හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළැයි කියන ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායකගෙන් නිදහසට කරුණු දක්වන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති දන්වා ඇතැයි අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න කියයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා රැකීම සඳහා ආරක්ෂක ලේකම් හා හමුදා මාධ්‍ය ප්‍රකාශක මතබේදකාරී එම බැංකු ගිණුම ගැන අදහස් දක්වා ඇති බව පෙනේ යැයිද රටේ මුදල් ප්‍රතිපත්තිය ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශකට තේරුමක් නැතැයිද දොස්තර සේනාරත්න පවසයි.
රටේ දැනට යුද්ධයක් නැති නිසා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඉවත් කිරීම ගැන ඇමැති මණ්ඩලයේ සැලකිල්ල යොමුවී ඇතැයිද ඔහු කීවේය.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ නමට නොව ආරක්ෂක අමාත්‍යංශයේ නමටවත් ගිණුමක් පවත්වා ගෙන මුදල් තැන්පත් කළ නොහැකි යැයි දොස්තර රාජිත සේනාරත්න මහතා අද (22) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වපුරන තරමට අස්වැන්න නියතවම දින 100 දී ලැබෙන්න ප්‍රාර්ථනා කරමු. (නදී)
රවී ඔයා රෙද්දක් අැදන්ද තාම කතා කරන්නේ? ඔයත් ඒ ආණ්ඩුවේ හොරෙක්ද?(අ)
ලංකාවේ තාමත් මහින්දව පිළිගන්න මෝඩයෝද මේ? අනේ අම්මේ,ඇයි මේ ?අද ඉපදුනා වගේ කතාව (අ)
තව ටික දවසකින් ඔය කතාකළ ගොඩක් දෙනෙක් නිදහසට කරුණු කියයි. (නි)
පිවිතුරු යහපාල නම් බොරු නමකින් පෙනී සිටින අපිවිතුරු අයහපත් මිනිසා මුලින් කර ඇති ප්‍රකාශය සත්‍ය නොවේ. එය හෙළා දකිමු. (බ)
මොන මාධ්‍ය ප්‍රකාශක කෙනෙක්වත් ඕනෑ නැහැ. අපේ මාධ්‍යකරුවන්ට හොරෙන් කිසිම දෙයක් අපේ පොඩි දිවයිනේ කරන්න බැහැ. එයාලගේ කැපවීම එතරම් වේගවත් (නි)
ඕන බොරුවකට එහෙයි කියන මිනිස්සු ලේකම්ලා මාද්‍ය ප්‍රකාශකළා කරන එකද යහ පාලනය? අද මේ ආණ්ඩුවට යහපාලනය කියන වචනෙම පාරා වළල්ලක් වෙලා. (නදී)
සාමාන්‍යයෙන් රාජ්‍ය මුදල් ඒකාබද්ධ ගිණුමකට තමයි බැරකරන්නේ.මුල්‍ය රෙගුලාසි පාලනයක් තියෙන්නේ එතකොට. එක එක අයට ඕනෑ විදිහට එක එක අමාත්‍යංශ වලට වෙන් වෙන් ගිණුම් විවෘත කළවිට රජයට කොහොමද ඉක්මනට මුදල් පිළිබඳ තොරතුරු එකතු කරන්න පුළුවන්.මේ ප්‍රතිචාර දැක්කහම කියන්න පුළුවන් සමහරු තවම පියවි සිහිය ලබා නැහැ කියලා (නි)
අනේ අපේ රට....! (නි)
බලමුකෝ සිද්ධවෙන දේ? (නි)
ඔය පත්කරගෙන සිටින සමහරු නිසා කවදාවත් දුෂණ චෝදනා ඉදිරිපත් කරලා සාක්ෂි ඉදිරිපත් කරන්න ලැබෙන්නේ නැහැ.සොයන්න යන්න කලින් ප්‍රවෘත්තිය ගිහිල්ලා ඉවරයි. (නි)
එතකොට ඒ කතාව ඇත්ත කියල කියුව නම් ඒ දෙන්න හොඳද? අපක්ෂපාතීව කතා කලාම මාධ්‍ය ප්‍රකාශක සංහතියම අයින් කරන්නද යන්නේ ? (අ)
අද රාජ්‍ය නිලධාරියකුට ඇත්ත කියන්න බැරිද , ඇමතිවරු උඩක් බිමක් දන්නෙ නැතුව ගහනබොරුවලට එහෙයි කියන්නද ඕන.ම්කටද යහපාලනේ කියන්නෙ...(අ)
මෙයාව පත් කරන කොටම මම දැන ගත්තා කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්තා කියා. රජය වෙනස් උනාට , අලුතෙන් ගත් පත්කරපු බහුතරය කලින් සිටි අය වගේම තමා (නදී)
ඔන්න බළලා එලියට පනිනවා (දිල්)
දැඩි තීරණ ගන්න. නැත්නම් අපේ රට කවදාවත් නීති ගරුක කරන්න බැහැ. (නදී)
ඉක්මනටම වෙනසකට යන්න වෙයිද තව පාරක් (නදී)
නොදන්නා දේවල් කතා නොකර ගෙදරට වෙලා මේ මම වගේ පිනක් දහමක් කරගෙන හිටියා නම් නේද හොඳ ? (නදී)
ඔය හමුදා මාධ්‍ය ප්‍රකාශකවරු ගැන මගෙත් එච්චර පැහැදීමක් නැහැ (නි)
යහපාලනය ඇතුලේ කම්බා හොරු දෙන්නෙකුත් ඉන්නවා (නදී)
මහා භාණ්ඩාගාරයෙන් මුදල් දෙන්නේ සාමාන්‍යයෙන් මසක අවශ්‍ය ප්‍රමානයි. (ර)
ජනාධිපතිතුමනි, අවංකව ඇත්ත රටට හෙළිකරන්න (නි)
ඇත්ත. තරාතිරම නොබලා නීතිය සැමටම එකසේ ක්‍රියාත්මක කළයුතුයි (නි)
මතකතියා ගත්තොත් හොඳයි. ජේවීපී එකට අපි කියන්නේ කල්පනාවෙන් ඉන්න කියලා රටට මොනවද වෙන්නේ කියන එක ගැන (නි)
බලනකොට හොරමගඩි සෑහෙන ප්‍රමාණයක් තිබිලා වගෙයි (නි)
ඔන්න, ටික ටික යහපාලනය මතුවෙනවා. පුදන කොටම කාපි යකා කිව්වලු (නදී)
පත්තිනි අම්මගේ රෙද්දෙ තුත්තිරි කියන්නේ ඕවට (බ)
මට මදුරුවන්ව පේන්න බෑ අනික් එවුන් කුඩැල්ලෝ (බ)
දැන් වීරයෝ වගේ කතා කරන අය බෝම්බ පුපුරන කාලේ හිටියේ ඇඳන් යට. ඒකාලේ හිටපු සැබෑ වීරයන්ව කොහොම හරි නැති කරනවා දැන් (නදී)
අනේ මන්දා මේවා! (නි)
පිවිතුරු යහපාල ඔබ කියන කිසිදා නොවන ගොන් කතා වලින් ඔබගේ යටි සිතේ වර්තමාන පාලනය ගැන ඇති වෛරය අපිට පැහැදිලිව පෙනේ. (නදී)
තුසිත බය වෙලා ඉන්නේ රාජිත නෙමෙයි ගෝටයි. එ්කයි ව්විධ අය ලවා ප්‍රකාශ නිකුත් කරවන්නේ. මාටියා ගහපු ඒවා එලියට ඒවි කියලා (නදී)
පුලුවන්නම් මාධ්‍ය ප්‍රකාශකයෝ නෙමෙයි ලංකාවෙන් ත්‍රිවිධ හමුදාවම ඉවත් කරලා තමයි පෙඩරල් පප්පෝ පස්ස බලන්නේ. (නදී)
මෛත්‍රී ජනපති ඇතුලු පිරිස පොරොන්දු වූ රාජ්‍ය සේවයේ අභිමානය රකින්නද මේ හදන්නේ? රාජ්‍ය නිලධාරීන්ට තමා දන්නා සත්‍යය කියන්න බැරිද? හිටපු දත් දොස්තර දන්නේ මොනවද මුදල් රෙගුලාසි ගැන? (නදී)
අායේ නිලදාරියට යහ පාලනේ තුල අතට කියන්න බැරිද ? රව් ඇමති තුමා සතොසට දීපු වැඩේ මුදල් අමාත්‍යංශයටත් දෙයිද ? (නදී)
හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉවකරන තීරණය ගැන නම් තව ටිකක් හිතලා බැලුවොත් හොඳයි කියලා මට හිතෙනවා (නි)
අපි ඉතින් කරන්නේ මේ වෙන දේවල් බලාගෙන ඉන්න එක තමයි (නි)
අනේ මේ, කවුරුවත් රවී මහත්තයාට එහෙම මොකුත් කියන්න එපා.එයා කියන්නේ ඇත්ත (නි)
දොස්තර රාජිත ආන්ඩු පක්ෂයේ ඉන්න කාලේ හොරකම් කළා කියා අහන්න ලැබුනා. පේන විදියට යහ පාලනේ දින 100 පස්සේ යුද්දේ එන විදියට කටයුතු කරයි වගේ. අනේ අපේ රට වෙනුවෙන් ජිවිත පුජා කරපු රණ විරුවෝ. (නදී)
දැන් ඉන්න ආරක්ෂක ලේකම් එහෙම කියනකොට නිදහසට කරුණු අහනවා... හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉවත් කරනවා... එතකොට මේකද යහපාලනය? (නි)
අනේ මන්දා මේවා කොහෙන් කෙළවරවෙයිද කියලා? (නි)
ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ අහිංසක මනසවල් පසුගිය අවුරුදු පහ හය තුල යුද මානසික තත්වයෙන් කොයිතරම් දුරට දුෂණය වෙලාද, බුදු සමින්දු දෙපා පහස ලැබූ ලක් දිවයින තව ටික කාලයක් පසුගිය පාලනය තිබුණා නම් අපිට මොනවද ඉතුරු වෙන්නේ . ඉහත අදහස් වලින් ඒ බවපෙනවා නේද .(දිල්)
දැන් වඩා ඉක්මන් වෙන්නේ හමුදා බලය අඩුකරන්න තමයි. උතුරේ ආණ්ඩුකාරතුමාත් ඉවත් කළානේ. (නි)
හර්ෂණ, කොහොමත් දින සියයෙන් ගෙදර යන්න නම් වෙන්නෙ නැහැ. කලින් අය ගහපු ගැහිලි මතක්වෙනකොට අැඟේ මාළු නටනවා. (නි)
සන්දානයත් එජාපයත් ඡන්දෙට කලින් දෙන පොරොන්දු හැමදාම ඉටු වුණේ නෑ, කඩාපු ගමන් සෝඩා බෝතලේ වාගේ එකම විකල්පය සාදාරණ දුප්පතාගේ දුක දන්නා අවංක යහපාලනයක් බලා පොරොත්තු විය හැකි කෙනෙක් (දිල්)
අනේ ඉතින් , රවී ගේ බොරු වලට ඉඩ දුන්න නම් සේරම හරි. ඔන්න යහපාලන්නේ. අප්‍රේල් වල ජනතාව පිළිතුරු දෙවි ඕවට (නදී)
මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු බර ඇදලා ති්යෙන්නේ ලොකු ලොක්කන්ගේ සුඛවිහරණය වෙනුවෙන්. මුහුණු දාපු ඔරලෝසු, රෙදි වගේ දේවල් දක්නකොට අනේ මෙහෙමත් අයටනේ වැඳගෙන අපි හිටියේ කියලා දුකක් හිතෙනවා. හොර සේරම හොයන්න. තරාතිරම නොබලා දඬුවම් දෙන්න (නි)
අනේ! අපිට වෙන දේ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. (නි)
හොරු තවමත් ඉන්නවා (නි)
විරංග,බන්දුල පෙරේරාගේ අලුත්ම නාම ලේඛනය ඇත්තටම මටවත් හිතේ තබා ගැනීමට අපහසුයි. ඒ වුනාට මම සැලෙන්නේ නැතුව ඒවාට ප්‍රතිචාර දක්වනවා. (නදී)
ඒ කාලේ වන්නියට ගිහින් මහත්තය වැනි කොටි සමග ගිවිසුම් ගහපු අය තාම ඉන්නවා (නදී)
දවසින් හොරු අල්ලන්න බැහැ. ඉන්න හොරු අල්ලන්නත්, ඇතිවෙන්න යන හොරු නවත්වන්නත් මුලින්ම හොඳ යාන්ත්‍රණයක් හදාගන්න ඕනෑ. ඒකයි මුලින්ම කරන්න ඕනෑ. මම හිතන්නේ ඒක මේ වනවිට කෙරීගෙන යනවා. ඒකට පුළුවන් තරමින් සහයක් දෙනවා මිස කකුලෙන් අදින්න හදන්න එපා. කර ඇති හොර මගඩි, ප්‍රකෝටි ගණන් ගැහිලි දකිනකොට මට නම් හරිම අප්‍රසන්නයි. (නි)
රාජිත බය වෙලා වගේ එයා මාටියා ගහපු ඒවා එලියට ඒවි කියලා (නදී)
"හොරු තවමත් ඉන්නවා " කියන එක කියන්න දෙයක් නෙමෙයි ක්‍රිෂාන්. ඒක හරිම සාමාන්‍ය දෙයක්. හිටපු හොරු අල්ලා ගන්නයි, අළුත් හොරු නවතාගන්නයි ක්‍රමයක් හදන්නයි ඕනෑ. දැන් කොහොමත් රටේ මුදුන් මුල අවංක නිසා පොඩි මුල් වලටත් ඒ විදියට හැදෙන්න වෙනවා. නැත්නම් පැවැත්මක් නැහැ. ඒ නිසා මේ යන විදිය හොඳයි. (නි)
සමහර රාජ්‍ය ආයතන වල හිටියේ හීන් නුලෙන් හොරකම් කරගෙන සිටි දේශපාලන බලය ඇති සමහර නිලධාරීන්. ඔවුන් ගැනත් තීරණයක් ගතයුතුයි. දුප්පත් මිනිහට සේවයක් කළේම නැහැ. (නි)
පරණ පුරුද්දට කඩේ යයි ද ? (නදී)
මුදල් රෙගුලාසි වලට පපුවක් නැත. (නදී)
මේවා හොය හොයා ඉන්න. ටික ටික ගහපු ගිවිසුම් අනුව උතුරට දෙන යහ පාලනය පෙන්වන්න. මහා ජාතිය වැඩේ දෙයි දින 100 එන කොට. (නදී)
මම නම් හිතන්නේ පොදු මහත් ජනතාවට ඕන උනේ සත්‍ය දිනාගෙන නිවහල් නිදහස් රටක එකමුතු ජාතියක් විදියට ජීවත් වෙන්න. අන්තර්ජාලයෙන් ඉදිරිපත් කරපු තොරතුරු වලින් රටේ ඉතා වැදගත් තනතුරු වලට පත් උන අයගේ අතීතයේ වැරදි හොර මැර වැඩ නිසා නැවතත් ආපස්සට හරවපු ගමනකට මුල පිරිලා ඉවරයි. පොදු මහා ජනතාව විදියට අපිට තියෙන වගකීම තමයි කිසි කෙනෙක්ව අපේ කරගන්නේ නැතුව රට දැන්වත් නිවරදි මගකට ගෙනියන්න පාලකයන්ට හැම විදියකින්න්ම පුළුවන් උපරිම විදියට වැඩ දෙන එක. මේ කියන හැම දෙයක් දිහාම බොහොම පැහැදිලි මනසකින් බලල නිවරදි තොරතුරු පමණක් බාරගන්න පරිස්සමට. මේ කිසි කෙනෙක්ගේ ඔඩොක්කු වලට නැවතත් අපි වැටෙන්න අවශ්‍ය නෑ. මොන දෙයක් උනත් මහජනතාව විදියට අපි කාටත් මේවට වන්දි ගෙවන්න වෙන්නේ සහ විදින්න වෙනවා. අපි පෙළ ගැසෙමු නිවරදි තොරතුරු සහ මග පෙන්වීම් මත පමණක් අපේ නිවැරදි මතය කියන්න සහ කරන්න. අපි මහින්දගේ , රනිල්ගේ, මෛත්‍රී ගේ හරි වෙන විකල්ප පුද්ද්ගලයන්ගේ නොවී මේ සියලුම පාලකයන් අපිට අවශ්‍ය කරන රටක් හදාගන්න හැකි හැම මහන්සියක්ම එකා වගේ අරගමු. තෙරුවන් සරණේ පිහිට පතමි(නදී)
ආයතනයක පුද්ගලික නමින් ගිණුම් පවත්වාගෙන යා නොහැකිය යන්න මගේ දැනුමයි. වැරදි වැඩ කවුරු කළත් වැරදියි (නදී)
යහපාලනයෙන් අපි අහමු නේද තුසිත? (නි)
සමහරු කරන වැඩ දැක්කහම හිතෙන්නේ සරම ඇඳගෙන ඔලුවෙන් හිටගන්න හදනවා වගෙයි කියලයි (නි)
මේකද අපි සිතූ යහපාලනය? (නි)
ඔන්න ඔහේ ආරක්ෂක ලේකම් කමත් අහක් කරලා දාන්න. පොලිස් ප්‍රකාශකවත් අයින් කරලා දාන්න (නදී)
අපිත් මෛත්‍රීට උදවුකළ කට්ටිය. නිලධාරියෙක් දෙයක් කළවිට එයට නිදහසට කරුණු අහන එක නෙමෙයි අපි නම් බලාපොරොත්තු වුණේ. දින 100යි. අපි බලාගෙන ඉන්නේ. (නි)
රවි කරුණානායක හා රාජිත සේනාරත්න මහතුන් කියනා ආකාරයට මෙම ගිණුම නීතිවිරෝධී නම් වහාම කළයුත්තේ ගිණුම අත්සිටුවා මේගැන පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට දඩුවම් කිරීම නොවේද? ජනතාව පැතූ යහපාලනය එය නොවේද? නැත්නම් නිළධාරීන්ගෙන් නිදහසට කරුණු විමසීම යහපලනයද? (නි)
අමාත්‍යංශක ලේකම්ගේ නමට තමයි අමාත්‍යාංශයේ ගිණුම් තියෙන්නේ. ඒකට කියන්නේ අභිමතානුසාරි බලය කියලා. මුදල් රෙගුලාසි පොත කියවලාම කතා කළා නම් නේද හොඳ? (නි)
මෙහි අදහස් දමන වැඩි ප්‍රතිශතයකගේ දැනුම කොතැනද? (නි)
අනේ අපොයි මෙහෙමත් දේවල්? මේ සිරිලකට දෙවියන්ගේම පිහිටයි! (නි)
කලින් රජයේ ජාතික ආරක්ෂාව තිබුනත් ආර්ථික සංවර්ධනයක් තිබුනේ නැහැ. ඒ නිසයි අපිට වෙනසක් ඕනෑ වුණේ. ඒත් දැන් මට පෙනෙන්නේ ආර්ථික සංවර්ධනයත් ජාතික ආරක්ෂාවත් දෙකම නැහැ වගෙයි. (නි)
දොස්තර මහත්තයා ප්‍රමුක යහපාලනයේ පෙඩරල් නඩේ මාධ්‍ය ප්‍රකාශකයෝ විතරක් නෙමෙයි පුලුවන්නම් ත්‍රිවිද හමුදාවම ලංකාවෙන් ඉවත් කරයි කට්ටිය කරපු උපකාරේට කලගුණ සලකන්න. (නදී)
පුදනකොටම කාපි යකා. (නදී)
භාණ්ඩාගාරයේ අවසරයක් නොමැතිව රාජ්‍ය ආයතනවල විශේෂිත ගිණුම් තබා ගත නොහැක. (නදී)
'රටේ දැනට යුද්ධයක් නැති නිසා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඉවත් කිරීම ගැන ඇමැති මණ්ඩලයේ සැලකිල්ල යොමුවී ඇතැයිද ඔහු කීවේය' මෙයාලා හිටියොත් අනාගතයේදී උතුරෙන් අයින්කරන්න හදන කඳවුරු පිළිබඳ විස්තර ජනතාව දැනගන්න නිසා තමා මෙහෙම කරන්න හදන්නේ. (නදී)
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ (නදී)
බොහොමයකගේ අදහස් සමඟ මමත් එකඟ වෙනවා. (නි)
යහපාලනේ පේනවා නේද ? ඇත්ත කතා කලාම ඉවත් කරනවා. (නදී)
යුද හමුදා මුලස්ථානය බදු දීමෙන් ලැබුන මුදල් ආරක්ෂක අමත්‍යංශයේ නමට ඇති පෞද්ගලික ගිනුමක පවත්වාගෙන යාම මුදල් රෙගුලාසි වලට අනුකූල නැහැ. එම මුදල් රාජ්‍ය භාන්ඩාගාරයට අයත් මුදල්. එම මුදල් ආරක්ෂක අමත්‍යංශයේ ඇති රජයේ ගිණුමට බැර කල යුතුය. ඒවගේ පෞද්ගලික ගිනුමක පවත්වාගෙන යන ගිනුමක ඇති මුදල් රජයේ ඉදිකිරීමකට යොදා ගැනීමත් මුදල් රෙගුලාසි වලට අනුකුල නැහැ. (නදී)
හුරේ, යහපාලනය පටන් ගෙන රාජිතට, කරුට ඕන දෙය නොකී නිසා නේද මෙහෙම කරන්නේ (නදී)
හොරු ඉන්නවා නම් හෙළිකරන්න ඕනා. (නදී)
බොරු කිව්වේ රවී. මෙතනම තියෙනවා නිලධාරීන්ව භය කිරිල්ල. මෙහෙම ගියොත් දින සියයෙන් ගෙදර යන්න තමයි වෙන්නේ. (නදී)
අවුරුදු දහයක් තිස්සේ පැල් බැඳගෙන කරපුවා දවසට දෙකට විසඳන්න බැහැ. මේ ආණ්ඩුවට හුස්මක් ගන්න ඉඩ දෙන්න. දවසකට ජනදිපතිගේ වියදම දෙලක්ස හැටපන්දහයි. අද රුපියල් අටදහසට අඩු කරලා තියෙනවා. එතනම තියෙන්නේ යහපාලානේ නෙවෙයිද ? මෙච්චර කාලයක් වලිගෙ පස්සේ ගහගෙන හිටපු කට්ටිය අද එළිපිට කතා කරන එකම යහපාලනේ නෙවෙයිද ? (නදී)
ඔක්කොම එක බෝට්ටුවේ යන කට්ටිය වගෙයි දැන්නම් පෙනෙන්නේ. තමන්ගේ වැරදි වහගන්න අනුන්ගේ කුණු අවුස්සන එක වැරදියි. දින 100 ට පසු හොඳ හොඳ සෙල්ලම් තිබෙයි වගේ. (නි)
" දී කිරට බළල්ලුත් සාක්ෂියි කියල " කතාවක් තියෙනවා නේද? (නදී)
මට පෙනෙන්නේ අපිත් අහුවුණා වගේ. ඒත් නිදහසට කරුණු අසා බයකිරීම කොහොමද යහපාලනයක් වෙන්නේ? (නි)
ඇයි අපි වෛරය නිසා තවත් වරද්දාගන්නේ? (නි)
රාජ්‍ය මුදල් භාණ්ඩාගාරයේ මිස ගිණුම් වල තිබෙන්න බැහැ (නි)
හරි නම් ඉස්සල්ලම රවී කරුණානායකව ඇමති දුරයෙන් අයින් කරන්න ඕනා. එයාට විනිමය වංචාවකට නඩු තියෙනවා. (නදී)