යෝජිත හම්බන්තොට වරාය ආශ‍්‍රිත ආයෝජන කලාපය සම්බන්ධයෙන් අද හෙටම පාර්ලිමේන්තුව සහ අනෙකුත් අදාළ අංශ දැනුවත්කර චීනය සමඟ ගිවිසුමට අත්සන් කිරීමට කටයුතු කරන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා අද (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කීය.
ආයෝජන කලාපය සඳහා හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් අක්කර 2,500ක් සහ මොණරාගල දිස්ත‍්‍රික්කයේ අක්කර 7,000ක් පමණ මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත් මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් දැනට චීනය සමඟ අත්සන්කර තිබෙන බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අත්සන් කරන්න හදන ගිවිසුමේ රටට අහිතකර දෙයක් තියෙනවා නම් වහාම සංශෝධනය කරන්න. (නි)
ඔන්න ආයෙත් පටන්ගත්තා... (නි)
අති විශිෂ්ට වැඩ පිළිවෙලක්! කිසිවක් නොදත් අය නොවේ ඔය පෙළපාලි යන්නේ..ඔවුන් දන්නවා මේ විදිහට ගියොත් රට දියුණු වෙන බව. ඔබත් රටට අදෙරේ නම් ඔය උද්ගෝෂණ වලට රැවටෙන්න එපා. (ම)
අපිට මේ ගැන පැහැදීමක් නෑ (අ)
තාමත් බැරි වුනේ ඇයි. බාධක මොකුත් නැහැනේ. (අ)
ඔය ගිරව් වගේ කෑගහන එක්කෙනෙක් වත් අත්සන්කරන්න යන ගිවිසුම දැකලවත් නැහැ. මේ රටේ ජනතාව නියෝජනය කරන ආයතනය පාර්ලිමේන්තුව. ඒ නිසා ප්‍රථමයෙන් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ආණ්ඩුවේ අයගේ පුද්ගලික ඉඩම් වික්කට කමක් නැහැ. නමුත් මේවා මේ රටේ ඉඩම්.ජනතාවගේ සම්පත්.(අ)
"පොර්ට් සිටි" ගිවිසුම කියන්නෙත් මේවගේම ජාතකයක් නොමැති ගිවිසුමක්. අප්පෙක් උන්නෙම නැහැ අත්සන් කරනකම්. දැනටත් ඉන්නවද දන්නේ නැහැ. එතකොට යහපාලන උදවිය හැම මාධ්‍යයේම බෙරිහන් දුන්නා චීනාට රට විකුනනවා, චීන කොලනි හදනවා කියලා. ඒ කෑගහුවෙත් ගිවිසුම දැකලාද. (බ)
ඉතා හොඳයි (නි)