IMG-LOGO

ආයෝජනයට ජනපතිගෙන් සෞදි රාජ්‍යයට ඇරයුම්

(ඩයනා උදයංගනී)

මෙරට ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරු හමුවේ  පැවසීය.

කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණික සංවර්ධනය සහ වරාය නගර ආශ්‍රිතව ඇති විදේශ ආයෝජන අවස්ථා ජනාධිපතිවරයා මෙහිදී සවුදි විදේශ අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළෙ සවුදි අරාබියානු විදේශ අමාත්‍යවරයා සමඟ, ජනාධිපති කාර්යාලයේදී අද (14) පෙරවරුවේ පැවති හමුවේ දීය.  

ප්‍රේෂණ අඩුවීම, සංචාරක කර්මාන්තය බිඳ වැටීම, වියළි කාලගුණික තත්වය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වූ බලපෑම හා මතුව ඇති ඉන්ධන අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරු ද මෙහිදී කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර,  තම රාජ්‍යය ද පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බවත්, ශ්‍රී ලංකාවට ද සහාය ලබාදීමට සූදානම් බවත් පැවසීය.

දෙරට අතර අංශ ගණනාවකින් ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාවේ සවුදි අරාබි තානාපති අබ්දුල් නසීර් අල් ෆර්හාත්, සවුදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල් රහමන් අල්දාවූඩ්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඔගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

ආයෝජනයට ජනපතිගෙන් සෞදි රාජ්‍යයට ඇරයුම්

ඉන්දික Monday, 14 March 2022 09:00 PM

කීයක් ඉල්ලුවද ණය?

:       0       0

Bamunuarachchi Tuesday, 15 March 2022 07:04 AM

ආයෝජකයි ගෙන්වන්න පෙර ජෙප්පන් කමබස් කර ඉන්න. ජෙප්පන් සිටිනාතුරු ආයෝජකයෝ මේ රටට එන්නේ නැත. ජෙප්පන් කියන්නේ බහු ජාතික සමාගම් මෙරටට එපා අපි දාකැත්තෙන් මිටියේන් ගුවන්යානා උනත් හදන්නම් කියලා.

:       0       0

Hafeel Tuesday, 15 March 2022 07:11 AM

මේ පිටුවේ බමුණු ඉස්ලාම් සහ මුස්ලීම් විරෝද මතය පල කරනවා. එහෙ බමුණුගේ ජනාධිපති ඉස්ලාමිය රටවල්ට අරාධනා කරනවා මෙහේ ආයෝජන කරන්නයි කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 307 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site