ආබාධිත සෙබළ දීමනා දීමට නියෝග කරන ලෙස ඉල්ලා ආබාධිත සෙබළුන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සලකා බැලූ අභියාචනාධිකරණය එක් පෙත්සමක් ගැන ලබන 29 වැනිදා ලිඛිත දේශන ගොනු කිරීමට නීතිපතිට නියෝග කළේය.

අනෙක් පෙත්සම ගැන විරෝධතා ලබන 20 වැනිදා ගොනු කරන ලෙසද නියෝග කැරිණි.

අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ ,එස්.තුරෙයිරාජා මහත්වරුන් හමුවේ මෙය සලකා බැලිණි.

ආබාධිත සෙබළුන් 341 දෙනෙකු විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම් දෙකෙහි වගඋත්තරකරුවන් වශයෙන් ආරක්ෂක ලේකම් ,යුද හමුදාපති ඇතුළු තිදෙනෙක් නම් කරනු ලැබ සිටිති.