අමීර් ඛාන් පරිපූර්ණත්වයේ සංකේතය ලෙස ක්ෂේත‍්‍රයේ හැඳින්වුණත් ඔහු බියගුල්ලෙකි. දුම්පානය සඳහා ඔහු පොළඹවනු ලැබ ඇත්තේ එම බියගුළු බව විසිනි. ඔහුගේ ඊළඟ චිත‍්‍රපටිය දාංගල් හේතුවෙන් ඔහු සිටින්නේ අවිවේකී මනසිනි. නින්ද නැති රාත‍්‍රී කාල බොහෝ ගණනක් ගත කරන්නට ඔහුට සිදු වී තිබේ. මේ පීඩාව දුරුකර ගන්නට ඔහු නැවතත් දුම්පානයට ඇබ්බැහි වී ඇත. ඔහු ඒ පුරුද්ද නතරකර ගත වී තිබුණේ යන්තම් අවුරුද්දක් පමණක් බැව් ඔහුගේ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.
ඇත්තටම ඒක පුදුම පුරුද්දක්.. චිත‍්‍රපටියක් තිරගත වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ඒක සාර්ථක වෙයිද නැද්ද කියන පීඩාව අමීර්ට වද දෙනවා.. එතකොට තමයි ඔහු දුම් පානය පටන්ගන්නේ... පී.කේ. ඩූම් 3, තලාෂ්.. මේ හැම චිත‍්‍රපටියකදීම ඒක සිද්ධ වුණා. ඔහු අවසන් වතාවට දුම්බීම නතර කළේ මේ අවුරුද්දෙ ජනවාරි මාසේ... ඊට පස්සේ ඔහු තමන්ගේ බරත් කිලෝ ග‍්‍රෑම් 25 කින් අඩුකර ගත්තා. ඒ දාංගල් චිත‍්‍රපටිය වෙනුවෙන්... එත් දැන් දාංගල් හින්දම ඔහු ආයෙමත් දුම්පානයට පුරුදු වෙලා.. දැන් ඔහුගෙ බරත් වැඩි වෙමිනුයි තියෙන්නේ...
ඔහු තවදුරටත් පැවසුවේය.
එහෙත් අමීර්ට සිය පුතු අසාඞ් ඉදිරියේ දුම්පානය කිරීමට පුළුවන්කමක් නැත. තවමත් හය හතර නොතේරෙන දරුවෙකු වුවත් මෙය නරක පුරුද්දක් බව ඔහු දන්නේය.
‘‘යන්න....යන්න....ගේ ඇතුළේ සිගරට් බොන්න එපා’’...
කියමින් ඔහු සිය පියා පළවා හරින සුරතල් විලාසය දකින්නට ප‍්‍රිය උපදවන බැව් ප‍්‍රකාශකයා කියන්නේය.
දංගල් තිරගත වෙන්නට නියමිතව තිබෙන්නේ දෙසැම්බර් 23 දාය. එය සාර්ථක වුවහොත් අමීර් ඛාන්ගෙන් දුම්වැටියට නිදහසක් ලැබෙනු ඇතැයි ප‍්‍රකාශකයා කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd