(හර්ෂණ තුෂාර සිල්වා)
ගංවතුර හා නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 122 බව වාර්තා වෙද්දි ආපදා කටයුතුවලට සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය සෙනසුරාදා 27 දිනයේදී ජාත්‍යන්තර සහාය පැතීය.
තවමත් පුද්ගලයන් 93 දෙනකු අතුරුදන්ව ඇතැයි රාජ්‍ය මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළ අතර මෙම වර්ෂාව 2003 වසරේ ඇතිවූ වර්ෂාවෙන් පසු වාර්තා වූ ප්රබලතම වර්ෂාව යැයිද වාර්තා වේ.
තත්ත්වය සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ අසල්වැසි රටවලින් සහාය ඉල්ලා සිටි බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. විශේෂයෙන්ම සෙවුම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබේ. ඉන්දියාව ආධාර සහ අවශ්‍ය සැපයුම් සහිතව එරට නාවික හමුදාවට අයත් නෞකා තුනක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබූ අතර ඉන් පළමු වැන්න අද (සෙනසුරාදා) දිනයේදී කොළඹ වරායට පැමිණියේය.
කළුතර, මාතර හා රත්නපුර යන දිස්ත්‍රික්කවලින් අද දිනයේදීත් මරණ වාර්තා වූ බව බලධාරීහූ පැවසූහ. ත්‍රිවිධ හමුදාව සහ මුදා ගැනීමේ කණ්ඩායම් බෝට්ටු සහ හෙලිකොප්ටර් යොදා ගනිමින් සහන සේවා සැපයීමේ හා මුදා ගැනීමේ කටයුතුවල නිරත වූවද එහෙත් ඇතැම් ප්‍රදේශවලට පිවිසීම දුෂ්කර බව නිලධාරීහූ ප්‍රකාශ කළහ.
සාමාන්‍යයෙන් මැයි මස අගදී ආරම්භ වන නිරිත දිග මෝසම් වර්ෂාව මෙවර ආරම්භයේදීම ඉතා දැඩි ඝනත්වයකින් ඇදහැළිණ. ඒ හේතුවෙන් දිවයින පුරා ලක්ෂ 5 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති අතර බොහෝ පිරිසකට තම නිවෙස් අතහැර දමා යෑමට සිදුවී තිබේ.
ඉකුත් බ්‍රහස්පතින්දා (25) ශ්‍රී ලංකාවට ඇතිවූ වර්ෂාව 2003 වසරෙන් පසු ඇතිවූ ප්රබලතම වර්ෂාව යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළද අතර ඉදිරි දින කිහිපයේදීද වර්ෂාව ලැබිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තරය දන්නවා නම් මිනිස්සු ගංවතුරේ ගහගෙන යද්දිත්.... වාහනවලටයි, ප්‍රභූ නිවාස අලුත්වැඩියාවටයි කෝටි ගණනක් ඉල්ලලා,... ඊයෙත් පාර්ලිමේන්තුවට ඇස්තමේන්තු ඉදිරිපත් කළා කියලා නම් ආරංචියි.
වාහන ගන්න නම් සල්ලි තියෙනවා. ඔය කෝටි 70 ම මිනිස්සුන්ට වියදම් කරලා ආධාර වලින් පස්සේ වාහන ගත්තානම් ඉවරයිනේ..
නරකද වාහන ගන්න වියදම් කරන මුදල් මේවට වියදම් කරන්න බැරි මොකද?
අපේ රටට විදේශ ආධාර නවත්වන්න කියන්න ඕනේ... හේතුව ඒ මුදල්වලින් පාලකයෝ කරන්නේ රටේ සංවර්ධනය නොව සුපිරි වාහන ගැනීමයි.
විදේශ ආධාර ඉල්ලන්නෙ ආපදාවට මුහුණදුන් මිනිසුන්ට සහන සලසන්නද? නැත්තන් මැති-ඇමතිවරුන්ට වාහන ගන්නද?
කරුණාකර විදේශ වලින් ආධාර ඉල්ලන්නට කලින්... මන්ත්‍රීවරුන්ට නැවත නැවත කාර් ගන්න එක නවත්වා..., ඒ මුදල් ආපදා කටයුතුවලට වලට යොදන්න.
මෙච්චර විනාශයක් වෙලත් තාම ඉන්දියාවෙන් විතරයි උදව් කරන්න ආවේ..කෝ අර බටහිර රටවල මිත්‍රයෝ? සද්දයක්වත් නෑනේ...
අහිංසක මිනිස්සුන්ගේ හාල් ඇටයේ ඉඳල එකතුකරන බදු සල්ලි වලින් ඇමතිවරුන්ට වාහන අරගෙන... අාපදාවලට සහන දෙන්න විදේශ ආධාර ඉල්ලමු.. නැත්තං ඒකත් අහිංසක මිනිස්සුන්ගෙන්ම එකතුකරමු.
අාපදා අරමුදලක් රජය මගින් දේශීයවත් ආරම්භ කළොත් නරකද?
මොකටද විදේශ ආධාර... ඇයි වෙන්කරපු සල්ලි ටික ඇතිනේ...?
ලකෂ්මන් කිරිඅැල්ල මහත්තයාගේ කාර් ගන්න මුදල් වෙන්කිරිම දැක්කම සතයක් වත් දෙන්න හිතදේවිද මන්දා ?
අනේ මෙහෙමත් පාලකයෝ ඉන්න රටක්... ඔය වාහන ගන්නයි,..නිල නිවාස අළුත්වැඩියා කරන්නයි දාපු පරිපූරක ඇස්තමේන්තු අයින් කරගෙන, ඒ මුදල් මේ විපතට පත් වූ ජනතාව ගලවා ගන්නයි.., ඔවුන්ට පහසුකම් සපයන්නයි..., යොදා ගන්න පුළුවන්කම තිබියදී ජාත්‍යන්තරයට අත දික් කරන්නෙ ජාතියේ අභිමානය කොහේට දාලද?
අන්න මේක නම් හොඳ දෙයක් අපේ රටට උදව් කරනවා නම්....
ගලන ගංවතුරක් ඔය පාර්ලිමේන්තුව වට කරගෙන ගලල හැදී ගාවිලම ගියානම් මම කියකින් හරි ආධාර කරනවා.ඒ රටට පිළිකාවක් වෙලා ඉන්න අවුන් ටික "සෙට්ට පෝච්චි" වෙලාම ගියා කියල හිත හදාගෙන .