යුද සමයේ අතුරුදන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් දින හතරක් තිස්සේ වවුනියාව තැපැල් කාර්යාලය අසල ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (26) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ මැදිහත්වීම මත අවසන් කෙරිණි.
උපවාසකරුවන් සමඟ දිර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූ රාජ්‍ය අමාත්‍යවරයා පෙබරවාරි 09 වැනි දා අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ජාවක් පැවැත්වීමට පොරොන්දු ලබාදීමෙන් අනතුරුව අතුරුදහන්වූන්ගේ ඥාතීහු උපවාසය අතහැර දැමූහ.
නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක , අධිකරණ හ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමඟ උපවාසකරුවන්ට සාකච්ජාවක් ලබාදීමට නියමිත බව ද විජයවර්ධන මහතා එහිදි සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ වර්තමානය රජය සංහිදියාව වෙනුවෙන් අවශ්‍ය සිය`ඵ පියවර ගන්නා බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශිකා අපේ මිනිසුන්ගේ අලුත් සිරිත පැත්තකට වෙලා බලා ඉන්න ගමන් විඩියෝ කරනවා බේරා ගන්න උදවුවක් වෙන්නේ නැත. දොස්තර කියනවා තව විනාඩි 10 කලින් ගෙනවානම් බේරා ගන්න තිබුන කියල. ඉතින් පැත්තකට වෙලා බලා සිටිය නරුමයෝ ගැන මොනවා කියන්නද. ඕනත් ඒ නරුම ගොඩට වැටෙන්න එපා. (බ)
රටේ මහා ජාතියට විතරක් සලකනවානම්, ( කලින් වගේ ) එය යහපාලනයක් වෙන්න බැහැ. සුළු ජාතිකයිනුත්, මේ රටේ පුරවැසියෝ. ඔවුන්ගේ ප්‍රශ්නවලටත් සාවධානව කන්දී, අවශ්‍ය විසඳුම් ලබාදීමත් යහපාලනයේ වගකීමක් .ඒ නිසානේ යහපාලකයින් පත්කරගන්න සුළුජාතීන් බුරුතු පිටින් ඡන්දෙ දුන්නේ. (බ)
මෙහෙ කට්ටිය උපවාස කළොත් නම් කඳුළු ගෑස් (නි)
සංහිඳියාව දෝරේ ගලනවා දැන් රටේ! අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා (නි)
දකුණේ උද්ඝෝෂණයක් පෙළපාලියක් තිබ්බොත් එක්කෝ කදුළු ගෑස් නැත්නම් ජල ප්‍රහාර, බැටන් පොලු ප්‍රහාර. රිමාන්ඩ් එකෙත් ලගින්න වෙනවා. (නි)
එතකොට සිංහල අපේ නැතිවෙච්ච කට්ටිය? (නි)
හුසේන් මොහමඩ් කියන්න බලන්න සුළු ජාතීන්ට තියෙන ප්‍රශ්න. (නි)
යුද්ධය පවතිද්දී හැම ජනකොටස්ම වාගේ මිනිස්සු අතුරුදන්වුණා. කොටි ත්රස්තයන් විසින් අහිංසක සාමාන්‍ය මිනිස්සු කීදෙනෙක් පැහැරගෙන ගියාද? මේවා ගැන කිසිම පියවරක් නැහැ. (නි)
බොහොමයක් දෙනා මැදපෙරදිගට රටවලට සංක්‍රමණය වී ඇති බැවින් එම රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගෙන් තොරතුරු ලබාගත හැක (නි)
ඔබගේ මැදිහත්වීම හොඳයි. හැබැයි උතුරට සහ දකුණට යන දෙකටම එකම විදියකට මැදිහත්වීම කළයුතුයි. (නි)
යුද සමයේ අතුරුදන්වූවන් දැන් බොහෝ දෙනෙක් ඉන්නේ යුරෝපයේ, ඇමරිකාවේ, කැනඩාවේ, ස්කැන්ඩිනේවියන් රටවල... (නි)
ඔය උද්ඝෝෂණ නවත්වන්න පුළුවන් එකම ක්‍රමය ආණ්ඩු මාරුවයි. අතුරුදන්වුණේ මේ ආණ්ඩුව කාලේ නොවෙයි. එමනිසා අතුරුදන්වුණ කාලේ තිබු ආණ්ඩුව පත්කරගෙන ඒගොල්ලන්ට කියන්න සොයාදෙන්න කියලා. (නි)
මේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන්ම විසඳාගන්න තරමට හොඳයි (නි)
මේ ප්‍රශ්න දුරදිග යන්න නොදී විසඳාගැනීම හොඳයි (නි)
ඇමතිතුමාට ස්තූතියි! (නි)
අපි කලබලනොවී බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
රුවන් මහතා දූරදර්ශීව කටයුතු කළ එක ගැන සතුටුයි (නි)
දකුණේ උද්ගෝෂණ වලටත් මේගොල්ලෝ මෙහෙමද සළකන්නේ? (ම)
1989 සමයේ අතුරුදන්වූවන් ගැනත් සොයමු නේද (ම)
අර සිල් මාතාවක් දළදා මාලිගාව ළඟ උපවාසයක් කළානේ, ලෙඩ වෙලා ඉස්පිරිතාලෙත් ඇතුල් කළාලුනේ, එතනට කීදෙනෙක් ගියාද දන්නේ නැහැ නේද? අඩුගානේ ඉස්පිරිතාලෙටවත්.... (බ)