බකරගත් මුදල් වලින් මිලියන් එකක් විතර වියදම් කරන්න. අනෙක ඔබතුමාම තමයි හිටපු ජනාධිපතිනියටත් ඔය නීතිය දැම්මේ. එයාටත් ආරක්ෂාව ඕනෑකරන කාලේ ඔබතුමාම තමයි ඒවා ඉවත්කළේ. (නි)
කළ කළ දේ පළ පළ දේ කියන්නේ මේවට තමයි මැතිතුමෝ (නි)
මෙතුමා නම් එකපාරයි පැරදුනේ. (නි)
ඔය වටේ වාඩිවෙලා ඉන්න සෙට් එක මරු. හාමුදුරුවන්ටත් වැඩිය උස පුටුවක වාඩි කරවල ලොකු කම පෙන්නන්න හැදුවට අද මිනිස්සු තේරුම් ගන්නේ අනේ මේ මිනිහගේ උද්දච්ච කමක හැටි කියල. (ස)
තවත් මේ දේවල් හොයනවා....? (නි)
තුන් වන පින්තුරේ දැක්කහම මටනම් හිතෙන්නේ ස්වාමීන් වහන්සේලා හිටපු ජනාධිපති තුමාගෙන් බන අහන්න ආවා වගේ. (ස)
වපුරපු බීජ වල හැටියට තමයි අස්වනුත්. වල්පැළෑටි උගුල්ලා දැම්මා නම් හොඳ අස්වැන්නක් ලබාගන්න තිබුනා. (නි)
පන්සල් ගිහිල්ලා කරන්නෙත් දේශපාලනය කතාකරන එක. (නි)
තමන් හරි නම් කාගෙවත් ආරක්ෂාව මොකටද? (නි)
ආරක්ෂාව නොදී ජානක පෙරේරා මහත්තය මරාගත්තේ මේ උන්ද තමයි මේ දැන් බොරුවට ඇඬුවට. (ස)
මොකෝ මේ උස් අසුනක්? (නි)
මනුස්සකම් හඳුනන අයට නොහැක මෙතුමාට වචනයකින් වත් අපහස කරන්නට..මෙතුමා නොහිටින්න අදටත් අප රටේ යුද්දයක් විතරක් නොවේ මහා බයානක ඉරණමක් අපට අත් වෙන්න තිබුනා. (ස)
තිලක්, ඔයා මොනවද දේශපාලනය ගැන දන්නේ? එංගලන්තේ, ඉතාලියේ මෙහෙ වගේ ත්‍රස්තවාදියෝ නැහැ. (නි)
මම කියන්නේ එහෙමනම් හොඳම වැඩේ මෙතුමාව ආරක්ෂා කරගන්න පුළුවන් රටක නවාතැන් සපයන එක. නැති නම් ඉතින් මේක අපිට කෙළවරක් නැති ප්‍රශ්නයක්නේ. අන්තිමට යුද්ධයට ගිය මුළු වියදම ඒක නතර කල කෙනාගේ ආරක්ෂාව සපයන්න යාවි වගේ. (ස)
ඉන්දියාවේ හිටපු ජනාධිපති කලාම් මහතා රෝහලේ බෙහෙත් පෝළිමේ හිටගෙන ඉන්නවා. ලංකාවේ මිනිසුන්ට වෙලා තියෙන්නේ දැන් රට බේරාගත් ණය ගෙවන්න තමන්ගේ බදු මුදලින් එක්තරා පවුල් ගහකටම ආරක්ෂාව සපයන්න වෙලා. (නි)
මේ ගැන මට නම් පෙනෙන්නේ තමන් තවමත් ලොක්කා කියලා පෙන්වන්න හදනවා කියලයි (නි)
මමත් කියන්නේ මෙතුමාට සහ පවුලේ අයට තිබුණු ආරක්ෂාව එලෙසින්ම තිබියයුතුයි (නි)
ආගමික කටයුත්තකදී දේශපාලන වාසියක් ලබාගැනීමට ඉවහල්වන ප්‍රකාශ කිරීම ගැන ඇත්තෙන්ම කණගාටු වියයුතුය. (නි)
හොරකම් කළ කෙනෙකුත් නෙමෙයි නම්, අපරාධ කළ කෙනෙකුත් නෙමෙයි නම්, වංචාකළ කෙනෙකුත් නෙමෙයි නම්, රට බේරාගත් මහත්මයෙක් නම් මේතරම් ආරක්ෂාවක් මොකටද? මහජනයාගෙන්ම ආරක්ෂාව ලැබෙයිනේ.එනිසා බයවෙන්න එපා. මහජනයා ඔබට ආරක්ෂාව සපයයි. (නි)
ඇත්ත. එතුමාට දැඩි ආරක්ෂාවක් අවශ්‍යයි (නි)
මෙතුමා කියන්නේ ඇත්ත (නි)
දිල්ෂාන් , කොටි පරාජය කරන්න එතුමා කළ දේශපාලන මෙහෙය කවුරුත් අවතක්සේරු කළාද? අපි තාමත් දිළිඳුභාවයෙන් මිදිලා නැහැ. හැම පරිස්සමටම වැඩිය අරපරිස්සම වටිනවා. මේ මාස දෙකට වත්මන් ජනාධිපතිතුමා අපේ රටට මොනතරම් ධනස්කන්දයක් ඉතුරුකරලා දුන්නද? මෙතුමා ඉතිහාසයේ පළවන වතාවට බහුතරයකගේ අකමැත්ත මත පරාජය කරනු ලැබූ ජනපතිවරයෙක් (නි)
මට පෙනෙන හැටියට නම් මේ එක එක දේවල් කියන අය මැරිලා උපන්න අය වගේ කතාකරන්නේ. මතකද මන්දා තමන්ගේ ආරක්ෂාව තම තමන්ම කරගන්න ඕනෑ කියලා එක්කෙනෙක් කිව්වා ඒ කාලේ. ඒත් බැරි වුණානේ. පස්සේ මෙතුමා නොවෙයිද අපේ රට ආරක්ෂා කරලා දුන්නේ? දැන් මොනවා වුණත් අපි එතුමාව රැකගැනීම අපේ යුතුකමක් නොවෙයි කියලද ඕගොල්ලෝ කියන්නේ (නි)
හිටපු ජනපති කිසිවෙකුට සමානකළ නොහැක. (නි)
තිලක් ඩුබායි ලංකාවේද ඉන්නේ ? (නි)
මටත් පෙනෙන්න බැහැ (නි)
අපිට අම්මා කියලා දීලා තියෙන්නේ අරෙහෙ මෙහෙ යන්න බය නම් , ජනෙල් දොරවල් වල යතුරු ඉබ්බෝ හොඳට දාගෙන, ගේ ඇතුළට වෙලා ඉන්න කියලා. දැන් ඉතින් පැරදිලානේ ඉන්නේ. (නි)
ඔබතුමා බණ අහන්න දේශපාලනය කතානොකර (නි)
වටිනා බණ පදයක් සුදුසු අසුනක හිඳ සවන්දිය යුතු වේ (නි)
කොහෙවත් යන්නේ නැතුව හිටියා නම් හොඳයිනේ. ජනාධිපති නෙමෙයිනෙ දැන් (නි)
අනෙක් අයගේත් පහසුකම් අඩුකළානේ. එහෙනම් ඔබතුමාත් අඩුවෙන් භුක්ති විඳින්න.කළ දේ පළ දේ කියන්නේ ඕකටයි (නි)
මෙතුමා පුටුවක ඉන්නේ ඇයි? (නි)
ඕවාට තමා කියන්නේ කළ කළ දේ පළ පළ දේ කියලා. තමාටත් ඉස්සරහට ඔයදේම වේවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ නේද ? බුදුදහම බොරුකරන්න බැහැ නේද? ඉස්සරහටවත් බණක් දහමක් කරගෙන ඉමු වැඩිය තණ්හාවල් නැතුව. තරුණයන්ට ඉදිරියට යන්න දීලා දැන් විශ්‍රාම ගමු නේද??? (නි)
මෙච්චර කල් බදුගෙවන ජනතාවගෙන් කෝටි ගණන් වියදම් කරගෙන තමයි ජීවත්වුණේ. ඇයි ඔය රැස්වීම් වලට කෝටි ගණන් වියදම් කරන අයගෙන් කීයක්හරි ඉල්ලගන්නකෝ. අර ලංකාවේ බදු මුදලින් උගන්ඩාවට තෑගිකළ ඇමෙරිකන් ඩොලර් මිලියන් 50 ආපසු ඉල්ලාගත්තා නම් හරිනේ (නි)
හාමුදුරුවෝ ඉදිරියේ පුටුවක ඉඳගෙන ඉන්න හැටි? (නි)
මට නම් දැන් මෙතුමාව පෙනෙන්න බැහැ (නි)
ඔබ වෙනස්කළ නීතියට අනුව හෙට අනිද්දාට ඔයටිකත් නැතිවෙයිද දන්නෙ නැහැ (නි)
ඩුබායි තිලක්, රටක් නිදහස් කරගන්න අනිත් හමුදාපතිවරුන් සමඟ ත්‍රිවිධ හමුදාව මෙහෙයවා වීරයෙක් වුණු ෆොන්සේකා සුදු කොඩි කතාව කියා රටට ද්‍රෝහී වුණා. කළ වීරකමට එවක රජයෙන් සම්මාන ලද ඔහුට කළ ද්‍රෝහිකමට දඬුවම් ලෙස එම රජය යටතේම සිරබත් කන්න වුණා.අවස්ථා දෙකේදීම ඔහු නෙළාගත්තේ ඔහුම වැපිරූ දෙයෙහි අස්වැන්නයි. එය රටේ නීතියට අනුව සිදුවුණ දෙයක්. වෙනත් රටක් වුණත් මෙබඳු අවස්ථාවක කටයුතු කරන්නේ මේ ආකාරයටමයි. ඒ නිසා මේ පිළිබඳව අන් කිසිවකුට චෝදනා කිරීම සාධාරණ නැහැ. (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ. වෙනදෙයක් බලාගෙන ඉන්නවා (නි)
පියුමි, අමල් සහ තිලක්ලාටයි මේ කියන්නේ. මේ ජනාධිපතිතුමා කළේ මෙරට අනිත් ජනපතිවරුන් කිරීමට අසමත්වුණ ජාතික මෙහෙවරකි. ලෝකයේ බිහිසුණුම ත්‍රස්ත සංවිධානය ලෙස සැළකෙන එල්ටීටීඊයෙන් එතුමා රට මුදාගත්තේ තමන්ගේම ජීවිතය සේම තම ආදරණීයයන්ගේද ජීවිත පරදුවට තියලයි. එතුමා ධුරයේ නොහිටියත් සතුරාගේ වෛරය එලෙසමයි. එතුමාට අනිත් ජනපතිවරුන්ට අවශ්‍ය නොවෙන විශේෂ ආරක්ෂාවක් ඕනෑ වෙන්නේ එබැවිනි. රටකම ගිනිනිවූ නායකයා රැකගන්න ඕනෑ කියා ඔබට නොසිතෙන්නේ ඉහවහා ගිය ගුණමකුකම නිසාමයි. (නි)
ජාතියේ පිනට උපන් පියාණන් දිවිහිමියෙන් රැකගනිමු. නැවත අගමැති කර මවුබිම සුරකිමු (නි)
තම පාලන කාලයේදී කොටි සමඟ එක්ව කටයුතු කළ අයටත්, කොටින්ගෙන් රට මුදාගැනීමට කටයුතු කළ හිටපු ජනපතිතුමාටයි එකම හැන්දෙන් බෙදීම සාධාරණ නොවේ. එතුමාගේ ජීවිතයට කුරිරු කොටින්ගෙන් සේම රටට සතුරු යටත් විජිතවාදී බලවේග වලින්ද තර්ජන ඇත. එතුමාගේ ආරක්ෂාව අඩුකිරීමෙන් සහ එතුමාගේ ජීවිතය අනතුරක දැමීමෙන් කරන්නේ කොටින්ගේ සහ අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් ඉටුකිරීමකි. අපේ රට රකිනා සියලු දෙවියෝ නිරන්තරයෙන් එතුමාව ආරක්ෂා කරත්වායි මුළු හදින්ම පතමු. (නි)
අර ලැම්බෝගිනි වලින් එකක් ඉල්ලා ගත්තා නම් ඉවරනේ (නි)
අපි නම් ඉන්නේ පැදුරේ. ඒ නිසා බිමට වැටෙන්නේ නැහැ? (නි)
තිලක්, එංගලන්තේ අගමැතිවත්, ඉතාලියේ අගමැතිවත්, උරුගුවේ ජනපතිවත් නොකළ හපන්කමක් සහ ජාතික මෙහෙවරක් තමයි අපේ හිටපු ජනපතිතුමා කළේ. ඉතින් ඔවුන්ට නැති ජිවිත අවදානමක් එතුමාට තිබෙන නිසා ඔවුන්ට අවශ්‍ය නොවෙන ආකාරයේ විශේෂ ආරක්ෂාවක් එතුමාට අවශ්‍යයි. ඒ නිසා එම කරුණු නොසළකා තනතුරු පමණක් සළකා සැසඳීම සාධාරණ නැහැ. හොඳ නරක පිළිබඳ ඔවුන්ගේ මිනුම් දඬු සහ අපේ මිනුම් දඬු වෙනස්. (නි)
"තණ්හාය ජායතී ශෝකෝ" (නි)
ලංකාවේ අවුරුදු 2000 පමණ පැරණි රජ පරම්පරාව සුද්දන්ට පාවාදුන්නේ ලංකාවේම අය තමා. එහෙම අය තාම ඉන්නවා කියලා උඩ දා ඇති අදහස් දැක්කහම කියන්න පුළුවන්. මෙයාලට පන්ති දාලා ඉතිහාසය උගන්වන්න ඕනෑ.මහින්ද මහත්තයා රට බේරුවේ නැත්නම් මෙලහකට ප්‍රභාකරන් කොළඹ අල්ලාගෙන මෙයාලට චණ්ඩි අදහස් දාන්නත් නැහැ (නි)
තමන්ම කැපූ වළේ තමයි දැන් වැටිලා ඉන්නේ (නි)
ලෝකයේ ත්‍රස්තවාදය පරාජය කළ රටක් ඇත්නම් එය ලංකාව පමණි.එවැනි පරාජයක් කළ නායකයෙක් ඇත්නම් ඒත් ලංකාවේ පමණි.එහෙම නායකයන්ට දිවි තිබෙනතුරා ආරක්ෂාව සැපයීම නිදහස භුක්තිවිඳින කාගේත් යුතුකමක්.තවම කොටි හොල්මන් අවසන් නැත. (නි)
විශ්‍රාමගිය ජනාධිපතිවරයෙකුට ලබාදෙන වරප්‍රසාද පරාජය වූ කෙනෙකුට දෙන්න නීතියෙන් ඉඩක් නොමැති බව කවුරුත් දන්නා කරුණක් වුවත් , මහින්ද මහත්මයාටත්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටත්, එක වගේ ආරක්ෂාවක් දීම කළයුතුමයි. (නි)
අනේ මෙහෙම තණ්හාවක් ....? ඉන්ධන මොකටද? ? රටේ මිනිස්සු වැටුපක් ගෙවන්නේ ඉන්ධනයි අනෙක් දේවලුයි ගන්න තමා.... (නි)
පිවිතුරු යහපාලටත් යහපාලනෙන් ඩුප්ලිකේට් ගහල..මාධ්‍ය සදාචාරය උතුරා යනවා.අනවර්ථ නාම භාවිතා කළත් අපි එසැණ පුවත් තීරුවට අනන්‍ය විද්‍යුත් ලිපිනයක් භාවිතා කරනවා..එහෙම වෙද්දී මෙහෙම වීම කනගාටු දායකයි..අපි ආදරය කරන අපි අදහස් දාන එසැන පුවත් අර අන්තර්ජාලයේ තියෙන ගද ගහන කුණු ඕපාදුප වෙබ් අඩවියක් බවට පත් වීම වැලැක්වීම මේ පිටුව මෙහෙයවන්නන්ගේ වගකීමක්..යුතු කමක්..ඩුබායි තිලක් වගේ දේශපාලන ගුණමකුවන්ට ඇරෙන්න අනෙකුත් අයට මහින්ද මහත්තයගේ ජිවිතයට ඇති අවදානම ගැන වැටහීමක් තියෙනවා..කොටින් ලග දනින් වැටුණු හා ඔවුන්ගේ අරමුණු ඉටු කරන්න කැපවුණු පුද්ගලයින්ට ආරක්ෂාවක් අවශ්‍ය නැහැ..කාටවත් ගැරඩි මරන්න අවශ්‍ය නැති හින්ද ඒ ..නමුත් මෙතුමා කොටින්ගේත් ඔවුන්ගේ අනුගාමිකයින්ගේත් පරම සතුරෙක්..එතුමාව රැක ගැනීම සියලු දේශමාමක සිංහලයාගේ යුතුකමක්..වගකීමක්..(බ)
දැන් ඉතින් මොනවා කියලා කරන්නද? (නි)
පෙරකල කළ කී දෙයම සිහියට එනවා - හිතේ දුකට අටලෝදම කියැවෙනවා. (නි)
සිංහලයාට මතක තිබෙන්නේ සති දෙකක් පමණි (නි)
ඒ කාලේ නටපු හැටි අපි දැක්කනේ. ඒකාලේ හිටපු හොරු ටික නම් තවම පස්සෙන් ඉන්නවා (නි)
තණ්හාය ජායතී ශෝකෝ කිව්වලු!! (නි)
කෝවිලේ ගිහින් බිම වැඩිවෙන්න පුළුවන්. පන්සලට අවම පුටු ඕන. දෙන්න ඕනනේ.... (ම)
පල ඇති රුකට තමයි ගල් වදින්න පුළුවන්. ඒ නිසා මෙතුමාට ආරක්ෂාවක් ඕනෑ. (ස)
හිටපු නායිකාවකුත් කියනවා මට ඇහුණා ඒ කාලේ එතුමියගේ ආරක්ෂාව අඩු කළා, වාහන අඩු කළා, විශ්‍රාම වැටුප අඩු කළා කියලා. අනුන්ට කැපු වලේ තමන් වැටුණාදෝ කියලා හිතෙනවා මේවා ඇහෙනකොට. (ස)
සමන්, ලක්ෂිත, සමන්ති ,සපුමල්, ශාමලී, ද සිල්වා, සුමුදු හේවා, සලීනා, අසෝක , සහ අනෙක් අය: හිතවතුනි , ගුණමකු වෙන්න එපා. ඔහොම ගියොත් අපට රටක් නැතේ කියල කියන්න වේවි. ආයේ අතන මෙතන බෝම්බ පුපුරන්න ගත්තොත් එතොකට ඔයාල කියන්න ඕන දේත් දැන් ඉඳලම ලෑස්ති කරලා තියා ගන්න එක හොඳයි.මේ දවස් 77 ට ඔයාලට මොනවත් ලැබුනද? (ස)
ඔයතරම් ජනතාවාදී නායකයෙක් නම් මොකටද මේ තරම් ආරක්ෂාව.පෙට්‍රල් ගහන්න සල්ලි නැතුවම ඇති. බිලියන ගණන් රටේ ධනය කවුද ගසා කෑවේ? (ස)
හිටපු ජනාදිපතිතුමා සැබෑ බුද්ධිමතෙක්. ඒක කාටවත් නැහැ කියන්න බැහැ. රටක යුද්ධයක් ඇතිවිට,ජනාදිපතිගේ කාර්යබාර්ය වනුයේ යුද්ධය පටන් ගැනීමට අණ දීම සහ මුදල් අනුමත කරදීමයි. ඒවගේම ආරක්ෂක ලේකම්වරයාගේ කාර්ය වනුයේ සම්බන්ධීකරනය කිරීම පමණයි. යුද්ධය මෙහෙයවන්නේ හමුදා නායකයින් විසිනුයි. නමුත් මහින්ද මහතාගේ විශිෂ්ට බුද්ධිය නිසාත් , පරිනත දේශපාලන අත්දැකීම් නිසාත් , එය එතුමා මෙහෙයවූ යුද්ධයක් බව ජනතාවට ඒත්තු ගැන්වීමට යම්තාක් දුරට සමත් උනා. හිටපු හමුදනායකයෙකුට ජම්පර් ඇන්දවුයේ හමුදාවට යුදජයග්‍රහණයේ කීර්තිය හිමිවීම හැල්ලුවට ලක්කිරීමේ දේශපාලන උපක්‍රමයක් ලෙසිනුයි. එතුමා එතුමාගේ හිතවත් ලේඛකයෙකු ලවා ගෝටාගේ යුද්ධය නමින් පොතක් පළකර එය හමුදාවේ නොව නිකන් සම්බන්දීකරනය කරපු ලේකම්ගේ යුද්ධයක් බව පෙන්වීමට උත්සහ ගත්තා. මේවා පරිනත විශිෂ්ට දේශපාලකයෙකුගේ දේශපාලනික උපක්‍රම. මහින්ද මහත්තයට ජය වේවා !!! (ස)
වශී බොලේ විසි කරලා වගේ. අන්න සුබ පෙරනිමිත්තක්. ඔහොම යමු. (ස)
"ජනාධිපතිවරයාගේ නිල නිවස හෙවත් රජ ගෙදර ඇත්තේ කොළඹ කොටුවේය. එම මහා ප්‍රාසාදය පමණක් නොව රට පුරාම ජනාධිපති මන්දිර දහයක් ජනපතිවරයාගේ සැප පහසුවට වෙන්ව ඇත්තේය. ඒ බොහෝමයක් ජනපති මන්දිර හිටපු ජනපතිවරයාගේ සමයේ රජගෙවල් මෙන් ප්‍රතිසංස්කරණය කෙරුණි"අන්න ෆොටෝස් තියෙනවා.බලන්න. (ස)
.බුද්ධ පුත්‍රයෝ ඉදිරියේ තමයි සිංහාසන හොයන්නේ.තිරුපති ගියහම බිම දපල ඉන්න හොදයි.(ම)
හම්බ කර ගත්තුවා ඇති තව පරම්පරාවල් 100 යක් බුදුන් දකින්න. (ම)
සමහර අයට කොච්චර ලැබුනත් මදි.(ම)
ඒ කාලේ මහින්ද මහත්තය ඉන්න තැනකට අපි යනකොට ආරක්ෂකයෝ අපිව අතපත ගාලයි ඇතුලට ගන්නේ. දැනුත් එහෙමද දන්නේ නැහැ. (ස)
ඔබටත් වරක් එවි එතකන් ඉවසලා ඉන්න.(ම)
ඔය අදහස් දාපු ගොඩක් කට්ටිය අහන්නේ මොකද විශ්‍රාම නොගන්නේ කියල..ඒ ආදරේටද? නැහැනේ. අපි එතුමාට ඡන්දෙ දුන්න. අපි තාමත් එතුමාට කැමතියි .අපි ඡන්දෙ දුන්නු අපි කැමති මනුස්සය අපිට අයෙත් ඕන . බොහොම සරල දෙයක් එ්ක. රනිල්,චන්ද්‍රිකා ඉන්නවනම් මහින්ද හිටියම මොකද? (ස)
මහින්ද මහත්තය කරපු ලොකුම මෝඩකම තමයි යුද්දය ඉවරකරපු එක .... අනේ මෙහෙම ජාතියක්. (ස)
කියන්නා කෙසේ කීවත් අසන්නා ඉතා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. (ස)
සිංහලයන්ගේ කෙලෙහි ගුණ නොදත්කම මේ අදහස් වලින් හොඳටම පේනවා. (ස)
ගියපාර යූ එන් පී එක ඡන්දෙ දිනුවේ ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරලා. එකම බොරුව 100 පාරක් විතර කියනකොට මිනිස්සු හිතනවා එකෙත් ඇත්තක් ඇති කියල. කෝ ඔය කිව්වා එක හොරෙක්, හොරකමක් ඇල්ලුවද? එක එක අයට තියෙන හෝටල් බිල්ඩින් ඉඩම් එකක් වත් හොයාගත්තද? ලම්බෝගිනි අරවයි මේවයි හොයාගත්තද? වංචා දුඋෂණ හොයන්න කල් යනවා කියමුකෝ. මේවා හොයන්න බැරි අයි. මොකද මේවා කලින්ම හොයාගෙනනේ තිබුනේ !!! (ස)
ජෙනරාල් ෆොන්සේකාව මෙයා ආරක්ෂාව දුන්නේ හිර ගෙදරට දාල. (ස)