
(ඩයනා උදයංගනී)
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ලැබුණු පසු රටේ ආරක්ෂක ක්‍ෂේත්‍රයේ සම්පූර්ණ විපර්යාසයක් කිරීමට රජය බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
මෙහිදී ඉදිරිපත් වන සාක්‍ෂි අනුව ජනතාව තුළ රටේ ආරක්ෂාව පිළිබඳ විශාල චකිතයක් ඇතිව තිබෙන බව කී අමාත්‍යවරයා මෙම ඛේදවාචකයට වගකිවයුත්තේ, මුදල් සැපයූවේ හා ආශීර්වාද කළේ කවුද ආදිය සොයා බලා ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට මෙන්ම, අනාගතයේ මෙවැන්නක් නොවීමට අවශ්‍ය සියලු පියවර රජය විසින් ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සඳහා රටේ නීති වෙනස් කළ යුතුද? ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ පරිපාලනය තව ශක්තිමක් කළ යුතුද ආදීය කෙරෙහි අවධානය යොමු කරන බව ද ඇමතිවරයා කීවේය.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේදී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තුතියි, දැන් නම් හරියටම රට දුවනවා. හරිම සතුටුයි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දෙන්නගෙන් එක්කෙනෙක්වත් තාම ඒ කොමිසම ඉදිරියට ගෙනාවේ නැතුව කොහොමද වරදකරුවන් හොයන්නේ?
මෙයා කියන විදියට රටේ තාම තියෙන්නේ කලින් තිබුන ආරක්ෂක තත්වයමයි.
කවදා වගේ ඔය වාර්ථාව දානවද, ඇවිල්ල අවුරුද්දකට ලගයි, ඉතිරි අවුරුදු ගානම ඕකෙ පිහිටෙන් එල්ලිලා ඉන්නද හදන්නෙ. දීපු ඡන්දය ගැන දැන්නම් ආඩම්බර වීමක් නැත.
සිදුවිය යුත්තක් සිදු කල යුත්තේ, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ව සිරගත කිරීමෙන් අනතුරුවයි.
සහරාන්ට සල්ලි දුන් අය ගැනත් සොයන්න
පාස්කු ප්‍රහාරයට වගකියන්න ඔනෙ කට්ටිය හම්බවූනත් ඔය කොමිසමෙන් මාධ්‍ය සංදර්ශන නැතිව ඒ අයට දඩුවමක් දුන්නොත් අපිටත් කියන්න හොදේ
ඇයි ඒ දවස්වල පන පිහිටවලා කිව්වා නේද හැම දෙයක්ම දෙනවා කියලා. ඇයි ඉතින් පමා වෙන්නේ.?
යන විදියට නම් වරදකරුවන් නැති හිස් වාර්තාවක් එළියට එයි වගේ.
ඔහු ප්‍රගුණ කළ වෘත්තිය ගැන අපට කණගාටුයි.
අහසේ තරු සහ හඳෙන් කොටසක් අවශ්‍ය නැද්ද.?
සියළු බලය ජනාධිපති යටතට නොගෙන කොරෝනා පාලනය කරන්නත් බැහැ. ඒ නිසා තවත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි.
ජී.එල්. මහත්තයා දැන් ආරක්ෂක ඇමතිද?
ප්‍රතිඵල ඉදිරියේදී
එකල එනම් 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසුව එවකට පැවති රජය විසින් 'අපරාධ යුක්ති විනිශ්චය කොමිසම' පිහිටුවා වැරදි කරුවන්ට දඩුවම් නියම කර ඇත. ඒ ආකාරයෙන් පාස්කු කොමිසමෙන් වැරදි කරුවන්ට දඩුවම් දීමක් සිදු නොවන්නේ ද!