පාරිභෝගික අධිකාරිය භාණ්ඩ තුනක නිශ්චිත මිලක් අද (19) නියම කළේය.
ඒ අනුව කිරි තේ කෝප්පය රුපියල් 25කි.ආප්පය රුපියල් 10කි.ප්ලේන්ටිය රුපියල් 10කි
පාරිභෝගික අධිකාරිය භාණ්ඩ තුනක නිශ්චිත මිලක් අද (19) නියම කළේය.
ඒ අනුව කිරි තේ කෝප්පය රුපියල් 25කි.ආප්පය රුපියල් 10කි.ප්ලේන්ටිය රුපියල් 10කි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත ආප්පයේ අවම බර ග්‍රරෑම් කීයද? කිරි තේ වල කිරි සහ තේ අතර අනුපාතය සහ මිලි ලීටර ගණන. ප්ලේන්ටියේ මිලිලීටර ගණන සහ කහට ප්‍රමාණය සදහන් කොලොත් බෙහෝම පිං (නදී)
ආප්ප කාල කෝපි බීලා ආණ්ඩුවක් පෙරලපු සතුටට කරපු උපහාරයක් .(නදී)
හොද දෙයක්. (ර)
වියදම ගැන හිතලා ආප්පයක් කාල තේ එකක් බීල අපි නිරෝගී පරපුරක් බිහිකරමු. (ර)
පමාවෙලා හරි ඉතාම හොඳ තීරණයක් ගෙන ඇත. මේ දේවල් වලින් සියයට දෙසියයක පමණ ලාබයක් ලබා පාරිබෝගික ජනතාව මංකොල්ල කන්න තවත් බැරිවේවි (නදී)
එතකොට බිත්තර ආප්පයක් කියක් වෙනවද? (ර)
බලන්නකෝ පරණ ගානටම දෙයි. නැත්නම් ආප්පේ පොඩි වෙලා තේ බාගයක් වෙයි. (ර)
විජයබාහු, සෙමින් නමුත් යහපාලන නැව යනවා නේද.? (ර)
කිරි තේ කෝප්පය එල කිරිද? ටින්කිරිද? ආප්පය හාල් පිටිද? පාන් පිටිද? තේ කෝප්පය ඉඟුරු දාලද? නැත්ද? (ර)
එතකොට කළු කෝපි එකක් කීයද?(දිල්)
ආප්ප වල ගාන නම් හරි එතකොට කළු කෝපි වලට නියමිත මිලක් නැතිද?(හේ)
සමන්තිට අමු කැවිලද ? නැද්ද? (නදී)
සමන්ති ඔයා මේ එවලා තියෙන්නේ. අම්මගෙන් අහලම බලන්නකෝ (නදී)
අාප්පේ හාල් පිටිද පාම්පිටිද කියල කියන්නකෝ (නදී)
ඒ ගානටම අප්පත් පොඩි වෙයි.(හේ)
ඔය ගානට දෙන්න වෙන්නේ උණු වතුරට කහට දාල තමයි! මේකත් නිකන් අර සිමෙන්ති ගාන අඩු කළා වගේ තියේවි. කොහෙවත් නෑ කියපු ගානට අන්තිමට!(දිල්)
අන්න හොද වැඩක්.(හේ)
කොච්චර කරත් ඔය ගාණන අඩු වෙන්නේ නෑ.(හේ)
එතකොට මේක ජැකුලයින් අක්කගේ කෑම සුත්‍ර එකටත් බලපානවා නේද? මොකද එ්කේ ආප්පයක් රු 200ක් වෙනවනේ. (නදී)
බත් ටිකටත් සමිමත මිලක් දුන්නොත් නේද හොද ඔය අාප්පයයි කිරි තේ එකයි තේ එකටයි වඩා එ්කට මිලක් නියම කිරිම වටිනවා (බ)
අාප්පා කාල දැන් තමා දිරවන්නේ (නදී)
ශාන් ආප්ප හැම හොටලේම තියනවා ගලදාරි සිනමන් ලේක් වගේ එ්වා වලත් තියනවා. හැබැයි ඕක එ්වට අදාල නැතුව ඇති.(හේ)
දුමින්ද අපේ මිනිස්සුන්ට ඇත්ත නොතේරෙන තාක් කල් හිමින් හිමින් යයි.(හේ)
ලංකාවේ කෑම මිල ගණන් අහල මට දාඩියත් දැම්ම. මේ විදියට වියදම් කරන්න කෙනෙකුගේ අදායම කොපමණක්ද. මම ඉන්න රටේ බනිස් 12ක පැකට් එකක් යුරෝ ශත 85 කට ගත්තැකි. (බ)
එතකොට අර 200 අාප්පෙට සම්මත මිලක් දෙන්නේ නැද්ද?(හේ)
මේ සම්මත මිල වැඩියි.(හේ)
ඔය මිල ගණන් සමහර මන්දිරවල ආප්ප වලටත් බලපානවද? (නි)
ගිය මාසයේ මාසික වැටුපෙන් පසු එම මුදලින් සපුරාගත් මාසිකා අවශ්‍යතාවනුයි අද එම මුදලින් සපයා ගත් අවශ්‍යාතවලයි විශාල වෙනසක් බඩු මිල සිඝ්‍රයෙන් ඉහළට ගිහින් ඔය මොනවට පාලන මිලක් දැමිමත් වැඩක් නැ අත්‍යවශය විෂයයන් සදහා පාලන මිලක් දුන්නේ නැතිනමි. පාලන මිලක් නියම කලත් වැඩක් නෑ එය ක්‍රියාවෙි නොයේදේ නමි. දැන්නමි සැමියට අමතරව බිරිදත් වැඩට යවා සවස් වරැවෙි පාසැල නිමවි දරැවනුත් වැඩට යැවිමෙි කාලය උදාවෛයි වගේ (බ)
එතකොට අර කොළඹ පැත්තේ එක කඩේක තිබෙන රුපියල් 250 බිත්තර ආප්පයත් මේ ගණනට අඩුවෙනවද? (නි)
ගමේ කඩවල තේ යාරයක් කීයද? (කෝප්පයෙන් කෝප්පයකට දැමීමේදී තේ යාරයක් බලාගන්න පුළුවන්. ) (නි)
මේක නම් දුප්පත් ජනතාවට ලොකු සහනයක් (නි)
තේ එකක් සදහා මිල නියම කරන්න පෙර රුපියල් 25 හේ තේ එකක අන්තර්ගතය සදහන් කරන්න. කිරි රසට කිරි තේ එකක්ද දිය රසට කිරිතේ එකක්ද. කෝප්පයේ ප්‍රමාණය. පිටි හැදී කීයක්ද. ඒ සදහා යොදාගත් තේකොල වල වටිනාකම. උනු වතුරෙන්ද අැල්වතුරෙන්ද යන්න සදහන් කලයුතුයි. එවිට කඩ හිමියා කල හැකිද නොහැකිද කියලා තීරණය කරයි. පාරිබෝගිකයටත් තේ එකේ තත්වය ගැන විමසිලිමත් වීමට එවිට ඉඩක් ලැබෙනවා. (නදී)
දැන් ආප්පයක් කාලා තේ එකක් බීලා අපිට ඉන්න බැරියෑ (නි)