(මොහොමඩ් බුහාර්දීන්)
කිකිලියන්ගේ බිත්තර විකුණා ලැබෙන සුළු අදායමින් අබාදිත පිරිසක් පෝෂණය කරමින් සිටි දුප්පත් පවුලක තිබු කුඩා පරිමාණයේ කිකිළි බිත්තර ගොවිපලක කිකිළියන් සොරකම් කොට උන් මරා මස්කර මදුවිත පානයට කටගැස්මට මස් යොදා ගත්තේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි.
2 දා සවස මෙම සිද්දිය වූ නිවස පිටුපස පවත්වාගෙන යන කිකිළියන් විසිපහකින් යුත් කුඩා කිකිළි බිත්තර ගොවිපලක දොර කඩා ඇතුළු වී මෙහි සිටි බිත්තර දමන කිකිළියන් හත් දෙනෙකු මේ අසල කැලයකට රැගෙන ගොස් මරා මස්කර කිකිලියන්ගේ මස් මදුවිත සාදයක කටගැස්මට ගෙන ඇති බව මුලික පරීක්ෂණ වලදී පොලිසිය හෙළි කරගෙන ඇත.
පසුව එම ස්ථානය අසල ළදු කැලෑවක වළදමා තිබු මරා දමන ලද කිකිළියන්ගේ ශරීර කොටස් හා තටු සොයා ගැනීමට පොලිසිය සමත් විය.
සිද්දිය සම්බන්දයෙන් සැකපිට ප්‍රදේශයේම පදංචි 25 හා 27 වියේ පසුවන කුලී කම්කරුවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ පන්තියේ කෙනකුගේ දුක දුප්පත්කම අඳුනන්නැති සමාජයක්. ආගමික නැඹුරුවක් නොමැති වීම මෙයට ප්‍රධානම හේතුව ලෙස දකින්නට පුළුවන්....
මොන හිතකින්ද මෙහෙම දේවල් කරන්නේ... ?
ලංකාව ලෝකයේ නරකම මිනිසුන් සිටින රටක් බවට පත්වෙලා....
මුළු මහත් සමාජයම ඉතා බර පතල ලෙස පිරිහිලා ( කියනා බන බොහෝය අසනා අය බොහෝය රකිනා කෙනෙකු ගම් හතකත් නැති සේයා ) කියල අමරදේවගේ ගීතයක් තියෙනවා 77 න පසුව සියල්ල මුදලට තීරණය කරන සමාජයක අනිසි ප්‍රතිපල මේ ඒවා නිර්මාණය කරපු උන් අද පරලොව ගියත් එම ක්‍රම වේදය අදටත් එදාටත් වඩා ඉතා භයහනක විදිහට අද වැඩි වෙලා අම්ම තාත්ත හඳු නන්නේනැහැ වැඩිහිටියෙකුට ගෞරවයක් නැහැ කරුණාවක් නැහැ මේවා සමාජ ප්‍රශ්න නොවේද කෝ මෙරට නිදහස් කර කියල කෑගහන උන් මොනවද කලේ උන් කලෙත් උන්ගේ මල්ල පුරවා ගත්ත එක දැන් ඉන්න උන් කරන්නෙත් එ්කම තමා .
හොඳ පාඩමක් ඉගැන්නුව නම් හරි ආපහු නොකරන්නම...
මෙතැනදී හොරු ඇල්ලීම පිළිබඳව රට වැසියෝ සතුටු වෙති. මොකද අධිකරණ නියෝග අරගෙන අත්අඩංගුවට පත්වීම වලක්වා නැහැනේ..
මෙම පවුලට අලුතෙන් කිකිලියෝ ටිකක ගන්නත් නැවත ඔවුන් බිත්තර දමන කන් ජිවත් වීමටත් යම්කිසි මුදල් පරිත්‍යාගයක් කිරීමට , ක්‍රමයක් නැද්ද ? බැංකු ගිණුමක් නැද්ද ?