IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආයෝජකයන්ට මාර්ගත වීසා නිර්දේශ ක්‍රියාවලියක්

 

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් සඳහා මාර්ගගත වීසා නිර්දේශ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.

මේ මගින් ශ්‍රී ලංකාව වෙත ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහාත්, ව්‍යාපාරික කටයුතු කිරීම වඩාත්ම පහසු කිරීමත් හැකිවනු ඇතැයි ආයෝජක මණ්ඩලය සඳහන් කරයි.

ආයෝජකයින් අවශ්‍යතාවය මත වාර්ෂික වීසා බලපත්‍ර 7000 - 7500 ත් අතර ප්‍රමාණයක් නිකුත් කිරීමට  නිර්දේශ කරයි.

ඒ සඳහා ආයෝජකයින් කිහිප වරක් ආයෝජන මණ්ඩල ප්‍රධාන කාර්‍යාලය පැමිණිය යුතු වුවත් මාර්ගගත වීසා ක්‍රමය හේතුවෙන් එම  ක්‍රියාවලිය පහසු වනු ඇත.

 නව ක්‍රමවේදය හඳුන්වා දීමත් සමඟ කිසිදු අයදුම්කරුවෙකුට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැමිණීමට අවශ්‍ය නොවන අතර සියලු කාර්යයන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැක.

නව ක්‍රමය යටතේ වීසා වර්ග තුනක් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන අතර ඒ අනුව මෙරටට ඇතුළු වීමේ වීසා, පදිංචි වීම සඳහා වීසා සහ වීසා බලපත්‍ර දීර්ඝ කර ගැනීම මෙයට අයත්ය.

මේ තුළින් ආයෝජකයන්ට සේවකයන්ට හා යැපෙන්නන්ට යන පාර්ශවයන්ට වීසා අයදුම් කළ හැකි බවත් ආයෝජක මණ්ඩලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආගමන විගමන දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශය එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබේ.



අදහස් (2)

ආයෝජකයන්ට මාර්ගත වීසා නිර්දේශ ක්‍රියාවලියක්

මුදියන්සේ... Tuesday, 09 August 2022 04:25 PM

Comments දාන්න අමතක වෙලා ද ?

:       0       0

de silva Tuesday, 09 August 2022 07:35 PM

මම පොහොට්ටුව ඡන්දය දුන්නේ නැති නමුත් කරුණාකර සංචාරකයන්ට, අයෝජකයන්ට සහ ගමන් බලපත්‍ර ලබාගන්න ශ්‍රී ලාංකිකයන්ට සහනයක් වන ලෙස ධම්මික පෙරේරා ක්‍රියාත්මක කරපු පැකජය දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න බැරිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site