ගංවතුරින් හා නායයෑම්වලින් පීඩාවට පත් වූ ජනතාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා පසු ආපදා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සකසා ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා අද (24) පැවැසීය.
ආපදා තත්ත්වලට පත්ව සිටින පිරිස්වලට කායිකව මෙන්ම මානසිකව පීඩාවට පත්ව සිටින බවත් ඔවුන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම සඳහා දැනට ආපදා මධ්‍යස්ථානවල සායනික කටයුතු සිදු කෙරෙන බවත් ඉදිරියේදී පසු ආපදා වැඩසටහන් යටතේ තවදුරටත් වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද වෛද්‍යවරයා පැවැසීය.
‘ගංවතුරෙන් පසු ළිං ක්ලෝරීණිකරණය පිළිබඳ උපදෙස් ලබා දී ඇතැයි ද ඒ සම්බන්ධ තොරතුරු දැක්වෙන පත්‍රිකා ජනතාවට අතට පත් කිරීමට කඩිනම් පියවර ගන්නේ යැයි ද ජාතික රෝහලේ ආපදා සම්බන්ධීකාරක වෛද්‍ය හේමන්ත හේරත් කීවේය.
“ පිරිසුදු කිරීම් සඳහා අවශ්‍ය බ්ලීචින් කුඩු (ඔක්‍ඛ), ක්ලෝරීන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ලබාගත හැකි බවද පිරිසුදු පානීය ජලය ලැබෙන්නේ නැතිනම්, ජලයට ක්ලෝරීන් යොදා විනාඩි 30කට පසු භාවිතයට ගන්නා ලෙසද ක්ලෝරීන් පෙති භාවිතයේදී, ජලය ලීටර පහකට එක් ක්ලෝරීන් පෙත්තක් යොදන ලෙසද ඔහු කීවේය.
‘වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ජලය රැඳෙන තැන් පිරිසුදු කරන්න. ඒ වගේම වැසිකිළිය හොඳින් පිරිසුදු කරගන්න. විසබීජ නාශක යොදාගන්න. අවසානයේදී එක්රැස් කළ කුණු කසල නිසි පිරිදි බැහැර කරන්න. ” යැයිද වෛද්‍යවරයා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආපදාවට ලක්වූවන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමට පියවර
ලංකා Wednesday, 25 May 2016 10:37 AM
මම ඉන්නේ කොටීකාවත්තේ, මේ කියන ආණ්ඩුවේ මැදිහත්වීම තියෙන්නේ මාධ්‍ය වල විතරයි. කුණු ඉවත් කරන්න ක්‍රම වේදයක් යොදල නැහැ. තැන තැන කුණු කඳු පලවෙලා ගඳ ගහනවා. පහුගිය දවස්වල ඡන්ද කැම්පේන් කරපු මනාප එකතු කරපු දේශ භක්ෂකයෝ පේන්නවත් නැහැ. (බ)
දනුක් Wednesday, 25 May 2016 02:35 AM
වැට් බදු සම්පුර්ණයෙන්ම ඉවත් කරලා බස් ගාස්තු, කන බොන දේවල් අඩු කරන්න. බොරුවට මන්ත්‍රී පර්මිට් වලට කෝටි ගණන් වියදම් කරන්න එපා. (නි)