ආබාධිත විශ්‍රාමික රණවිරුවන්ට  ලැබිය යුතු  හිඟ වැටුප්  ලබා  දෙන්නැයි  යුද හමුදා   ආබාධිත  රණවිරුවන්ගේ  සංගමය රජයෙන්  ඉල්ලිමක්  කරයි.

විවිධ ආබාධයනට ලක්ව හිඟ වැටුප්  ලැබිය යුතු  විශ්‍රාමික අබාධිත රණවිරුවන්  පන්දහසක් පමණ සිටින බව සංගමය පවසයි.

එම හිඟ වැටුප්  ලබා  දිමට  මැදිහත්  වන්නැයි  ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාටත්  අගමැති  රනිල් වික්‍රමසිංහ මහතාටත්  සංගමය  ඉල්ලා  සිටියි.

1 2

 

 

ජායාරුප හා  විඩීයෝ  ශාන්ත රත්නායක