IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආයුර්වේදයේ නම විකුණා කාන්තාවන් විකුණලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්ස කාසියා මාවතේ කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එම කාන්තාව ඇතුළු කාන්තාවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක  දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර මෙම ස්ථානය පවත්වාගෙන ගියත් කිසිදු වෛද්‍යවරයකු එම ස්ථානයේ රැඳී නොසිටිය බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවල නිරත වන බවට නිවෙස්වලට පවසා මෙම ස්ථානයේ රැඳී සිට මෙම වෘත්තියේ යෙදෙන බවට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිස් නිලධාරිනියක් පැවසුවාය.

සැකකාරියන් වයස අවුරුදු 25 සහ 37 අතර පසුවන පානදුර ඇල්පිටිය නිට්ටඹුව කැටමුලාව හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකාරියන් වන බව පොලීසිය සඳහන් කරයි.

 



අදහස් (3)

ආයුර්වේදයේ නම විකුණා කාන්තාවන් විකුණලා

කසුන් Thursday, 09 May 2024 07:59 AM

අයියෝ... ඩයනා අක්කිත් නැති වෙච්චි එකේ දැං ඉතිං කවුද මේවා නීතිගත කරමු කියලා දියවන්නාවේ වත් කෑගහන්නෙ? "තමන් ගතට තමන්ගෙ අතමය සැනසිල්ල" කියලා හිත හදා ගන්නයි වෙන්නෙ.

:       6       15

සමන් විමල් Thursday, 09 May 2024 09:46 AM

ඩයනා ඔය ගැන කිව්වෙ නෑ . හරිනි ආච්චි තමා ආචාර්ය උපාධියට ඕක ගැන ලියා තියෙන්නේ .

:       16       14

Lahiru nigam Friday, 10 May 2024 02:20 AM

ස්පා නාමය යෙදාගෙන සම්භාහන ආයතන තුල ගනිකා වෘත්තියෙහි යෙදීම වහාම නවත්තන්න.එසේ නොමැතිනම් ගනිකා වෘත්තිය නීතිගත කොට ස්පා නාමය සුරකින්න.මේ සදහා අදාල බලධාරීන්ගේ ඇස් විවර වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site