තම අබාධිත දියණිය ඉගෙන ගන්නා පන්තිය පාසලේ තුන් මහල් ගොඩනැගිල්ලක තෙවැනි මහලේ ඇති නිසා පඩි නැගීමට නොහැකි දියණිය මාස තුනක් තිස්සේ ගෙදරට වී සිටින බව කියමින් කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලයයක මවක මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත.
අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම දැරිය සිටින පන්තිය පහළ මාලයේ පන්ති කාමරයකට ගෙන එන ලෙස අවස්ථා කිහිපයක දී ම විදුහල්පතිනියගෙන් ඉල්ලීම් කළත් එය ප්‍රතික්ෂේප කළ බව ද මව මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලේ සදහන්ය.
උපතින් ඇවිදීමට නොහැකි දැරිය රෝද පුටුවක් භාවිත කරන බවත්, එම විද්‍යාලයයට ඇය ඇතුළු කර ඇත්තේ එක ශ්‍රේණියේ දී බවත්, පසුගිය වසරේ දියණිය ඉගෙන ගත් හතේ පන්තිය දෙවැනි තට්ටුවේ පැවතෙද්දී මව සහ පියා ඇය වඩාගෙන උඩු මහලට ගෙන ගොස් ඇති බවත් කියති.
දියණිය වඩාගෙන පඩි නගිද්දි එක් අවස්ථාවක මව ඇද වැටී ඇති බවත්, ඒ නිසා පියා ද රැකියාවෙන් ඉවත් වී දියණිය වෙනුවෙන් කැපවන බවත් එම පාසලේ ආරංචි මාර්ග කියයි.
ඇය අට ශ්‍රේණියට සමත් වූ පසු එම පන්තිය තුන් වැනි මහලට ගෙන ගිය බව ද, අට ශ්‍රේණිය යනු දැනුම් තේරුම් ඇති දරුවන් සිටින පන්තියක් නිසා පියා නිතර පාසල ඒම වළක්වන ලෙස පාසලෙන් දැනුම් දුන් බව ද, වැඩුණු දියණිය උසුලාගෙන මහල් තුනක් නැගීමට මවට නොහැකි නිසා ඇය සිටින පන්තිය බිම් මහලට රැගෙන එන ලෙස ඉල්ලුවත් එය ඉටු නොවූ බව ද පාසල් ආරංචි සදහන් කරයි.
මේ නිසා එම දැරිය මාස තුනක් තිස්සේ නිවසට වී සිටින්නීය.
අබාධිතයන් සඳහා විවිධ පහසුකම් නිර්මාණය කරන තත්ත්වයක එවැනි දැරියක් නිවසට වී සිටීම අපරාධයක් බවත්, ඇය සිටින පන්තිය බිම් මහලට ගෙන එන ලෙස ඉල්ලුවත් විදුහලෙන් යහපත් ප්‍රතිචාරයක් නොලද බවත්, එය එම දියණියගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
එම දැරිය සම්බන්ධයෙන් හැකි ඉක්මණින් පියවර ගත යුතු බව ද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී එම විදුහලේ විදුහල්පතිනිය කීවේ එක ළමයෙක් වෙනුවෙන් එවැන්නක් කළ නොහැකි බවයි.
‘මේ පාසලේ සම්ප්‍රදායක් තියෙනවා. එක ඇවිදින්න බැරි ළමයෙන් නිසා එහෙම කරන්න පුළුවන්ද? ඒ ළමයා ඇවිදින්න බැරිව නිකන් ඕහේ ඇවිත් කාලය නාස්ති කරනවා විතරයි. පන්තිය පහලට ගත්තත් අයිටීවලට එහෙම යන්න බැහැනේ ඒ ළමයට.‘ යැයි ද විදුහල්පතිනිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොළය ඇති හදවතක් නැති විදුහල්පතිනියක්. (ස)
විදුහල්පතිවරුන් මෙහෙමත් කරනවද ? (නදී)
මේ විදුහල්පතිතුමිය මුළු සමාජයටම කැළලක්. (ස)
එක ළමයෙක් වෙනුවෙන් හරි හොඳ දෙයකට පොඩි දෙයක් කරන්න පුලුවන්නම් තමයි හොඳ. ලංකාවේ නැති උනාට ,වෙනත් රටවල අබාධිත අයට තිබෙන වරප්‍රසාද වෙන අයෙක් ප්‍රයෝජනයට ගන්න එකත් දඬුවම් ලැබෙන වරදක් (බ)
මේ විදුහල්පතිනිය වහාම ගෙදර යවන්න ඕනේ මේ දරුවට පන්තිය පහලට ගෙන්න ඕනේ - අයි ටී එකත් පහලට ගේන්න ඕනේ. (ස)
මේකට මම දාපුව ප්‍රචාරය නොකරන්න හේතුව කරුණාකර මට ඉහත ඊමේල් එකට දන්වන්න. මම ඩොක් අයියා (ස)
මේ විදුහල්පතිනියට මුලින්ම මොළය දෙන්න ඕනේ. අයි ටී කියන්නේ අධ්‍යාපනයේ ඉතා සුළු කොටසක් බව තේරුම් කරවල දෙන්න ඕනේ. සෞඛ්‍ය විද්‍යාව ගණිතය ඊට වඩා වටිනා බවත් අයිටී ඇතිවීමට පෙර මේ විෂයන් තිබුන බවත් එම විෂයන් උගත් පිරිස් අයිටී බිහිකළ බවත් මේ මුග්ද විදුහල්පතිනිය තේරුම් ගත යුතුයි. (ස)
ඔය විදුහල්පතිනිය මොලේ ආභාදයකින් පෙලෙන්නියක්. ඔය රැකියාවට සුදුසු නැති කෙනෙක්. (ස)
මේ විදුහල්පතිගේ ළමයාටත් මෙහෙම වුණා නම් ඒ දවසට තේරෙයි. ළමයෙක්ගේ අනාගතයක් එක්ක සෙල්ලම් කරන්න එපා. වෙන රටක හිටපු කෙනෙක් නම් මේවා තේරුම් ගනී. ලංකාවේ ඉන්න ලොක්කන්ගේ ඔලු ඉදිමිලා තියෙන්නේ තනතුරට. (නි)
මුළු පන්තියම පහළ තට්ටුවකට ගෙන්න. (බ)
උඩ තියෙන පන්ති පහතට ගෙනත් විසදුම් සෙවිය හැකිය. අාබාධිතයන්ට සමාජයේ පුරවැසියෙකුට වඩා අයිතිවාසිකම් තියෙන බව මේ විදුහල්පතිය ගේ දැනීමක් නැද්ද. මේ සාරධර්ම මේ පාසලට නොදුන්නොත් මේ පාසල් ළමයි සමාජයේ අාබාධිතයින්ට සලකයිද.(බ)
විදුහල්පතිනියට වෙනම පන්තියක් තියමුද? (නි)
අධ්‍යාපන ඇමැතිතුමනි, මෙම විද්‍යාලයාධිපතිතුමිය සතියක් ඇතුලත මෙම ප්‍රශ්නය විසදුවේ නැත්නම් ගෙදර අරින්න. (බ)
අධ්‍යාපන ඇමතිතුමනි මට එක දවසකට මේ විද්‍යාලය බාරදෙන්න, මේ ප්‍රස්නේ විසඳන්නම්. (ස)
පුදුම විදුහල්පතිනියක් නේ, කිසිම මනුස්ස කමක් නැහැ , අබාධිත අයට පහසුකම් සලසන්න ඕනි, විදුහල්පතිනිය ට ඔහොම දෙයක් වෙච්ච දවසට තේරෙයි (බ)
ආනන්ද හරි. දැරියට තියෙනවා ආබාධ තත්ත්වය එච්චර ලොකු දෙයක් නෙවි විදුහල්පතිට හරි එයාගේ ළමයාට හරි මෙහෙම උනානම් කියවලත් හිතන්න බැරි කුරිරු කාන්තාවක්...(ම)
විදුහල්පතිනියත් ආබාධිත තත්ත්වයට පත්විය යුතුයි (බ)
අනේ! මේ විදුහල්පතිවරුන්ට මනුස්සකමක් නැති හැටි? (නි)
පුදුම විදුහල්පතිනියක්නේ! කිසිම මනුස්සකමක් නැහැ . ළමයෙක්ගේ අනාගතයක් එක්ක සෙල්ලම් කරන්න එපා. (නි)
මේ විදුහල්පතිනියගේ මානව දයාව මේකෙන්ම පේනවා! (බ)
මේ කියා ඇති කතාවෙන්ම පේනවා විදුහල්පතිවරියගේ ස්වභාවය. මම නම හිතන්නේ මානව හිමිකම් කොමිසම හෝ වෙනත් සුදුසු බලධාරියෙකුගේ අවසර ඇතුව මේ දියණිය මානුෂික ගුණාංග සහ යමක් තේරුම් ගැනීමේ හැකියාව ඇති විදුහල්පතිනියක් සිටින වෙනත් පාසලකට ඇතුළත් කිරීම තමයි හොඳම දේ. (නි)
දැරිය ආබාධිතයි විදුහල්පතිනිය මන්ද බුද්ධිකයි (බ)
දරුවෙකුගේ අයිතියක් නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගැනීම. දරුවා ආබාධිත වුනා හෝ නොවුනා කියල කිසි කෙනෙක්ට බෑ දරුවෙක්ගේ ඒ අයිතිය වලක්වන්න. මේ විදුහල්පති තුමිය අතිදුෂ්කර සේවයට මාරු කල යුතුයි. (ර)
අප්‍රසන්න විදුහල්පතිනියක්, පාසලකට සුදුසු නෑ. මුළු සමාජයටම කැළලක්. (ස)
අධ්‍යාපනය කියන්නේ මිනිස් අයිතිවාසිකමක් කියා නොදන්න,විදුහල්පතිවරු, නිලධාරීන්,දේශපාලඥයින් මෙන්ම සාමාන‍්‍ය ජනතාවක්ද සිටින ලංකාව වැනි රටක මෙවැනි දේ සිදුවීම අසාමාන‍්‍ය නොවේ...තම තමන්ගේ අභිවෘද්ධිය තකා අනෙකා තලාපෙලා දමන සමාජයක මෙවැනි දේ එකම එක උදාහරණයක් පමණි. ශ්‍රී ලාංකික පෞඪත්වය,සංස්කෘතිය,ආගමදහම ගැන මහ ඉහළින් කෑමොර දෙන්නවුන්ට,ආගමක් දහමක් නොතකන,එතරම් පැරණි පෞඪ ඉතිහාසයක් නොමැති දියුණු රටවලින් මානව දයාව,මෙලොව උපතලද යමෙකුට ජීවත්වීමේ අයිතිවාසිකමක් තිබෙන බවට පාඩම් ඉගෙන ගැනීමට කාලය එළඹ ඇත.....(බ)
100% ට 100% ක් ම වගකීම විදුහල්පතිනිය අතේ. ඇය සුදුසු පහසුකම් මේ දරුවට සැපයිය යුතයි. ඇය කොහොමද මේ විදිහට කතාකරන්නේ. (ර)
මේ කියා ඇති කතාවෙන්ම පේනවා විදුහල්පතිවරියගේ ස්වබාවය. මම නම හිතන්නේ මානව හිමිකම් කොමිසම හෝ වෙනත් සුදුසු බලධාරියෙකුගේ අවසර ඇතුව මේ දියණිය මානුෂික ගුණාංග සහ යමක් තේරුම් ගැනීමේ හැකියාව ඇති විදුහල්පතිනියක් සිටින වෙනත් පාසලකට ඇතුලත් කිරීම තමයි හොඳම දේ. (ර)
පන්තිය ඉහලට යනවිට තට්ටුව පහලට එන ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන්නේ. (ර)
මේ වගේ විදුහල්පතිවරු නිසා පීඩාවට පත්වන්නේ අපේ අනාගත දරුවන්. ඉතින් කොහොමද සමාජයට යහපත් පුරවැසියන් බිහිවෙන්නේ. (ර)
අධ්‍යාපන ඇමැතිතුමනි, අධ්‍යාපනය පරිපාලනය නිලදධාරින් පත්කිරීමේදී නිර්නායකයන් පිළිබඳ සැළකියයුතු කාලයයි. (ර)
මෙහෙමත් ගුරුවරු. මෙයා අන්තිමට කියලා තියෙන වගන්තිය දැක්කම... (ර)
කනගාටුයි ඇත්තටම (දී)
ජනාධිපති තුමා වෙත කෙලින්ම සම්බන්ධ වෙන්න. විදුහල් පතිනිය දරුවාගේ මුලික අයිතිවාසිකම් කඩා තිබෙනවා. (දී)
මෙම විදුහල්පතිනිය 2006 දී පනවන ලද පොදු ස්ථාන වලට පිවිසීමේ පහසුකම් පිලිබද නීතිය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 221/2009 දරණ මානව හිමිකම් නඩුවේ නියෝග කඩ කොට තිබෙනවා. එය බරපතල වරදක්. (ර)
අප්‍රසන්න විදුහල්පතිනියක්. (ස)
මෙම විදුහල්පතිනියට විරුද්ධව උසාවියේ නඩු දැමිය යුතුයි (දිල්)
මෙම ළමයට පහසුකම් සලසා දෙන්න.විදුහල්පතිනියට එරෙහිව නිතිමය පියවර ගන්න (දිල්)
මේ වගේ කිසිම දැනුමක් තේරුමක් නැති, වගකීමක් නැති, අබාධිතයන් සඳහා තිබෙන අයිතිවාසිකම් ගැන අවබෝෙධයක් නැති ගුරුවරු විදුහල්පතිවරුන් කලාම වෙන දේවල් තමයි මේ. මේ විදුහල්පතිනියගේ හැසිරීම පිළිබඳව නිතිමය පියවර ගත යුතුයි (දිල්)
මේ විදුහල්පති මේවට පත්වුණේ කොහොමද කියලා හිතාගන්න බෑ.කියලා තියෙන කතාවෙන්ම තේරනවා මොලේ තරම(දිල්)
විදුහල්පතිනියව එල්ලන්න ඕනි. (ස)
ටෙහාන් දැරිය දෙපා නැතත් දෙපින් නැගීසිටින්න වෙර දරන්නේ ලොවට බරක් නොවී ඉදිරියට යන්න. (ස)
විදුහල්පතිනිය වැරදියි (දී)
මුළු පංතියේම ළමයි ඉන්නේ හුගාක් පහළ තට්ටුවක කියලයි මට හිතෙන්නේ .නැත්තම් ඒ අබාධිත දරුවට ඔය තට්ටු දෙක තුන උඩට යටට යන්න බැරි වෙන්නේ වෙන්නේ නැ කොහොමත්..(ස)
මේ විදුහල්පතිගේ ෆෝන් නම්බරේ නැතිද? හොඳවයින් දෙකක් කතාකරන්න. (ස)
හොද දෙයකට සම්ප්‍රදාය වෙනස් කරන්න බැරි විදුහල්පතිලා මොකටද? (ර)
අනේ අනිච්චං සංසාරේ! මෙබඳු විදුහල්පතිවරු යටතේ හදවතින පෝෂණය වුණ ළමුන් බිහිවේද? (නි)