ආයෝජකයින් කැඳවා ගැනීමේ අරමුණින් ආයෝජනයන් සම්බන්ධ නව පහසුකම් ඇතිකිරීමටත්,ආයෝජකයින්ට ලබාදෙන බදු සහන නැවත සළකාබැලීමටත් රජය සූදානමින් සිටී.

මේ පිළිඹඳව පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ආසියා - අපි‍්‍රකා වෙළද සමුළුවේදී සඳහන් වුණු අතර  ඕනෑම ආයෝජකයෙකුට ශී‍්‍ර ලංකාවේ ආයෝජනය කිරීමට අවස්ථාවත්,එසේ ආයෝජනය කිරීමේදී ශී‍්‍ර ලංකා රජයෙන් ලබාදෙන වාසි අත්විදීමේ අවස්ථාවත්, තිබෙන බව පැවසුනි.

සමුළුවට සහභාගීව සිටි රටවල් බොහෝමයක් ශී‍්‍ර ලංකාව හා අතීතයේ සිටම වෙළද සබඳතා පවත්වාගත් රටවල් විය.එම රටවල් අතරින් ඉදිරියෙන්ම සිටි මැලේසියාව දැනට ශී‍්‍රලංකාවේ ඩොලර් බිලියන 1.2 ක් වටිනා ආයෝජනයන් සිදුකර තිබෙන අතර දෙවැනි ස්ථානයේ සිටි සිංගප්පූරුව ඩොලර් ලක්ෂ 6000 ක් වටිනා ආයෝජනයනුත්,තෙවැනි ස්ථානයේ සිටි ඉන්දුනීසියාව ඩොලර් ලක්ෂ 250 ක් වටිනා ආයෝජනයනුත් සිදුකර ඇත.