කොළඹ කොටහේනේ බ්ලූමෙන්ඩල්හිදී ඡන්ද ප්‍රචාරක රැලියකදී පුද්ගලයකුට වෙඩි තබා පළාගිය බව කියන සම්පත් චාමර ෆොන්සේකා හෙවත් ආමි සම්පත් (35) ඔහුගේ බිරිය සංජීවනී ජීවන්ති හා ප්‍රදීප් කුමාර සුදර්ශන (29) ගෙන් ලත් තොරතුරු අනුව කොටුගොඩ රජවත්තේ නිවසකින් පිස්තෝලයක්, උණ්ඩ 14ක්, උණ්ඩ කොපුවක් හා ජංගම දුරකථන 9ක්ද සොයාගත් බව පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ආණ්ඩු කාලේ ආයුධ පෙන්නන්න එක්කගෙන ගියා නම් මේ කවුරුත් මෙහෙම දඟලන්නේ නැහැ. (නි)
මුහුණු වල තිබෙන සෞම්‍ය බව හිත් වලත් තිබුනා නම්... (නි)
ගෙදරින් බඩු එළියට ගත්තා වගේම සාක්කුවෙන් සමහර දේශපාලුවෝ එහෙමත් එළියට ගන්න පුළුවන් වෙයි. (නි)
කවුරු මොනවා කිවුවත් මේ අය බේරනවා (නි)
තව තව විස්තර ඉදිරියට හෙළිවේවි! (නි)
අපේ අභීත රණවිරුවොන්ට අත නොතබනු.. (ර)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති (නි)
කොතරම් චණ්ඩි වැඩ කළත් පින්තූරය බැලුවහම හරිම ලස්සනයි (නි)
මිනීමරු පෙනුමක් නම් නැත. නමුත් මිනීමරු සිතක් ඇති නේද? (නි)
සැඟවූ අවි පෙන්වන්න ගෙනියන්නේ නැද්ද? (නි)
ආමි කෑල්ලක් නමට ඉස්සරහින් තියෙන්නේ මෙයා ආමි එකේ හිටපු කෙනෙක් වෙන්න ඇති? (නි)