නාමයෝජනා බාර ගන්නා අවසන් දිනය වන හෙට දින (8) රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලය ආශ්‍රිතව උදෑසන 9 සිට සවස 2 දක්වා පමණ කාලය තුළ මහා මාර්ගයන්හි විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවත් එම ප්‍රදේශය අවට 2000 ක පමණ පොලිස් නිලධාරීන් යොදවා ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රාජගිරිය ආයුර්වේද වටරවුම සිට වැලිකඩ හංදිය දක්වා මාර්ගය පාර පාර්ලිමේන්තු පාර හා කොටා පාර වාහන ගමනාගමනය එක් මන්තීරුවකට සීමා කර ඇති අතර පස්වරු 12.30 සිට 1.30 දක්වා කාලය තුළ එම මාර්ග සම්පූර්ණයෙන් වසා තැබෙන බවද පොලිසිය කියයි.
එම කාල සීමාව තුළදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
වීඩියෝ - සනත් ඩෙස්මන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග වසා මහජනතාව පීඩාවට පත්කරනකොට මෛත්‍රියක් වෙන්නේ කොහොමද විමුක්ති? (නි)
සියලු දෙනාහට මෛත්‍රියක්ම වේවා (නදී)
ආරක්ෂාව තර කරයි කිව්වේ ජනතාවගේ නේද? (හේ)
මහින්ද මහතා ඇතුළු සැමදෙනාටම සුභ පතනවා! (නි)