(ඩයනා උදයංගනී)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් 42 දෙනෙකු ආපසු කැඳවා ඇත්තේ එතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ නිසි තක්සේරුවකින් පසුව බවත් එය දේශපාලන අරමුණකින් කළ දෙයක් නොවන බවත් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිටපු ජනාධිපතිවරයා විශ්‍රාම ලබන විට ඉල්ලා ඇත්තේ යුද හමුදා සාමාජිකයන් 102 ක් සහ පොලිස් නිලධාරීන් 103 දෙනෙකු වුවත් එතුමාට ඇමැති ආරක්ෂක පොලිස් නිලධාරීන් 203 දෙනෙකු සහ විශේෂ කාර්ය බලකායේ 26 දෙනෙකු ඇතුළු නිලධාරීන් 229 ක ආරක්ෂාව ලබාදී තිබූ බවද ඇමතිවරයා කීවේය.
ප්‍රභුන්ගේ ආරක්ෂාව නිසි ලෙස තක්සේරු කිරීමෙන් පසු අඩු වැඩි කිරීම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක් බව කී අමාත්‍යවරයා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාවට සිටින්නේ නිලධාරීන් 69ක් පමණක් බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මැඩම්ට නම් ආරක්ෂාවක් ඕනෙ නැහැ... කොටින්ට හොඳට කඩේ යනවනේ ...
මේ තක්සේරුව කරන්නට හිතුනේ මැයි දිනයට පහුවදාමද?
අර ආරක්ෂකයින් 69 දීල තියෙන කෙනානම් රටට කිසිත් නොකරපු කෙනෙක්. ඒ බව ඔබතුමාලා දැන් නොකිව්වට අවුරුදු 20 ක් විතරම කියෙව්වනේ...
මැයි දිනයේ නැකතක් එහෙම බලලා වෙන්න ඇති තක්සේරු කළේ...
ලොක්කාට අමතකද එයාගෙ කාළේ චන්ද්‍රිකා මැඩම්ගේ ආරක්ෂාවට ඒ.එස්.පී., අයි.එස්. කෙනෙකු සහ කොස්තාපල්වරුන් 7කට අඩුකරපු හැටි....
කලින් ජනාධිපති චන්ද්‍රිකා මැතිණියටත් ආරකෂාව ඕනෙ නෑ.. නමුත් හිටපු ජනපති මහින්ද මහත්තයාට නම් නැවත ඉලක්කයක් තිබෙන නිසා ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් තිබිය යුතුය. අද අප නිදහසේ ජීවත් වන්නේ එතුමා නිසාය....
අවශ්‍ය ප්‍රමාණය දීලා තියෙනවා කොටින්ට සල්ලි දීල ඡන්දය දිනපු පුද්ගලයානේ....
මැයි රැළියක් වෙනම පැවැත්වුණේ නැත්නම් මේ තක්සේරු මොනවත් නැහැ නේ?
ආරක්ෂාව ගැන තියා කිසි දෙයක් තක්සේරුවක් කරන්න හැකියාවක් තියෙන ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුව....
චන්ද්‍රිකා මැඩම්ට ඉතින් තර්ජනයක් නැහැනේ. මහින්ද මහත්තයාට තාමත් තර්ජන. එ්ක නිසා ප්‍රමාණවත් ආරක්ෂාවක් අවශ්‍යයි. කුහක දේශපාලනයේ හැටි ඔහොම තමයි.
සිංහලයාට ඹිනෑදෙයක් මතක තියෙන්නේ දවස් හතයි.....
ඒ ගොල්ලොමනේ කියන්නේ ඒ අයගේ ආරක්ෂාවට සංඝරත්නයයි මහජනයයි ඉන්නවා කියලා. එහෙම බැලුවම කෝටිගානක් ඉන්නවනේ ආරක්ෂාවට.
නිමල් ඔයා ඔය කතාව ඔප්පු කලොත් මීලග ජනාධිපතිටත් සුදුසුයි.
චන්ද්‍රිකා මහත්මියට මොකටද තවත් ආරක්ෂාවක්... ?
මහින්ද මහතා පනවපු නීතිය අනුවම ඔහුට සලකන්න. හිටපු ජනපතිවරයෙකු වෙනුවෙන් ආරක්ෂකයන් 6 දෙනෙකු පමණයි... යනුවෙන් නීතියක් ඔහුගේ කාලයේ සම්මත කළා. ඊට අනුවම ඔහුට සලකන්න.
සාගල මහත්තයෝ,... ඔයා මොනවා කීවත් ඔය තක්සේරුව කරන්න මැයි පළවෙනිදා පහුවෙනකල් හිටපු එක ගැන සැකසහිතයි.
මේවට උත්තර දෙන්න ජනතාව තවත් ඡන්දයක් එනතුරු බලාගෙන ඉන්නවා...
මේවට උත්තර දෙන්න ජනතාව ඡන්දෙ එනතුරු බලාගෙන ඉන්නවා...
මෑයි දින පෙළපාලිය දැකල බයවෙලා.
කොටි ගහල මදි ගුණ නැති සිංහලුන්ට...