IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ආරක්‍ෂක තත්ත්වයේ වෙනසක් කරන්න පාස්කු ප්‍රහාරයේ වාර්තාව ඕනා

 

(ඩයනා උදයංගනී)

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ලැබුණු පසු රටේ ආරක්ෂක ක්‍ෂේත්‍රයේ සම්පූර්ණ විපර්යාසයක් කිරීමට රජය බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.


මෙහිදී ඉදිරිපත් වන සාක්‍ෂි අනුව ජනතාව තුළ රටේ ආරක්ෂාව පිළිබඳ විශාල චකිතයක් ඇතිව තිබෙන බව කී අමාත්‍යවරයා මෙම ඛේදවාචකයට වගකිවයුත්තේ, මුදල් සැපයූවේ හා ආශීර්වාද කළේ කවුද ආදිය සොයා බලා ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට මෙන්ම, අනාගතයේ මෙවැන්නක් නොවීමට අවශ්‍ය සියලු පියවර රජය විසින් ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ සඳහා රටේ නීති වෙනස් කළ යුතුද? ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ පරිපාලනය තව ශක්තිමක් කළ යුතුද ආදීය කෙරෙහි අවධානය යොමු කරන බව ද ඇමතිවරයා කීවේය.

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේදී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (15)

ආරක්‍ෂක තත්ත්වයේ වෙනසක් කරන්න පාස්කු ප්‍රහාරයේ වාර්තාව ඕනා

De Monday, 26 October 2020 11:22 AM

බොහොම ස්තුතියි, දැන් නම් හරියටම රට දුවනවා. හරිම සතුටුයි.

:       1       0

Champa Monday, 26 October 2020 12:16 PM

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දෙන්නගෙන් එක්කෙනෙක්වත් තාම ඒ කොමිසම ඉදිරියට ගෙනාවේ නැතුව කොහොමද වරදකරුවන් හොයන්නේ?

:       0       1

Hitan-2 Monday, 26 October 2020 01:07 PM

මෙයා කියන විදියට රටේ තාම තියෙන්නේ කලින් තිබුන ආරක්ෂක තත්වයමයි.

:       0       0

තරංග Monday, 26 October 2020 01:17 PM

කවදා වගේ ඔය වාර්ථාව දානවද, ඇවිල්ල අවුරුද්දකට ලගයි, ඉතිරි අවුරුදු ගානම ඕකෙ පිහිටෙන් එල්ලිලා ඉන්නද හදන්නෙ. දීපු ඡන්දය ගැන දැන්නම් ආඩම්බර වීමක් නැත.

:       0       0

බද්රානි Monday, 26 October 2020 02:06 PM

සිදුවිය යුත්තක් සිදු කල යුත්තේ, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ව සිරගත කිරීමෙන් අනතුරුවයි.

:       0       1

Purring Monday, 26 October 2020 02:06 PM

සහරාන්ට සල්ලි දුන් අය ගැනත් සොයන්න

:       0       0

WCA Monday, 26 October 2020 02:38 PM

පාස්කු ප්‍රහාරයට වගකියන්න ඔනෙ කට්ටිය හම්බවූනත් ඔය කොමිසමෙන් මාධ්‍ය සංදර්ශන නැතිව ඒ අයට දඩුවමක් දුන්නොත් අපිටත් කියන්න හොදේ

:       0       1

Prabha Monday, 26 October 2020 03:32 PM

ඇයි ඒ දවස්වල පන පිහිටවලා කිව්වා නේද හැම දෙයක්ම දෙනවා කියලා. ඇයි ඉතින් පමා වෙන්නේ.?

:       0       1

Nihal Monday, 26 October 2020 03:56 PM

යන විදියට නම් වරදකරුවන් නැති හිස් වාර්තාවක් එළියට එයි වගේ.

:       0       1

lalithm Monday, 26 October 2020 04:27 PM

ඔහු ප්‍රගුණ කළ වෘත්තිය ගැන අපට කණගාටුයි.

:       0       0

de silva Monday, 26 October 2020 04:50 PM

අහසේ තරු සහ හඳෙන් කොටසක් අවශ්‍ය නැද්ද.?

:       0       0

නාමල් Monday, 26 October 2020 05:32 PM

සියළු බලය ජනාධිපති යටතට නොගෙන කොරෝනා පාලනය කරන්නත් බැහැ. ඒ නිසා තවත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි.

:       0       0

Kamal Koyrala Monday, 26 October 2020 05:51 PM

ජී.එල්. මහත්තයා දැන් ආරක්ෂක ඇමතිද?

:       0       0

rana Tuesday, 27 October 2020 01:43 AM

ප්‍රතිඵල ඉදිරියේදී

:       0       0

කනිෂ්ක Tuesday, 27 October 2020 01:47 AM

එකල එනම් 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසුව එවකට පැවති රජය විසින් 'අපරාධ යුක්ති විනිශ්චය කොමිසම' පිහිටුවා වැරදි කරුවන්ට දඩුවම් නියම කර ඇත. ඒ ආකාරයෙන් පාස්කු කොමිසමෙන් වැරදි කරුවන්ට දඩුවම් දීමක් සිදු නොවන්නේ ද!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site