( අරුණ ඩයස් සහ ඉන්දිකා රාමනායක)
උඩමාදුර අයුර්වේද රොහලේ ස්ථාන බාර ආයුර්වේද වෛද්‍යවරයා සිය නිල නිවසේ නාන කාමරය තුළ මිය ගොස් සිටිය දි සොයා ගත් බව තෙරිපැහැ පොලිසිය පවසයි.
බෙලිඅත්ත,පුවක්දණ්ඩාව,විස්කමි පුර දෙක,ජය සුරංගි හි පදිංචි ජයසුරිය පටබැදිගේ භාරත මධුසංඛ ජයසුරිය නැමති තිස් හය හැවිරිදි විවාහක ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙසේ මිය ගොස් ඇත.
උඩමාදුර ආයුර්වේද රොහලේ සේවය කරන සේවකයෙකු ඊයේ (17 ) උදෑසන උඩමාදුර ආයුර්වේද රොහලේ වෛද්‍යවරයා නිල නිවසේ නාන කාමරය තුල වැටි සිටිනු දැක දුරකථනයෙන් උදැසන නමය හමාරට පමණ තෙරිපැහැ පොලිසියට දන්වා ඇත.
ඒ අනුව තෙරිපැහැ පොලිසිය උඩමාදුර ආයුර්වේද රොහලට ගොස් විමර්ශණ කටයුතු සිදු කර වලපනේ වැඩ බලන දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් මානෙල් වික්‍රමසිංහ මහත්මිය වෙත මෙම ආයුර්වේද වෛද්‍යවරයාගේ මරණය පිළිබද කරුණු වාර්තා කර තිබේ.
වලපනේ වැඩ බලන දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් මානෙල් වික්‍රමසිංහ මහත්මිය ඊයේ ( 17) දහවල් මහෙස්ත්‍රාත් පරික්ෂණය පවත්වා මිය ගිය ආයුර්වේද වෛද්‍යවරයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය රොහලේ අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කර පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙසට නියොග කළේය.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයුර්වේද වෛද්‍යවරයා නාන කාමරයේදී මිය ගිහින්